19 අහෝසි කරන්න කැබිනට් අනුමැතිය

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    මොනවද බන් ඕකෙන් වෙන වෙනස්කම් දැනට තියෙන එව්වයින්? දන්නා එකෙක් ඔව්ව ගැන ත්‍රෙඩ් එකක් දාපන්.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    19 මොකද උනේ?.......

    #1. සංශෝධන කෙටුම්පතේ 02 වගන්තිය තමයි ව්‍යවස්ථාවට එකතු කරන පළමු සංශෝධනය. මේකෙන් වෙන්නේ දැනට තිබෙන මූලික අයිතිවාසිකම් පරිච්ජේදයේ භාෂණයේ අයිතිය, රැස්වීමේ අයිතිය වගේ පුරවැසි අයිතිවාසිකම් දක්වලා තිබෙන 14 වන වගන්තියට වහාම මුලින් 14A වගන්තිය අැතුලත් කිරීම. මේකට 14A (1), 14A (2), 14A (3) වශයෙන් උප වගන්ති 03 යි. මේකෙන් කරන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික පුරවැසි අයිතියක් වශයෙන් පිළිගැනීම.
    #2. දැනට ක්‍රියාත්මක අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (1) සහ 30 (2) වගන්තිවලින් තමයි විධායක ජනාධිපතිවරයාට හැඳන්වීම සහ ඔහු ධුරය වරකට 06 වසරක් දැරිය යුතුයි කියන ප්‍රතිපාදනය ඉදරිපත් කරන්නේ. සංශෝධන කෙටුම්පතේ 03 වන වගන්තිය දැනට තිබෙන 30 වන වගන්තිය මුලුමනින්ම ඉවත්කරලා නව වගන්තියක් අැතුලත් කරනවා. ඒ වගන්තිය දැනට තිබෙන වගන්තියෙන් වෙනස් වෙන්නේ ජනරයේ ජනාධිපතිවරයා වරකට 06 වසරක් ධූරය දැරිය යුතුයි වශයෙන් වන ප්‍රතිපාදනය 05 දක්වා අඩු කිරීම නිසා. ඒ හැර දැනට තිබෙන ජනාධිපතිවරයා රාජ්‍යයේ, විධායකයේ, අාණ්ඩුවේ ප්‍රධානියාය ඔහු ලංකා සන්නද්ධ සේවාවන්වල උත්තරීතරම අණ දෙන්නාය කියන වගන්ති කිසිසේත්ම සංශාේධනය වෙන්නේ නැහැ.
    #3. 1978 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල්ම වතාවට භාවිතයට ගත් අවස්ථාවේ එහි 31 වගන්තියේ සඳහන්වුනා ධූරය දරණ ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉක්මවා යාමට මාසයක් තුල සිට සහ ඉක්මවා යාමෙන් පසුව මාස 02 ක් ගතවීමට පෙර නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමට ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව.
    නමුත් ජනාධිපති ජේ. අාර්. ජයවර්ධන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 03 වැනි සංශෝධනය ගෙනල්ලා ඒ හරහා වගන්ති අංක 31(3)A ව්‍යවස්ථාවට එක් කරනවා. මෙයින් ධූරය දරණ ජනාධිපතිවරයෙකුට අවශ්‍ය නම් තමන් පළමු ධූර කාලයට පත්වීමෙන් වසර 04 ක් අවසන් වුනාට පස්සේ තවත් බලන් ඉන්නේ නැතිව ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය ලබා දෙනවා.
    ඊලඟ වාරය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ. ඔහු 18 වැනි සංශෝධනය හරහා ව්‍යවස්ථාවේ තිබුන 31(2) වගන්තිය - ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපතිධූරය දැරිය හැක්කේ දෙවරකට නොවැඩි වාර ගණනකට විතරයි කියන වගන්තිය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවෙන් අයින් කරනවා. ඊටත් පස්සේ පළමු ධූරකාලය දරණ ජනාධිපතිවරයෙකුට වසර 04 ක් අවසානයේ ජනාධිපතිවරණයක් කැඳවිය හැක කියන 31(3)A වගන්තිය ඕනෑම ධූර කාලයක වසර 04 ක් අවසානයේ ජනාධිපතිවරණයක් කැඳවිය හැක කියලා වෙනස් කරනවා.
    19 වැනි සංශෝධනය නැවත යෝජනා කරනවා 18 වැනි සංශාේධනයෙන් ඉවත් කළ 31(2) වගන්තිය නැවත ව්‍යවස්ථාවට අැතුළත් කරන්න. ඒ වගේම "පළමු ධූරකාලය දරණ ජනාධිපතිවරයෙකුට වසර 04 ක් අවසානයේ නැවත ජනාධිපතිවරණයක් කැඳවිය හැක" කියන අාරම්භයේදිම තිබුන තත්ත්වයට ව්‍යවස්ථාව නැවත ගෙනියනවා. ඕක තමයි සංශෝධනයේ 04 වන වගන්තියෙන් මූලික වශයෙන් කරන්නේ.
    #4. 19 වැනි සංශාේධනයේ 05 වන වගන්තියෙන් අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තිය ඉවත් කරලා ඒ වෙනුවට ඉවත් කෙරෙන වගන්තියට බොහෝ දුරට සමාන නව වගන්තියක් අැතුලත් කෙරෙනවා.
    ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය වෙන්නේ ජනාධිපතිවරයාගේ බලතල සහ කාර්යයන් පිළිබඳ අර්ථ දැක්වීම. 19 වන සංශෝධනයෙන් මේ වගන්තියට උප වගන්ති 03 ක් අැතුලත් කරනවා. එයින් 33(01) උප වගන්තියෙන් කියන්නේ ජනාධිපතිවරයා ජාතික සමගියේ සංඛේතය වශයෙන් සලකන බව.
    33(2) උප වගන්තිය ව්‍යවස්ථාව අාරක්ෂාකර පවත්වාගෙන යාම, අාගමික සහ වාර්ගික සහජීවනය අාරක්ෂාකර පවත්වාගෙන යාම, ජාතික ප්‍රතිසංධානය සහ ඒකාග්‍රතාවය වැඩිදියුණු කිරීම, සංශාේධනයේ ඉදිරි වගන්තිවලින් යෝජනා කරන ව්‍යවස්ථාදායක සභාව නිසි පරිද ක්‍රියාත්මකවන බව සහතික කිරීම, මැතිවරණ කොමිෂමේ උපදෙස්වලට අනුව නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය ගොඩනැගීම කියන කාර්යයන් ජනාධිපතිවරයා විෂයෙහි අැති කරනවා.
    දැනට පවතින ව්‍යවස්ථාවේ 33 වගන්තියෙන් ජනාධිපතිවරයාට බලතල සහ කාර්යයන් 07 ක් පැවරී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සැසිවාර විවෘත කරමින් අාණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම, පාර්ලිමේන්තුවේ උත්සවාකාර අවස්ථාවන්හි ප්‍රධානත්වය දැරීම, තානාපති සේවා නිලධාරීන් පත්කිරීම සහ විදේශ ධූතයන් පිලිගැනීම, ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම, රාජ්‍ය මුද්‍රාව ලග තබා ගැනීම සහ භාවිතය, යුද්ධය සහ සාමය තීරණය කිරීම සහ වෙනත් චාරිත්‍රානුකූල කටයුතු වශයෙන්.
    19 වන සංශෝධනයෙන් යෝජිත 33(3) උප වගන්තිය මේ ලැයිස්තුවට තවත් එක කාර්යයක් එකතු කරනවා. ඒ පාර්ලිමේන්තුව කැඳවීම, කල්තැබීම හෝ විසුරුවා හැරීම.
    ඊට පස්සේ මේ සංශෝධනය 33A නමින් වගන්තියක් අැතුළත් කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට විධිවිධානයක් එක් කරනවා. නමුත් එය හුදෙක් වෙනත් ප්‍රයෝගික විධිවිධාන සැලසීමකින් තොර තනි වගන්තියක්.

