(18 වන සංශෝධනය) බිය වන්නේ කුමටද?

Feb 16, 2010
265
34
0
(18 වන සංශෝධනය) බිය වන්නේ කුමටද?

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 18 වන සංශෝධනය සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය තමන්ට ඇති බව ආණ්‌ඩුව කියයි. එ.ජා.ප.යේ මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසක්‌ ද මෙම සංශෝධනයට පක්‍ෂව සහාය දෙන බව දැනගන්නට තිබේ. අපට පෙනෙන හැටියට එ.ජා.ප.යේ අර්ල් ගුණසේකර, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, අබ්දුල් කාදර්, මනුෂ නානායක්‌කාර යනාදීන් මෙයට කෙළින්ම පක්‍ෂය. ඊට අමතරව එම පක්‍ෂයේම තවත් පස්‌දෙනකු පමණ රහසින් පක්‍ෂ ය. මහජන එක්‌සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන ද පක්‍ෂය. මුස්‌ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් ද පක්‍ෂය. ලංකා සම සමාජ පක්‍ෂයේ තිස්‌ස විතාරණ මන්ත්‍රීතුමා පක්‍ෂ යá විපක්‍ෂය. වාසුදේව නානායක්‌කාර පක්‍ෂයá විපක්‍ෂය. ඒ අතර විපක්‍ෂයේ ඇතැම් කුඩා කණ්‌ඩායම් ජනාධිපති මහින්ද රාජපක්‍ෂට විරුද්ධව තැන තැන කුඩා "පිපිරවීම්" කරන බව දක්‌නට ලැබේ. විරුද්ධ විය යුත්තේ ව්‍යවස්‌ථා සංශෝධනයට නම් එයට පහර නොදී ඒ වෙනුවට මහින්ද රාජපක්‍ෂට පහර ගැසීමට යැමෙන් පෙනී යන්නේ එකී කුඩා කණ්‌ඩායම් ඉතා කාලකණ්‌නි ලෙස දුර්වලව සිටින බවය. ව්‍යවස්‌ථා සංශෝධනය මුවාවෙන් ජනාධිපති රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ යනාදීන්ට පහර දෙන විට එම පවුලට එරෙහිව ඇති පුද්ගලික ඉරිසියාව මතුවෙයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් පසු බැසිල් රාජපක්‍ෂ මීළඟ ජනාධිපති වනු ඇතැයි මේ රටේ ඇතැම් විපක්‍ෂ කණ්‌ඩායම් තුළ මෙයට කලකට පෙර සැකයක්‌ ඇති විය. එවිට ඔවුහු බැසිල් රාජපක්‍ෂට පහර දෙන්නට පටන් ගත්හ. එයින් ප්‍රතිඵලයක්‌ නොදුටු තැන ගෝඨාභය රාජපක්‍ෂට පහර දෙන්නට පටන් ගත්හ. දැන් ඔවුහු ඒ දෙදෙනාව අත්හැර නාමල් රාජපක්‍ෂ දෙසට හැරී සිටිති. ඇතැමකුගේ මතය වන්නේ නාමල් රාජපක්‍ෂ ජනාධිපති පුටුවට යන ගමන සුරක්‍ෂිත කරනු සඳහා මේ ව්‍යවස්‌ථා සංශෝධනය කෙරෙන බවය. මෙබඳු මනෝමූල තර්ක නිසා විපක්‍ෂයේ අරමුණ සම්පූර්ණයෙන්ම බැහැරව යයි. ඒ මගින් සිදුවන්නේ ජනාධිපති රාජපක්‍ෂ තව තවත් ශක්‌තිමත් වීම පමණක්‌ බව මේ මෝඩ ප්‍රජාවට නොවැටහේ. ව්‍යවස්‌ථා සංශෝධනයට විරුද්ධව 8 වැනිදාට ජනතාව වීදි බස්‌සවා උද්ඝෝෂණයක්‌ කරන බව දයාසිරි ජයසේකර නමැති එ.ජා.ප. මන්ත්‍රීතුමා කියයි. සාමාන්‍ය ජනතාවට ව්‍යවස්‌ථා සංශෝධනයෙන් වැඩක්‌ නැති නිසා මේ උද්ඝෝෂණයට එක්‌වනු ඇත්තේ එ.ජා.ප.යේ සහ ජ.වි.පෙ ක්‍රියාකාරිකයන් ස්‌වල්පයක්‌ පමණි. නව සිහළ උරුමයේ නායකයා පසුගිය දිනක කීවාක්‌ මෙන් මේ උද්ඝෝෂණය කළ යුත්තේ සිරිකොත ඉදිරිපිටදීය. තම මන්ත්‍රීවරුන් පරෙස්‌සම් කර ගැනීමට එ.ජා.ප.යට නොහැකි විය.

කිසියම් පාලකයකු ඒකාධිපතියකු ලෙස පරම්පරා ගණනාවක්‌ම රට පාලනය කරන්නේ නම් මේ පුවත්පත එයට තරයේම විරුද්ධය. එහෙත් කිසියම් නායකයකු මහජනතාවගේ කැමැත්ත පරිදි සර්වජන ඡන්ද බලයෙන් තේරී පත්වී රට පාලනය කරන්නේ නම් එයට විරුද්ධ වීමට කිසිවකුටත් නොහැක. අපි තිස්‌ අවුරුදු යුද්ධයක්‌ නිසා බිමට කඩා පහත් වූ රටක්‌ වෙමු. මේ රට ගොඩ දැමීමට තවත් වසර 15 ක්‌වත් වුවමනාය. ඒ වසර 15 තුළ එක්‌ අවංක නායකයකුට රට පාලනය කළ හැකි නම් සංවර්ධනය පිළිබඳ මූලික සැලසුම් සහ ප්‍රතිපත්තිවල ගැටීමක්‌ ඇතිවන්නේ නැත. අවුරුදු හතෙන් හතට හෝ දාහතරෙන් දාහතරට පාලකයා හෝ ආණ්‌ඩුව වෙනස්‌ වන්නේ නම් මේ රටේ අධ්‍යාපනයට සිදු වූ දෙයම සංවර්ධනයටත් සිදුවනවා ඇත. 1970 දී බලයට පත් සමගි පෙරමුණු රජය නව අධ්‍යාපන ක්‍රමය යනුවෙන් අලුත් විෂය මාලාවක්‌ හඳුන්වා දුන්නේය. 1977 දී බලයට පත් ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා මෙය වෙනස්‌ කරමින් ශිෂ්‍ය පරම්පරාව අනාථ භාවයට පත් කළේය. 1994 දී බලයට පත් චන්ද්‍රිකා රජය ඡේ. ආර්. ගේ අධ්‍යාපන ක්‍රමය සංශෝධනය කළේය. ශිෂ්‍ය පරම්පරාව යළි නන්නත්තාර විය. 1970 පටන් අධ්‍යාපනය වක්‍රාකාර දේශපාලන පළිගැනීමකට ලක්‌විය. ආණ්‌ඩු හා ජනාධිපතිවරුන් විටින් විට මාරු වී යැමෙන් සංවර්ධනය ද අච්චාරු වන්නට ඉඩ තිබේ. අලුත් ආණ්‌ඩුවක්‌ පත් වූ සැනින් පෙර ආණ්‌ඩුව කළ සියලු නරක දේට මෙන්ම හොඳ දේට ද පහර දෙනු ලැබේ. එබැවින් මේ රට යළි ගොඩදමනතුරු සෑහෙන කාලයකට එක ශක්‌තිමත් අවංක නායකයකු අවශ්‍යය. විපක්‍ෂය තමන්ට දෙවන පෙළේ නායකත්වය නැතිවීම වෙනම ප්‍රශ්නයක්‌ ලෙස සලකා උත්තර සොයාගත යුතුය. කෙසේ වුවද ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පසු වුවද ජනාධිපති තෝරා පත්කර ගැනීම ඉදිරියේදී ද ඡන්දයෙන්ම සිදු වන නිසා කිසිවකු බිය වී ඝෝෂා කළ යුතු නැත. කිසිවකු එසේ ඝෝෂා කරන්නේ නම් එය පුද්ගලික ඉරිසියාව පදනම් කරගත් කාරණයක්‌ ලෙස සැලකිය හැකිය.
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දඹදිව ගිහිල්ල වන්දනා මාන කරාට වැද්දගෙ ගතිගුණ අත ඇරියෙ නැත්තම් වැද්ද වැද්දම තමා.අයි ලව් යූ සෝ මච් කියල 18 බදා ගන්න පෙරේතයො බය වෙන්නෙ මොකටද?රටේ අනිත් මිනිස්සුනෙ බය වෙන්ඩ ඕනෙ.
     
    Feb 16, 2010
    265
    34
    0
    කොන්ද පණ නැති පොන්ටින්ලා රෙප් දීලා.....
    කෙලින් කතා කරන්න බැරි හිවලුනේ.... තොපිලා වගේම තමයි එ.ජා.පෙත් ජ.වි.පෙත්.... කොන්දක් නැති කොටළු රෑන....

    28jfw9k.jpg
     
    Feb 16, 2010
    265
    34
    0
    දඹදිව ගිහිල්ල වන්දනා මාන කරාට වැද්දගෙ ගතිගුණ අත ඇරියෙ නැත්තම් වැද්ද වැද්දම තමා.අයි ලව් යූ සෝ මච් කියල 18 බදා ගන්න පෙරේතයො බය වෙන්නෙ මොකටද?රටේ අනිත් මිනිස්සුනෙ බය වෙන්ඩ ඕනෙ.

    මචන් මට කියනවද ඇයි උබ විරුද්ද මේකට කියලා???
     
    Feb 16, 2010
    265
    34
    0
    MR thun paarak aawatannam kamak neee.. eeth kawadaa hari naraka ekek aawoth ,..?

    මචන් ජනාධිපති කොහොමත් තෝරන්නේ මහජන චන්දෙකින් තමයි.....
    ඉතින් ඇයි බය වෙන්නේ???
     
    Feb 16, 2010
    265
    34
    0
    උඹලට හෑබෑටම තේරෙණ්නේ නෑද්ද මහින්ද මිනිස්සුනේ ප්‍රශ්න පෑත්තකට දාල උගේ ප්‍රශ්න විසදගෙන යනවා කියලා...

    :no: :no: :no: :no:

    හරි එහෙමයි කියමුකෝ.... ඉතින් එකෙන් රටට වෙන හානිය කියනවද???
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    kathawa atha janathaw kamathinam MR oya kalayak hitiyata kamak na habai ithin janathawa kamaithida kiyana eka thamai prashne :D

    mee kale thiyana chanda kochara nithyanukulada kiyana eka anith prashne !
    chanda prathishathaya dakama ithin therenawa rate minissu kochchara kalakiriliada inne kiyala

    rate inna okkoma paksha karanne balayata eeme satanak nathuwa ratata kagewath kisima adarayak peenne na ! MR uth ekai UNP ekath ekai JVP ekath echcharama thamai

    rate mnissunta baduma thamai
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රාවණා;8231654 said:
    මචන් මට කියනවද ඇයි උබ විරුද්ද මේකට කියලා???
    ඕක ජනමත විචාරණයකට දාපන්.අපි කියන්නේ එච්චරයි...
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    රාවණා;8231672 said:
    හරි එහෙමයි කියමුකෝ.... ඉතින් එකෙන් රටට වෙන හානිය කියනවද???

    ඈයි බන් ඕක කරන්න ඉස්සෙල්ලා තව කොච්චර ඒව කරන්න තියනවනේ.ඒ වෑඩ ටික කරලා දෙවනි වාරෙ ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා ඕක කරන්න තිබ්බනේ,එතකොට මහින්ද ඔය කියන විදිහට රට රත්තරන් විදිහට පාලන කළාම නිකම්ම ඕකත් සම්මත වෙලා ආපහු ඡන්දෙත් දිනන්න පුලුවන්නේ.ඈයි මේ හදිස්සි,ඉස්සරහට කරන්න ඉන්න වෑඩ වලින් මහිදගේ ජනප්‍රිය කම යයි කියලද??
    :no: :no: :no: :no:
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    රාවණා;8231666 said:
    මචන් ජනාධිපති කොහොමත් තෝරන්නේ මහජන චන්දෙකින් තමයි.....
    ඉතින් ඇයි බය වෙන්නේ???

    mahajanaya vote karannee minihiawa dena gena nemei.. TV eken eyaagee guna kiyana nisaa.. elect unaata passsee eyaagee balathala use karalaa 3 paarak unath inna puluwan.. apee ratee minissuu leesiyen rewatenawaa.. leesiyen vote karanawaa.. vote karannee principles walata nemei.. bath packet ekata..
     
    Feb 16, 2010
    265
    34
    0
    ඕක ජනමත විචාරණයකට දාපන්.අපි කියන්නේ එච්චරයි...

    යකෝ ජනමත විචාවණයකට කෝටි 1000ක් වියදමක් යනවා... උබලම නේද කෑගහන්නේ සල්ලී නාස්ති කරන්න එපා කියලා....
    අනිත් එක මීට මාස 4කට කලින් අපි දුන්නේ ජන මතය තමයි....
    මම අහපු දේට උත්තර දීපන්.. ඇයි උබ මේකර විරුද්ද???
     
