1828 පෙරහැරේ වරුණාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,327
    100,178
    113
    හිතවතුනි,
    ඒ 1828 මැයි 29 දා ය.

    වාර කීපයක් මඟ හැරුණු සංස්කෘතික මංගල්‍යයේ ඇරැඹුම සනිටුහන් වන අවස්ථාව ය.

    විධි නො කඩවා පෙරමුණේ යන යහලතැන්නේ ඇත් නාම්බා ගේ තේජස්වී ගමන් විලාසය මත විරාමයකට නතර විය යුතු ය. යහලතැන්නේ පසු පස වැටුණු රජවැල්ලේ ඇත් නාම්බාත්, ඇත් ‍කොඩිය, අත් කොඩි හා රිදී අංකුසය අතින් ගත් දුනුවිල ගජනායක නිළමේත්, පිරිසත් සීරුවන් ඉදිරිය බලා ඇදෙනු ඇත.

    නියම වූ පරිද්දෙන් කන්ද උ‍ඩරට රාජකාරි කට්ටලේ ප්‍රභූන් සිය පරිවාරය ද ගෙන නිසි කොඩි, ආයුධ දරමින් අඩි කීපයක දුර ප්‍රමාණයක් පෙළ සැදෙයි. දුනුවිල ගජනායක නිළමේ ය. රන්කොත් දිවලදිවාකර නිළමේ ය. මොල්ලිගොඩ දිසාව ය. සත් කෝරළේ දිසාව ය. දුල්ලෑවේ දිසාව ය. ‍දොලොස්වල කොතලාවල දිසාව ය. ඇහැලි‍ය‍ගොඩ දිසාව ය. මුල්ලේගම දිසාව ය. උනම්බුවේ දිසාව ය.

    ඉනික්බිති දංෂ්ට්‍රා මන්දිරයෙන් පිටත් කොඩි අතින් ගත් පර්ෂද් ය. නෘත්‍ය, ගීත, වාද්‍යයෙන් හාත් පස පුරවා, ගිගුම් දෙන භේරී ධ්වනි තරංග මාලාවෝ පන්දම් එළි, කීල පන්දම් එළි, නීල පන්දම් එළි ලෙලවමින් කළ ඇරැඹුම ය. රන් වැඩ දැමූ රක්ත වර්ණ කාප්ප හැට්ටක් පෙරැවූ කිරිඔරුවේ ඇත් නාම්බා පිට මඩුගල්ලේ බස්නායක නිළමේ ය. පමුණුවේ විජයරත්න බස්නායක නිළමේ ය. රන්කොත්දිවෙල දිවාකර කොඩිතුවක්කු ලේකම ය. ඉන් දකුණ රිදී වැඩ දැමූ රතු කාප්ප හැට්ටයක් පෙරැවූ වල්ලියා හත්ථියා පිට නැඟුණු මාම්පිටියේ බස්නායක නිළමේ ය. ඇරැව්වාවල අතපත්තු ලේකම ය. ගොලහැල බස්නායක නිළමේ ය. වම් පසින් රිදී වැඩ ඇති රතු කාප්ප හැට්ටයක් පෙරැවූ බුලත්ගමයා ඇතා පිට ගෝනිගොඩ බස්නායක නිළමේ ය. අංගම්මන බස්නායක නිළමේ ය.

    ඇසෙන කස හඬින් නො බා පෙර ගමන් කළ පල්ලෙ ගම්පහ මහ නිළමේ ය. මාතලේ දිසා මහත්මයෝ ය. වලපනේ දිසා මහත්මයෝ ය. උඩ පලාත දිසා මහත්මයෝ ය. දියවඩන නිළමේ ය. ගජනායක නිළමේ ය.

    බැලු බැලූවත් දෑත් නළලතෙහි ගටා බුහුමන් ලත් හස්ති සෙය්‍යාව නො ඉක්ම වූ ඇත් නාම්බා ඒත් හා පැමිණෙන්නේ ය. පේස පට වස්ත්‍රාදී අනර්ඝ පිළියෙන් සිරුර වසාගත් හස්ථියා ගේ කුම්භස්ථලය සැරැසැ වූ ස්වර්ණ බොක්කාල දෙකකි. පෙර කුඹේ ගල් බැඳි ස්වර්ණ ලක්ෂ්මි රූපයකි. රන්වැඩ දැමූ පේස නෙත්ති මාලයකි. දළෙහි රන් බැඳි කොපු දෙකකි. දෙකන රන් මිටි දැමූ ශුභ්‍ර චාමර දෙකෙකි. පෙර දෑත ගිගිරි වළලු ය. රන් සැත් රන් පොරෝදු දී හැඩ දමා ඇත. පිට මත පුටුව බැඳ රන් හිලි ගෙය තබා රිදි දම්වැල් එල්ලූ තොටිල්ල මැඳ පේස ලේන්සු පහක් මත මැණික් ස්වර්ණාලංකාරයෙන් සැරසවූ ස්වර්ණ දළදා කරඬුව ය. ඒ තේජස්වී හතලිස්පහේ ඇත් නාම්බා පැමිණි සැටි ය.

