Provincial council election september 2012 meheheya veemata Duminda Silva ...
palathsaba chanda satana meheya veemata Duminda Lankawata gennai
කොලොන්නාවේ ඇති වූ වෙඩි තැබීමේ සිදුවීමකින් හිසට වෙඩි උණ්ඩ දෙකක් ඇතුළු වී බරපතල තත්වයෙන් රෝහල් ගත කල පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැඩි දුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවේ "ද මවුන්ට් එලිසබෙත්" රෝහල වෙත ඇතුලත් කරන ලදී.
මාස හයකට අධික කාලයක් එම රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට මිලියන 18 කට වඩා රෝහල් ගාස්තු වැයවී ඇති බව අප මෙයට පෙර වාර්තාකරනු ලැබුවා.
ජනාධිපති උපදේශක භාරත ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුද දුමින්ද සිල්වා වේ.දුමින්ද සිල්වා ඇල්ලීමට වරෙන්තු නිකුත් කල විට රහස් පොලිසිය එය පමා කල අතර පසුව පැවසුවේ දුමින්ද සිල්වා සිංගප්පුරුවේ රෝහලක සිහි මද ගතියෙන් පසුවන බවයි.
නමුත් සන්ඩේ ලීඩර් පුවත් පතට ප්‍රකාශයක් නිකුත් කර ඇති දුමින්ද සිල්වා ගේ සම්බන්ධිකරණ ලේකම් ඒ. හේවාවිතාරණ මහතා පවසා ඇත්තේ දුමින්ද සිල්වා ලබන ජුලි මස 15 වනදා නැවත ලංකාවට පැමිණීමට නියමිත බවයි,
"ඔහුගේ මතකය හොද මට්ටමින් තියනවා,ඒ වගේම ඔහුගේ දේශපාලන භූමිකාව ඉදිරියට කරගෙන යාමට හොද සෞඛ්‍යය තත්වයකින් ඔහු ඉන්නවා" යනුවෙන් ඔහු තව දුරටත් අදහස් දක්වා තිබුනා.gossp9