    දැනට තිබෙන ව්‍යවස්ථාවේ 37 වන වගන්තිය වන ජනාධිපතිවරයා යම්කිසි හේතුවක් නිසා ධූරය දැරීමට අසමත්වන අවස්ථාවක අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වනු අැත කියන විධිවිධානය කතානායකවරයා එවැනි අවස්ථාවක වැඩ බලන ජනාධිපතිවරයා බවට පත්වන පරිදි වෙනස් වෙනවා
    #5.ව්‍යවස්ථා සංශාේධනයේ වැදගත්ම සංශෝධනයක් ඊලගට අැතුළත් වෙලා තියනවා. ඒ තමයි තිබෙන 35 වන වගන්තිය වෙනුවට නව වගන්තියක් අැතුළත් කිරීම. මේ 35 වන වගන්තිය කියන්නේ ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව.දැනට තිබෙන මුක්තියේ විශේෂත්වය තමයි ජනාධිපතිවරයා විසින් කරන කිසිම කාර්යයකට අපරාධ හෝ සිවිල් නඩු කාර්යයක් අාරම්භ කල නොහැකි වීම. නමුත් යෝජිත සංශෝධනය 35(1) වගන්තිය ව්‍යවස්ථාවට අැතුළත් කරමින් කියනවා ජනාධිපතිවරයා විසින් සිය බලතල ක්‍රියාත්මක කිරීමේදී යම් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනයක් සිදු වුවහොත් එවැනි අවස්ථාවක මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ හැකියි කියන එක (මෙතනදි ජනාධිපතිවරයා මානව හිමිකම් නඩුවකට උසාවි ගෙන්නන්න පුලුවන් කියලා හිතන්න එපා. සිද්ධ වෙන්නේ ජනාධිපතිවරයා කළ කිසියම් කාර්යයක් නැවැත්වීමට, වෙනස්කිරීමට හෝ එයින් සිදුවූ අගතියකට වන්දි ලබා ගැනීමට නීතිපතිවරයා අධිකරණයට කැඳවීමට පුරවැසියන්ට හැකිවීම).
    නමුත් කිසිම අවස්ථාවක ජනාධිපතිවරයා විසින් යුද්ධය හෝ සාමය තීරණය කිරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න අවස්ථාව පුරවැසියන්ට ලැබෙන්නේ නැහැ.
    #6. සංශෝධනයේ 10 වන වගන්තියෙන් VII A පරිච්ජේදය නමින් කොසක් ව්‍යවස්ථාවට අැතුළත් කරනවා. මේක අැත්තටම 18 වන සංශෝධනයෙන් පාර්ලිමේන්තු කවුන්සිලය වශයෙන් ස්ථාපිතවුන අායතනය වෙනුවට නව අායතනයක් පිහිටුවීමක්. අනෙක් අතට 18 වන සංශෝධනයෙන් අහෝසි කරන ලද 17 වන සංශෝධනය ඊටත් වඩා පුලුල් මට්ටමින් යළි ගෙන ඒමක්. මෙහි අරමුණ වුනේ ජනාධිපතිවරයා විසින් කරන පත්කිරීම් සංවරණයට හා තුලනයට ලක් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව නමින් ව්‍යවස්ථාපිත අායතනයක් පිහිටුවීම.

    18 වන සංශෝධනය ප්‍රකාර තත්ත්වය අනුව පාර්ලිමේන්තු කවුන්සිලයේ සංයුතිය වුනේ පුද්ගලයන් 05 ක් - ඒ අග්‍රාමාත්‍යවරයා, කතානයකවරයා, පාර්ලිමේන්තු විපක්ෂයේ නායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අග්‍රාමාත්‍යවරයා විසින් නිර්දේශ කරන මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂ නායකවරයා විසින් නිර්දේශ කරන එවැනිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.


    19 වැනි සංශෝධනයෙන් යෝජනා කරනවා සාමජිකයන් 10 කගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවක් - ඒ අග්‍රාමාත්‍යවරයා, කතානයකවරයා, විපක්ෂයේ නායකවරයා, ජනාධිපති විසින් පත්කරන එක් අයෙක්, අගමැති සහ විපක්ෂයේ නායකවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කරන පුද්ගලයන් 05 ක්, අගමැතිවරයාගේ සහ විපක්ෂයේ නායකවරයාගේ පක්ෂ නොවන පාර්ලිමේන්තුවේ වෙනත් සුලු පක්ෂවල එකඟතාවයෙන් පත්කරන තවත් එක් අයෙක් වශෙයන්.

    කවුන්සිලයේ කාර්යභාරය වෙන්නේ නිශ්චය කරනු ලැබූ ස්වාධීන කොමිෂණ් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයන් පත්කිරිම, ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත්කීරීම, උසස් පරිපාලන නිලධාරීන් පත්කිරීම යන කාර්යවලදි ජනාධිපතිවරයාට නිර්දේශ සැපයීම. විශේෂත්වය මේකයි - 18 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තු කවුන්සිලයේ කාර්භාරය වුනේ ජනාධිපතිවරයා ඉල්ලා සිටියහොත් පමණක් ඔහු විසින් ස්වාධීන කොමිෂන් සභාවලට කරන පත්කිරීම් සම්බන්ධයෙන් කොමිෂමේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම. නමුත් 19 වන සංශෝධනය පැහැදිලිවම කියනවා මේ අායතනයේ නිර්දේශවලට පිටින් ජනාධිපතිවරයාට අදාළ පත්කිරීම් කළ නොහැකි බව.
