මචන් උඹ මේ කථාව දාලා අපිට වහෙන් ඔරෝ මහින්දට කතිරේ ගහන්න කියනවා නම් ලොල් සහගතයි.. ඔව් ඇත්ත. යුද්දේ නිසා අපි කාගෙ කාගෙත් කවුරු හරි ගොදුරු උනා... ඒ ගැන විවාදයක් නැහැ. උතුරු නැගෙනහිර මිනිස්සු ගොඩාක් දුක් වින්දා...
හැබැයි ඒ හැමදේම කලේ "මහින්ද" මාමා තනියෙන් නම් නෙමෙයි පුටේ. ඔන්න ඔතනයි මිනිස්සු හිතන්නේ නැති තැන. යුද්ධේ ඉවර කලේ ජනාධිපති/ ආරක්ෂක ලේඛම් / යුද,ගුවන්,නාවික හමුදාව / පොලීසිය ඇතුළු සියළු ආරක්ෂක සොල්දාදුවන්.... මහින්ද ඉන් කලේ රාජ්‍යය නායකතවය ලබා දුන්න එක. නමුත් අද අථා කරන්නේ එයා තනියෙන් යුද්ධේ ඉවර කලා වගේ...සරත් ෆොන්සේකත් වැරදී. එයත් පම්පෝරී ගහනවා එයා තමා යුද්ධේ ඉවර කලේ කියලා... යුධ ජයග්‍රහණය කාටවත් අයිති තනි බූදලයක් නෙමේ. ඒකේ ගෞරවය හැමෝටම අයිතී... කිසිම මෝඩයෙක් ආයේ ලංකාවේ යුද්දේ ඇති වෙන තැනට වැඩ කරන්නේ නෑ.. හැමෝම අවධියෙන් තමයි ඉන්නේ.මහින්දයා කරන්නේ යුද්දේ වවන් කකා රට දූෂිත පාලනයකට ගෙනියනවා.. කෝ රටේ ප්‍රජාත්‍රන්තවාදයක්??? කෝ රටේ නීතියක්??? කෝ රටේ ස්වාධීන අධිකරණ පද්ධතියක්??? ඔන්න ඔය දේවල් නැවත ඇතිකර ගන්නයි අපි වෙනසක් බලාපොරොත්තු වෙන්නේ..