    හස්ථියා වට කොටගත් මාළිගාවේ රජකාරි භාරයෝ ය.

    දකුණතින් රන් වැඩ දැමූ කාප්ප හැට්ටයෙන් වැසී ගත් කෙන්ගල්ලේ කුඩා ඇත් නාම්බා පිට දුනුවිල මහ ගබඩා නිළමේ ය. වෑඋඩපොළ බස්නායක නිළමේ ය. කඩිගමුවේ නානායක්කාර ලේකම ය. වම්පසින් රන් වැඩ දැමූ රතු කාප්ප හැට්ටයෙන් වැසී ගිය ඇම්බැක්කේ ඇත් නාම්බා පිට දෙහිගම උඩ ගබඩා නිළමේ ය‍. දොඩන්තලේ බස්නායක නිළමේ ය. දිවෙල්ගම බස්නායක නිළමේ ය‍.

    කවිකාර මඩුව වෙත පසු ව ඉඩ වෙන් කෙරෙයි.‍

    නැවැත හස්ථියෙකි. ඒ වනාහි රන් වැඩ දැමූ රතු කාප්ප හැට්ටයක් ඇඳි තල්ගමයා ය. හස්ථියා පිට නැඟි වේර‍ගොඩ බස්නායක නිළමේ ය. මුල්ලේගම බස්නායක නිළමේ ය. වට්ටාරන්තැන්නේ මහබද්දේ නිළමේ ය. දකුණතින් ගල් අමුනේ ඇත් නාම්බා පිට නැඟි මුල්ලේගම මහ ගබඩා නිළමේ ය. මත්තගොඩ නානායක්කාර ලේකම ය. නුගවෙල දිසාව ය. වම් පසින් ගෝමරයා හස්ථියා පිට නැඟි උනම්බුවේ බස්නායක නිළමේ ය. මඩුගල්ලේ බස්නායක නිළමේ ය. රංපංහිද් දිවාකර බස්නායක නිළමේ ය.

    පසු පසින් වැටුණු පර්ශද් කියත් බොහෝ හෙයින් නො කියමි. මේ වනාහි 1828 කන්ද උඩරට දළදා පෙරහැ‍රේ සංක්ෂේපය යි.

    එදා,
    යහලතැන්නේ ය. රජවැල්ලෙ ය. කිරිඔරුවෙ ය. වල්ලිය ය. බුලත්ගමය ය. හතලිස්පහේ ය.කෙන්ගල්ලේ ය. ඇම්බැක්කෙ ය. තල්ගමයා ය. ගල් අමුණේ ය.

    ඔවුහු හස්තීහු ය.

    අද,
    ඉන්දි ය. සිංහ ය. පුලස්ති ය. වාසනා ය. මියන් රාජා ය. බුරුම රාජා ය. එ කී මෙ කී නො කී අය ය.

    මොවුහු ද හස්තී ය.

    නමුත් වෙනස් ය. කල් බලා මතුවන, කල් බලා සැඟැවෙන හස්ථි ප්‍රේමීන් ගේ කාරුණික දෑතේ සැටියාව අඩු නැති ව ලැබෙන්නේ මොවුන්ට ය. එ වකට අයුරු නො දනුමු. ඒ ඒ කරුණු බලත් මොවුහු වාසනාවන්ත ය. විශේෂිත ය. ගල්ගමුවේ දළ පූට්ටුවා, පුත්තලම තනි දළයා, තබ්බෝව ඇතා, කල්ලාරු ඇතා, විල්පත්තුවේ මේඝා වෙනුවෙන් නො නැඟුණු හඬත්, නො කළ දෑත් ලබන්නට භාග්‍යවන්ත ය.

    By Shakila Rajakaruna

    https://www.faceb ook.com/100063541178091/posts/pfbid02M72Wj1CpWVMaGJVW3ikKvgnSjrQwGCWZBNikTWtFyVRNVafVpMGRN8E4aWAaiP4Ql/?mibextid=Nif5oz


     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    නුවර පෙරහරේ යන්න පුළුවන් ඉහල වංශක්කාරයින්ට විතරයි ලු. පහත රැටියන්ට තහනම්.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    PRI_80037075.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,327
    100,178
    113
    මතක විධියට ඔය මැණිකේ ඇතුන්න. වයසට ගියාම ඔය වගේ වෙනවා. එයාලට කන්න බෑ. එතකොට ටික ටික මැරෙනවා. කැලේ හිටිය නන් ඔය වෙනකොට මැරිලා. හීලෑ උන්ට කූඩු කරලා පොවනවා කෑම.