    #7. 18 වන සංශෝධනයේ VII A පරිච්ජේදයේ දක්වා තිබුන ස්වාධීන කොමිෂන් සභා සහ තනතුරු නාමාවලියට වඩා යෝජිත සංශෝධනයේ කොමිෂන් සභා සහ තනතුරු නාමාවලිය වෙනස්ව දක්වා අැත.
    Schedule
    18th Amendment
    19th Amendment
    Schedule I
    • මැතිවරණ කොමිසම
    • රාජ්‍ය සේවා කොමිසම
    • ජාතික පොලිස් කොමිසම
    • මානව හිමිකම් කොමිසම
    • අල්ලස් කොමිසම
    • මුදල් කොමිසම
    • සීමා නීර්ණයකිරීමේ කොමිසම
    • මැතිවරණ කොමිසම
    • රාජ්‍ය සේවා කොමිසම
    • ජාතික පොලිස් කොමිසම
    • මානව හිමිකම් කොමිසම
    • අල්ලස් කොමිසම
    • මුදල් කොමිසම
    • සීමා නීර්ණය කිරිමේ කොමිසම
    • විගණන සේවා කොමිසම
    • ජාතික ප්‍රසම්පාදන කොමිසම
    • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම
    • රාජ්‍ය භාෂා කොමිසම
    Schedule II Part I
    • අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරු
    • අභියාචනාධිකරණයේ සභාපති සහ සෙසු විනිසුරුවරු
    • අධිකරණ සේවා කොමිසමේ සභාපති හැර සෙසු සභිකයන්
    • 19 වන සංශෝධනයෙන් මෙම ලැයිස්තුව වෙනසක් සිදුකර නොමැත.
    Schedule II Part II
    • නීතිපති
    • විගණකාධිපති
    • පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයා
    • පාර්ලිමෙන්තුවේ මහ ලේකම්
    • නීතිපති
    • විගණකාධිපති
    • පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයා
    • පාර්ලිමෙන්තුවේ මහ ලේකම්
    • පොලිස්පති

    මෙතැන විශේෂයෙන් අවධානයට ලක් කළ යුතු සංශෝධනයක් තමයි මේ පරිච්ජේදයේ 41c වගන්තියේ 4 වන අනු ව්‍යවස්ථාව. එතැනදි කියවෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු හැර සෙසු විනිසුරුවරු පත්කිරීමත් අභියාචනාධිකරණයේ සභාපති සහ සෙසු විනිසුරුවරු පත්කිරීමත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සැපයීමේදී ව්‍යවස්ථාදායක සභාව විසින් අග්‍රවිනිශ්චයකාරවරයා, අධිකරණ විෂය භාර කැබිනට් අමාත්‍යවරයා, නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා යන අයගේ අදහස් (සංශෝධනයේ භාවිත කර තිබෙන වචනය Views) ලබා ගතයුතුයි කියලා. එය එපමණයි - ඒ අදහස්වලට අනිවාර්යයෙන්ම අනුකූල වියයුතු බවක් හෝ ඉහත නම් සඳහන් කළ පුද්ගලයන් සපයන අදහස් නිර්දේශවල තත්ත්වයෙන් භාරගත යුතුබවක් හෝ සඳහන් නැහැ.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    #8. මීලඟ සංශෝධනය අැති වෙන්නේ වර්තමාන ව්‍යවස්ථාවේ VIII වන පරිච්ජේදය වන විධායකය - අමාත්‍ය මණ්ඩලය කියන කොටසට. මේ පරිච්ජේදයේ දැනට පවතින විධිවිධානවල 43(2) අනුවගන්තියෙන් කියවෙනවා "ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්ද, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාද වන්නේය" කියලා. නමුත් යෝජිත සංශෝධනයේ 42(3) අනු වගන්තිය මේ තත්ත්වය වෙනස් කරමින් කියනවා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වය අග්‍රාමාත්‍යවරයා විසින් දරණ බව.
