19 වන වියවස්ත සංශෝදනය (poll)

ඔබේ අදහස? (multiple choices allowed)

  • 19 ක්‍රියාත්මක කල යුතයි

    Votes: 27 56.3%
  • විදායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කල යුතයි

    Votes: 14 29.2%
  • විදායක ජනපති ක්‍රමය වෙනස් නොකළ යුතයි

    Votes: 12 25.0%
  • මැතිවරණ ක්‍රමය වෙනස් නොකළ යුතයි (සමානුපාතික )

    Votes: 4 8.3%
  • මැතිවරණ ක්‍රමය සමානුපාතික සහ කේවල එකතුවක් විදියට ක්‍රියාත්මක කල යුතුයි

    Votes: 24 50.0%
  • මැතිවරණ ක්‍රමය කේවල පමණක් විය යුතයි

    Votes: 4 8.3%

  • Total voters
    48
  • Poll closed .

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඕක පඹ ගාලක් කරේ විධායකය නෙමෙයි. චන්ද ක්‍රමයයි.
    ඉස්සර තිබුනෙ එක ආසනයකට එක මන්ත්‍රීකෙනයි.. කොට්ටාශය පොඩියි.. චන්දෙකදි කවර් කරන්න ඕන ප්‍රදේශය පොඩියි.. චන්දෙ දෙන්නෙ හම්බවෙලා personally අඳුරගන්න මිනිස්සු.. ඒ නිස ඒ නියෝජිතයො වැරදි වලට පෙළඹීමේ සම්භාවිතාව අඩුයි.. චන්ද කරන්න යන වියදම අඩුයි.. ඉතින් ලොකු business කාරයො sponsor කරන්න ඕන නෑ.. ඉතින් චන්දෙන් පස්සෙ contracts දීල ණය ගෙවන්න මුදලාලිල නෑ.. ඉන්නෙ තමන්ට චන්දෙ දීපු ජනතාව විතරයි..

    ඔන්න ඔය පරණ ක්‍රමය ආපහු ආවොත් ප්‍රශ්ණ ගොඩක් විසඳෙනව

    චන්ද ක්‍රමේ මොනවා උනත් බන් මම කියන්නේ පාර්ලිමේන්තු යන උන් ආණ්ඩු පක්‍ෂයේ ඉන්න උන් පබයෝ වෙන්නේ විදයකය නිසා විදයකය කියන විදිහට යටත්වෙලා නටන්න වෙනවා. එක තමයි ජෙර් ඕක ගේනවාවේ .. මම බලාපොරොත්තු වෙන්නේ විදායක ජනාධිපති ක්‍රමයේ බලය පුළුවන් තරම් අඩුකරලා එම බල පාර්ලිමේන්තුවේ බෙදීයාමක්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔන්න ඔතනයි අවුල තියෙන්නෙ..
    අපි අපේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරල අපි, අපි වෙනුවෙන් කතාකරන්න, අපි වෙනුවෙන් තීරණ ගන්න නියෝජිතයො පත් කරනව. හරි හෝ වැරදි හෝ ඒ මිනිස්සු වග කියන්නෙ කෙලින්ම අපිට. ඒ ගොල්ලන්ට බලපාන්නෙ රටේ පොදු නීතිය විතරයි.. නීතියට පිටින් මොකුත් කරන්න බෑ.

    උඹ ඒ මිනිස්සුන්ගෙ වෙනවා කියන බලපෑම් නවත්තන්න කාටවත් කෙලින්ම වග නොකියන, දේශපාලකයන්ට උඩින් ඉන්න, ඒ කියන්නෙ අපිට උඩින් ඉන්න ( ඔව් දේශපාලකයො කියන්නෙ අපි හැමෝටම පාර්ලිමේන්තු යන්න බැරි නිසා අපි යවන කට්ටිය., ඒ කියන්නෙ අපි) "ස්වාධීන" නිලදාරී මණ්ඩලයක් පත් කරන්න යනව.

    දේශපාලකයන් අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරනවනම් ඒකට අධිකරණය තියෙනව. දේශපාලකයන්ගෙ අනවශ්‍ය ඇඟිලිගැසීම් ගැන නිතරම ඇහැ ගහගෙන විපක්ශය ඉන්නව.
    උඹ උන් ඔක්කොටම ඉහලින් (අධිකරණයට විතරක් පහලින්) නිලධාරියො place කරන්න යනව.

    "අපි" වෙනුවෙන් තීරණ ගන්න දේශපාලක්යොන්ට නීතියේම තියන ඉඩ තමයි පාර්ලිමේන්තුව එතනින් එහාට ආය ඇඟිලි ගහන්නේ ඇයි?

    ඒ තීරණ ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ඉඩ ලැබෙන්න ඕනේ ඒක හරියට වෙන්නේ නැත්තම් උඹ ඔය කියන සත්ගුණවත් දේශපාලකයෝ එකතු වෙලා පාර්ලිමේන්තුව හරහා ඒ නිලධාරීන්ව ඉවත් කරන්න උනත් පුළුවන්(ඉහලම නිලධාරීන්)

    සත්ගුණවත් දේශපාලක මහතුන්ට බලය නැති වෙන්නේ නෑ නමුත් රටට හොරෙන් ඇඟිලිගහන්න තියන ඉඩ නම් ඇහිරෙනවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චන්ද ක්‍රමේ මොනවා උනත් බන් මම කියන්නේ පාර්ලිමේන්තු යන උන් ආණ්ඩු පක්‍ෂයේ ඉන්න උන් පබයෝ වෙන්නේ විදයකය නිසා විදයකය කියන විදිහට යටත්වෙලා නටන්න වෙනවා. එක තමයි ජෙර් ඕක ගේනවාවේ .. මම බලාපොරොත්තු වෙන්නේ විදායක ජනාධිපති ක්‍රමයේ බලය පුළුවන් තරම් අඩුකරලා එම බල පාර්ලිමේන්තුවේ බෙදීයාමක්

    ඔක්කොම අමාත්‍යංශ පවරාගෙන පාර්ලිමේන්තුවට බම්බු ගහගන්න කියල නීතියේ මුක්තිය පාවිච්චි කරලා අධිකරණයටත් බම්බු ගහගන්න තනියම රට පාලනය කරන්න බලයක් තියන ජනාධිපති කෙනෙක් ඉන්නකොට ඒ ආයතන පඹයෝ වෙන එක අහන්නත් දෙයක්ද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    විදායක අගමැති කමක් කියලා එකක් නැ බන් ..
    මම කියන්නේ මචං ජනාධිපතිට ඕන ඕන අමාත්‍ය අංශ පවරගන්න බලතල ජනදිපතිගේ බලතල සිමා වෙන්න ඕන පවතින ආණ්ඩුවත් එක්ක ජනාධිපති අවුල් ගියොත් ආණ්ඩුව සදා අනාථයි .. මොකද විසුරුවා හැරීම විතරක් නෙවේ විදායකයට කරන්න පුළුවන් වෙන්නේ ..

    දැන් ඉතිං එකටත් එකග වෙලා නම් ප්‍රශනයක් නැනේ ..වෙනස කිව්වාට එතකොට මේ ක්‍රමේ වෙනසක් වෙන්නේ නැ පොඩක් එහාමෙහා උනා විතරයි .. මයිත්‍රී හොදින් ඉන්නකල් රටට හොදයි ඊටපස්සේ ඉතිං ආයෙත් අරසෙල්ලම තමයි..:(

    මම කිව්වද විදායක අගමැති කියලා එකක් තියෙනවා කියලා ?
    ජනාධිපතිට අත්තනෝමතික බලතල සිමා කරනවට මාත් එකගයි. හැබැයි ඒ බලතල අගමැතිට යා යුතු නෑ. ජනපති හා අගමැති ප්‍රමුඛ කැබිනට් එකටයි.

    ඔව් මචන් පොඩ්ඩයි තමයි. ඔය පොඩ්ඩ එහා මෙහා කරන්නත් බැරි උන බල තන්හාව නිසා තමයි කලින් ඉදපුකෙනාට ගෙදර යන්න උනේ.