19නි සංශෝදනය විකුර්තියක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    19නි සංශෝදනය විකුර්තියක්

    19නි සංශෝදනය විකුර්තියක් බව කාරනා සහිතව ඔප්පු කරයි
    රනිල් දුන්නු ගේම බලන්න ඕනේ නම් මේක බලන්න

    කොලේ වහල ගැහිල්ල, ඇයි පාර්ලිමේන්තුව අවුරුදු 4 1/2 කට පස්සේ විසුරවන්නේ කියලා දන්නවාද ?

    මේ වෙලාවේ JVP එක ව්‍යවස්ථාව උල්ලංගණය කරා කියලා උසාවි ගියේ ඇයි ?

    මේ video එක බලන්න



     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    BfJWmX3.png
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    monada tyenne vedio eke



    මෙන්න මේවා තමා තියෙන්නේ

    19 සම්මත කරගැනීමේදී රනිල් දුන්නු ගේම බලන්න ඕනේ නම් මේක බලන්න

    කොලේ වහල ගැහිල්ල, ඇයි පාර්ලිමේන්තුව අවුරුදු 4 1/2 කට පස්සේ විසුරවන්නේ කියලා දන්නවාද ?

    මේ වෙලාවේ JVP එක ව්‍යවස්ථාව උල්ලංගණය කරා කියලා උසාවි ගියේ ඇයි ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මෙන්න මේවා තමා තියෙන්නේ

    19 සම්මත කරගැනීමේදී රනිල් දුන්නු ගේම බලන්න ඕනේ නම් මේක බලන්න

    කොලේ වහල ගැහිල්ල, ඇයි පාර්ලිමේන්තුව අවුරුදු 4 1/2 කට පස්සේ විසුරවන්නේ කියලා දන්නවාද ?

    මේ වෙලාවේ JVP එක ව්‍යවස්ථාව උල්ලංගණය කරා කියලා උසාවි ගියේ ඇයි ?
    මට මේ වෙලාවේ විඩියො එක බලන්න විදියක් නෑ...

    ඔය 19 ව්‍යවස්තා සංශෝධනයේ මොනා හරි අඩු පාඩුවක් තියෙනවනම් ඒක දැන් ඉන්න පාර්ලිමේන්තුවම වග කිව යුතු දෙයක් (සරත් වීරසේකර මහතා වෙන්නෝන ඕකට චන්දේ නොදීපු කෙනා )

    පැහැදිලිවම ඔය ව්‍යවස්ථා සංශෝධනේ ගෙනාපු අරමුණු හොඳින් දැනුවත් නිසානේ ඕකට අත ඉස්සුවේ කට්ටියම. මෛත්‍රීට පවා ඔය වගකීමෙන් මිදෙන්න බැරි, එයා රටේ ලෝකේ ඇවිදලා කිව්වා මෙහෙම කරපු එකම කෙනා මම විතරයි කියලා... එතකොට රනිල් අගමැති. ඒත් මහින්ද මේකට කණ්ඩායමක් විදියට සහයෝගය දුන්නේ මාස කීපෙකින් තියෙන මහ චන්දෙන් අගමැති වීමේ දැඩි විස්වාසය හා විධායක අගමැති කමෙන් තමාට වාසි සලසා ගත හැකිය යන පදනමේන්. එම සැලැස්ම කඩාකප්පල් වීමෙන් පසු දැන් කෝමා වෙලා වගේ ඇහැරලා මරු කියවලා වැඩක් නෑ... රනිල් ඇතුලු පැවතුණු ආණ්ඩුව පිළිබඳව ජනතා විකර්ෂනය වැඩි වෙමින් තිබුණු අතර මෛත්‍රීගේ අවශ්‍යතාවය මත මහින්දද නරා වලට ඇද ගෙන ඇති බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. මහින්ද අමතර වාසියකින් ඊළඟ මහඡන්දය වෙත යාමට රිස්ක් එකක් ගත්තා වියහැකිය. මෛත්‍රී ජනපති අපේක්ෂක්ත්වය වෙනුවෙන් තම බලය වෙන්දේසියේ දමා වාසි පිලේ අපේක්ෂකත්වය බලාපොරොත්තු වෙනවා ඇත. රනිල් බොර දියේ මාලු බාමින් ඇත. ඔහුගේ නායකත්වය යටතේ යූ.එන්.පියට ඡන්ද ලක්ෂ 20 සීමාවද අභියෝගයක් වී තිබූ අතර සුලු ජන පක්ෂ ලෙසින් හඳුන්වගන්නා අය ගිලෙන නැවක කප්පිත්තන් නොවන බව අප දැනටමත් දන්නා නිසා යූ.එන්.ප්ය අනාථ වී කුජීත වී යාමේ අවස්තාවක් අනාගතයට වැඩ ඉතුරු වී තිබුණි... යූ.එන්.පියට මෛත්‍රී+මහින්ද ක්‍රියාකාරකමෙන් යම් අස්වැසිල්ලක් ලැබුණු බව සත්‍යයකි. එහෙත් රනිල් පක්ෂ නායකත්වය හැර යාම ඔහුගේ අභාවය සමග සිදුවනු ඇත.

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    වීඩියො එක බලන්න ඩේටා නෑ බන්. 19 ඔය කියන තරම් අව්ලක් නෑ බන්. අපේ ව්‍යවස්ථාවෙ එදා ඉඳන් හිල් තිබ්බා. ඒකයි සංශෝධන ගෙනල්ලා හිල් වැහුවෙ. 19ත් හිල් තියෙනවා. 20ත් හිල් තියේවි. 21ත් වහන්න හිල් ඉතුරු වෙලා තියේවි. මෛත්‍රී හිල් දෙකකින් දැනට රින්ගලා තියෙනවා. පලවෙනි හිල, අගමැති ඉවත් කිරීම. කවුරුවත් මේකට විරුද්ධව අධිකරනයට ගියෙනෑ. ඇයි ඒ? දෙවැනි හිල, පාර්ලිමේන්තුව විසුරවීම, තාමා තීන්දුව පෙන්ඩින්.