    නව සංශෝධනය ප්‍රකාරව කැබිනට් මණ්ඩලයේ සංයුතිය සහ අමාත්‍යවරුන්ට පැවරෙන විෂය පථයන් තීරණය කිරීමත්, අමාත්‍යධූරවලට පත්වන්නේ කවුද කියන එක තීරණය කිරීමත් සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපතිවරයාට තිබුන බලය ඔහුගෙන් ඉවත් කර අග්‍රාමාත්‍යවරයා වෙත පැවරෙනවා. අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැවෙරන එකම වගකීම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මුලුමනින්ම රඳා පවතිමින් කැබිනට් මණ්ඩලය පත්කිරීමත් අගමැතිවරයා ඉල්ලා සිටින විටෙක එහි සංයුතිය වෙනස් කිරීමත් පමණයි. මින් ඉදිරියට පත්වන ජනාධිපතිවරුන්ට කැබිනට් අමාත්‍යංශ තමා යටතේ තබා ගැනීමත් කළ නොහැකියි. දැනට ධූරය දරණ ජනාධිපතිවරයාට පමණක් අමාත්‍ය ධූර තබාගත හැකි බව සඳහන් ඔහුගේ ධූර කාලයට පමණක් වලංගු අන්තර්වාර ප්‍රතිපාදනයක් සංශෝධනයට අැතුලත් වෙලා තිබෙනවා.
    නමුත් සංශෝධනය විසින් ව්‍යවස්ථාගතකිරීමට යෝජිත 50(1), 51(1) සහ 52(1) අනුවගන්ති විසින් දක්වා සිටින අාකාරයට පිළිවෙලින් කැබිනට් ලේකම්වරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ අමාත්‍යංශ ලේකම්වරු පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතුයි. මෙතැනදි ජනාධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් මත කටයුතු කළ යුතුයැයි සඳහනක් නැහැ. ඒ වගේම මේ පත්කිරීම් සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ අදාළත්වයකුත් නැහැ.

    තවත් කාරණයක් තමයි බොහෝ දෙනා බලාපොරාත්තුවුන කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ගණන නිශ්චිත සංඛ්‍යාවකට සීමා කිරීම මේ සංශෝධනයෙන් යෝජනාවෙලාත් නැහැ.
    #9. යෝජිත සංශෝධණයේ ඊලග වැදගත්ම සංශෝධනය පවතින ව්‍යවස්ථාවේ 62 වගන්තිය ඉවත් කර ඒ වෙනුවට වෙනත් වගන්තියක් අැතුලත් කිරීම. දැනට පවතින 62 වන වගන්තියෙන් කියවෙනවා පාර්ලිමේන්තුව කලින් විසුරුවා හරිනු නොලැබුවහොත් වසර 06 ක් දක්වා ක්‍රියාත්මක විය යුතුබව. නව සංශෝධනයෙන් මෙය වසර 05 ක් දක්වා අඩු කෙරනවා.
    දැනට පවතින ව්‍යවස්ථාවේ 70 වන වගන්තියෙන් කියවෙනවා මහ මැතිවරණයකින් අනතුරුව පත්වන නව පාර්ලිමේන්තුවක් වසරක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට හැකි බව. 19 වන සංශෝධණයෙන් මෙම 70 වගන්තියය 70(1) නමින් අනු වගන්තියක් අැතුලත් කරනවා - ඒ අනු වගන්තියට අනුව නව පාර්ලිමේන්තුවක් පත්ව වසර 04 ක් සහ මාස 06 ක් ගතවන තෙක් එය විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට බලය නැහැ. නමුත් පාර්ලිමේන්තුව විසින්ම සාමාජිකයන් 2/3 ක බහුතර අනුමැතියකින් සම්මත කරගන්නා යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් ඒ අවස්ථාවේ ඉහත කාල සීමාවේ බලපෑමකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට බලය තිබෙනවා.
    #10. ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කරගනු ලැබීමට යම් පුද්ගලයෙකු නුසුදුස්සෙකු වන අවස්ථා කිහිපයක් පවතින ව්‍යවස්ථාවේ 92 වගන්තියේ සඳහන් වෙලා තිබෙනවා.
    ජනාධිපතිධූරය සඳහා තේරී පත්විය හැක්කේ වයස අවුරුදු 30 සම්පූර්ණ කළ අයෙකුට බව මෙහි දැනට සඳහන්. මින් පෙර දෙවරක් ජනාධිපතිධූරය දරපු අයෙක් නැවත එම ධූරයට තේරී පත්වීමට නුසුදුස්සෙකු වන බව අාරම්භයේදී සඳහන් වුනත් 18 වන සංශෝධනයෙන් එය ඉවත් කෙරෙනවා.
