1946දී අභ්‍යවකාශයේ සිට ලබාගත් ප්‍රථම ඡායාරූ
අපි හැමෝම දන්න දෙයක් තමයි, ලෝකෙ පලමුවන කෘත්‍රිම චන්ද්‍රිකාව ගුවන්ගත වුනේ 1957 ඔක්තෝම්බර් 4වැනිදා කියන එක. සෝවියට් දේශයෙන් යවනු ලැබූ මෙම කුඩා ගෝලාකාර වස්තුව අභ්‍යවකාශයට යැවුනු පලමුවන මිනිස් දෑතින් කල නිමැවුම ලෙස පිලිගැනෙනවා. රේඩියෝ සංඥාවක් නිකුත්කරමින් ලොව වටා ගමන්කල මෙම චන්ද්‍රිකාවට කැමරා සවිකොට තිබුණේ නෑ.
ඒත් ස්පුට්නික් ගුවන්ගත වෙන්න අවුරුදු දහයකටත් ඉස්සෙල්ලා අභ්‍යවකාශයට කැමරාවක් සවිකල රොකට්ටුවක් යවලා අභ්‍යවකාශයේ සිට පෘථිවිය පෙනෙන ආකාරය දැක්වෙන ප්‍රථම ඓතිහාසික ඡායාරූපය ලබාගන්න ඇමරිකාවේ වයිට් සෑන්ඩ්ස් රොකට් පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් සමත්වෙලා තියