(18 වන සංශෝධනය) බිය වන්නේ කුමටද?
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය තමන්ට ඇති බව ආණ්ඩුව කියයි. එ.ජා.ප.යේ මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසක් ද මෙම සංශෝධනයට පක්ෂව සහාය දෙන බව දැනගන්නට තිබේ. අපට පෙනෙන හැටියට එ.ජා.ප.යේ අර්ල් ගුණසේකර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, අබ්දුල් කාදර්, මනුෂ නානායක්කාර යනාදීන් මෙයට කෙළින්ම පක්ෂය. ඊට අමතරව එම පක්ෂයේම තවත් පස්දෙනකු පමණ රහසින් පක්ෂ ය. මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන ද පක්ෂය. මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් ද පක්ෂය. ලංකා සම සමාජ පක්ෂයේ තිස්ස විතාරණ මන්ත්‍රීතුමා පක්ෂ යá විපක්ෂය. වාසුදේව නානායක්කාර පක්ෂයá විපක්ෂය. ඒ අතර විපක්ෂයේ ඇතැම් කුඩා කණ්ඩායම් ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධව තැන තැන කුඩා "පිපිරවීම්" කරන බව දක්නට ලැබේ. විරුද්ධ විය යුත්තේ ව්‍යවස්ථා සංශෝධනයට නම් එයට පහර නොදී ඒ වෙනුවට මහින්ද රාජපක්ෂට පහර ගැසීමට යැමෙන් පෙනී යන්නේ එකී කුඩා කණ්ඩායම් ඉතා කාලකණ්නි ලෙස දුර්වලව සිටින බවය. ව්‍යවස්ථා සංශෝධනය මුවාවෙන් ජනාධිපති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යනාදීන්ට පහර දෙන විට එම පවුලට එරෙහිව ඇති පුද්ගලික ඉරිසියාව මතුවෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් පසු බැසිල් රාජපක්ෂ මීළඟ ජනාධිපති වනු ඇතැයි මේ රටේ ඇතැම් විපක්ෂ කණ්ඩායම් තුළ මෙයට කලකට පෙර සැකයක් ඇති විය. එවිට ඔවුහු බැසිල් රාජපක්ෂට පහර දෙන්නට පටන් ගත්හ. එයින් ප්‍රතිඵලයක් නොදුටු තැන ගෝඨාභය රාජපක්ෂට පහර දෙන්නට පටන් ගත්හ. දැන් ඔවුහු ඒ දෙදෙනාව අත්හැර නාමල් රාජපක්ෂ දෙසට හැරී සිටිති. ඇතැමකුගේ මතය වන්නේ නාමල් රාජපක්ෂ ජනාධිපති පුටුවට යන ගමන සුරක්ෂිත කරනු සඳහා මේ ව්‍යවස්ථා සංශෝධනය කෙරෙන බවය. මෙබඳු මනෝමූල තර්ක නිසා විපක්ෂයේ අරමුණ සම්පූර්ණයෙන්ම බැහැරව යයි. ඒ මගින් සිදුවන්නේ ජනාධිපති රාජපක්ෂ තව තවත් ශක්තිමත් වීම පමණක් බව මේ මෝඩ ප්‍රජාවට නොවැටහේ. ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව 8 වැනිදාට ජනතාව වීදි බස්සවා උද්ඝෝෂණයක් කරන බව දයාසිරි ජයසේකර නමැති එ.ජා.ප. මන්ත්‍රීතුමා කියයි. සාමාන්‍ය ජනතාවට ව්‍යවස්ථා සංශෝධනයෙන් වැඩක් නැති නිසා මේ උද්ඝෝෂණයට එක්වනු ඇත්තේ එ.ජා.ප.යේ සහ ජ.වි.පෙ ක්රියාකාරිකයන් ස්වල්පයක් පමණි. නව සිහළ උරුමයේ නායකයා පසුගිය දිනක කීවාක් මෙන් මේ උද්ඝෝෂණය කළ යුත්තේ සිරිකොත ඉදිරිපිටදීය. තම මන්ත්‍රීවරුන් පරෙස්සම් කර ගැනීමට එ.ජා.ප.යට නොහැකි විය.
කිසියම් පාලකයකු ඒකාධිපතියකු ලෙස පරම්පරා ගණනාවක්ම රට පාලනය කරන්නේ නම් මේ පුවත්පත එයට තරයේම විරුද්ධය. එහෙත් කිසියම් නායකයකු මහජනතාවගේ කැමැත්ත පරිදි සර්වජන ඡන්ද බලයෙන් තේරී පත්වී රට පාලනය කරන්නේ නම් එයට විරුද්ධ වීමට කිසිවකුටත් නොහැක. අපි තිස් අවුරුදු යුද්ධයක් නිසා බිමට කඩා පහත් වූ රටක් වෙමු. මේ රට ගොඩ දැමීමට තවත් වසර 15 ක්වත් වුවමනාය. ඒ වසර 15 තුළ එක් අවංක නායකයකුට රට පාලනය කළ හැකි නම් සංවර්ධනය පිළිබඳ මූලික සැලසුම් සහ ප්රතිපත්තිවල ගැටීමක් ඇතිවන්නේ නැත. අවුරුදු හතෙන් හතට හෝ දාහතරෙන් දාහතරට පාලකයා හෝ ආණ්ඩුව වෙනස් වන්නේ නම් මේ රටේ අධ්‍යාපනයට සිදු වූ දෙයම සංවර්ධනයටත් සිදුවනවා ඇත. 1970 දී බලයට පත් සමගි පෙරමුණු රජය නව අධ්‍යාපන ක්‍රමය යනුවෙන් අලුත් විෂය මාලාවක් හඳුන්වා දුන්නේය. 1977 දී බලයට පත් ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා මෙය වෙනස් කරමින් ශිෂ්‍ය පරම්පරාව අනාථ භාවයට පත් කළේය. 1994 දී බලයට පත් චන්ද්‍රිකා රජය ඡේ. ආර්. ගේ අධ්‍යාපන ක්‍රමය සංශෝධනය කළේය. ශිෂ්‍ය පරම්පරාව යළි නන්නත්තාර විය. 1970 පටන් අධ්‍යාපනය වක්රාකාර දේශපාලන පළිගැනීමකට ලක්විය. ආණ්ඩු හා ජනාධිපතිවරුන් විටින් විට මාරු වී යැමෙන් සංවර්ධනය ද අච්චාරු වන්නට ඉඩ තිබේ. අලුත් ආණ්ඩුවක් පත් වූ සැනින් පෙර ආණ්ඩුව කළ සියලු නරක දේට මෙන්ම හොඳ දේට ද පහර දෙනු ලැබේ. එබැවින් මේ රට යළි ගොඩදමනතුරු සෑහෙන කාලයකට එක ශක්තිමත් අවංක නායකයකු අවශ්‍යය. විපක්ෂය තමන්ට දෙවන පෙළේ නායකත්වය නැතිවීම වෙනම ප්‍රශ්නයක් ලෙස සලකා උත්තර සොයාගත යුතුය. කෙසේ වුවද ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු වුවද ජනාධිපති තෝරා පත්කර ගැනීම ඉදිරියේදී ද ඡන්දයෙන්ම සිදු වන නිසා කිසිවකු බිය වී ඝෝෂා කළ යුතු නැත. කිසිවකු එසේ ඝෝෂා කරන්නේ නම් එය පුද්ගලික ඉරිසියාව පදනම් කරගත් කාරණයක් ලෙස සැලකිය හැකිය.