    යෝජිත 19 වැනි සංශෝධණය 92(1) උප වගන්තිය අැතුළත් කිරීම හරහා ජනාධිපතිධූරය සඳහා සුදුස්සෙකුවීමේ වයස් සීමාව 30 සිට 35 දක්වා ඉහළ නංවනවා. ඒ වගේම දෙවරක් ජනාධිපතිධූරය දරණු ලැබූවෙකු නැවත එම ධූරය දැරීම සඳහා නුසුදුස්සෙකුවේ කියන විධිවිධානය නැවත ව්‍යවස්ථාවට අැතුළත් කරන්නත් එයින් ප්‍රතිපාදන සලසනවා.
    #11. 19 වන සංශෝධනය එහි වගන්ති අංක 24 න් යෝජනා කරනවා අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වැනි ව්‍යවස්ථාවට 14 වැනි උප වගන්තියක් ඒකතු කිරීමට.
    මේ නව උප වගන්තියෙන් කියවෙන්නේ සරලව දැක්වුවොත් මෙහෙමයි - පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් තම සාමාජිකයෙකුට හෝ තම පක්ෂය/කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමේදි හෝ එවැන්නක් සැලසුම් කිරීමේදී එකී විනය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විමසීමට, ඒ සම්බන්ධයෙන් රීට් අාඥාවක්, අතුරු තහනම් නියෝගයක්, වාරණ නියෝගයක් පැනවීම හෝ වෙනත් කිසිඳු අාකාරයක සහනයක්, තහනමක්, වාරණයක් පැනවීමට කිසිඳු අධිකරණයකට බලය නොමැත.
    #12. ශ්‍රී ලංකා අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනට තිබෙන 19 (XIX) වන පරිච්ජේදයට (ඔම්බුඩ්ස්මන්වරයා පිළිබඳ පරිච්ජේදයට) XIX A සහ XIX B වශයෙන් නව පරිච්ජේද දෙකක් අැතුළත් කරන්නට 19 වන සංශෝධනය කටයුතු කරනවා. මේ පරිච්ජේද දෙකෙන් පළමුවැනි A පරිච්ජේදය අල්ලස් හෝ දූෂණ විමර්ශනය සඳහා වන කොමිෂම අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අායතනයක් බවට පත් කරමින් ඒ පිළිබඳ අවශ්‍යවන විධිවිධාන ව්‍යවස්ථාවට අැතුළත් කරනවා. A පරිච්ජේදය විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව නමින් නව ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවන්නත් ඒ අාශ්‍රීත විධිවිධාන සලසන්නත් වෙන්ව තිබෙනවා. සියලුම අාකරයේ රාජ්‍ය අායතන විසින් භාණ්ඩ සහ සේවා සඳහා ලන්සු කැඳවීමේදී සාධාරණ, අපක්ෂපාතී, විනිවිදභාවයෙන් යුත්, තරඟකාරී සහ ලාබදායි ක්‍රියාවලියක් අනුගමනය කරන බව සහතික කරලීම තමයි මේ නව කොමිසමේ කාර්යභාරය වශයෙන් දැක්වෙන්නේ.
    මේ විධිවිධාන සහ ප්‍රතිපාදන තමයි 19 වන සංශෝධනයෙන් යෝජිත මූලිකම සංශෝධන වශයෙන් සැලකෙන්නේ. මේ සමාලෝචනයට අැතුලත් කර නොගත් සංශෝධන වශයෙන් - දැනට ධූරය දරණ ජනාධිපතිවරයාගේ පළමු ධූර කාලය සඳහා ලබා දී තිබෙන අන්තර්වාර බලතල (වර්තමාන ජනාධිපතිවරයාට අමාත්‍ය තනතුරු තබා ගැනීමට ඉඩ හැරීම සහ ඔහුගේ ධූර කාලය අවසන් වන තෙක් ඔහු කැබිනට් මණඩලයේ ප්‍රධානියා වශයෙන් සලකන බව වැනි කාරණා), ජාතික විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික පොලිස් කොමිෂන් සභාව වැනි අායතන සම්බන්ධයෙන් සලසා අැති විධිවිධාන දැක්විය හැකියි. මේවා බොහෝ විට රටේ අාණ්ඩුකරණ ව්‍යූහය දැවැන්ත වෙනස්කම්වලට ලක් නොකරණ සංශෝධන කියන පදනමෙන් තමයි මේවා සමාලෝචනය නොකළේ.

    ගත්තේ
    http://insightsandknowledge.blogspot.com/