    Feb 16, 2010
    265
    34
    0
    ඈයි බන් ඕක කරන්න ඉස්සෙල්ලා තව කොච්චර ඒව කරන්න තියනවනේ.ඒ වෑඩ ටික කරලා දෙවනි වාරෙ ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා ඕක කරන්න තිබ්බනේ,එතකොට මහින්ද ඔය කියන විදිහට රට රත්තරන් විදිහට පාලන කළාම නිකම්ම ඕකත් සම්මත වෙලා ආපහු ඡන්දෙත් දිනන්න පුලුවන්නේ.ඈයි මේ හදිස්සි,ඉස්සරහට කරන්න ඉන්න වෑඩ වලින් මහිදගේ ජනප්‍රිය කම යයි කියලද??
    :no: :no: :no: :no:

    ඉතින් බන් ජනප්‍රිය කම ගියාම චන්දේ පරදින බව දන්නේ නැද්ද??? අනිත් එක චන්දෙකින් තමයි කීවෙනි පාර හරි දිනන්න ඕනේ.... මචන් තමාට වාසි වන වෙලාවට තමයි ඕක ඕන එකෙක් කරන්නේ...
    මචන් එක්සත් ජාතික් පක්ෂෙ නායකයව පත් කරන්නේ චන්දයක් වත් තියන්න උන්ගේ ව්‍යවස්ථාව අනූව බෑ... උන් මේ කට විරුද්ද වෙන්න ඉස්සෙල්ලා උන්ගේ පක්ෂේ ව්‍යවස්ථාව හදාගන්න ඕනේ..
     
    Feb 16, 2010
    265
    34
    0
    mahajanaya vote karannee minihiawa dena gena nemei.. TV eken eyaagee guna kiyana nisaa.. elect unaata passsee eyaagee balathala use karalaa 3 paarak unath inna puluwan.. apee ratee minissuu leesiyen rewatenawaa.. leesiyen vote karanawaa.. vote karannee principles walata nemei.. bath packet ekata..

    ඒක ජනතා කැමැත්ත.... අනිත් එක ඒක වෙලාව....වාසනාව....

    අනිත් එක කවදාවත් පුලුවන්ද මොකේ මොකක් පෙන්නුවත් රනිල්ව දිනවන්න.....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    yes, now SL need a good president for along time to develop the country., if the president change time to time, that will be very badly affect to the country's development
     
    Feb 16, 2010
    265
    34
    0
    yes, now SL need a good president for along time to develop the country., if the president change time to time, that will be very badly affect to the country's development

    මල්ලී පොඩි උනාට මොලේ තියනවා.... සමහරක්ට ඇඟ තියනවා මොලේ නෑ...:)
     
    Feb 16, 2010
    265
    34
    0
    Mahinda tava parak illanne kohomat horakarala chande dinana nisane.. nattan vena mokatada

    මචන් කොම්පියුටර් ජීල්මාට් ගැන කතා කරන්නේ තමන්ගේ හෙළුව වහ ගන්න.... උබ පාරට බැහැලා මිනිස්සු 100කගෙන් අහපන් මහින්දටද රනිල්ටද කැමති කියල....
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    රාවණා;8231820 said:
    ඉතින් බන් ජනප්‍රිය කම ගියාම චන්දේ පරදින බව දන්නේ නැද්ද??? අනිත් එක චන්දෙකින් තමයි කීවෙනි පාර හරි දිනන්න ඕනේ.... මචන් තමාට වාසි වන වෙලාවට තමයි ඕක ඕන එකෙක් කරන්නේ...
    මචන් එක්සත් ජාතික් පක්ෂෙ නායකයව පත් කරන්නේ චන්දයක් වත් තියන්න උන්ගේ ව්‍යවස්ථාව අනූව බෑ... උන් මේ කට විරුද්ද වෙන්න ඉස්සෙල්ලා උන්ගේ පක්ෂේ ව්‍යවස්ථාව හදාගන්න ඕනේ..

    මම දෑන් එක්සත් ජාතික පක්ෂයක් ගෑන කිව්වද?? අනේ බොල,අනුන්ගේ ඒව හොයන්නෙ නෑතුව තමන්ගේ වෑඩක් බලාගනින්

    බල තණ්හාවට කරන්න බෑරි දෙයක් නෑ... ඈයි උඹයි මමයි ගිහින් ඡන්දේ ගණන් කරන්නද?? හෙල්පින් හම්බන්තොට වලට වෙච්චදෙයක් නෑතිකොට ඕව මොනවද?? අද රටේ කොහෙද බන් නීතිය.නිකන් කියවන්න දෙයක් නෑ,උඹ කිව්වත් මම කිව්වත් මහින්ද උට ඕන එක තමයි කරන්නේ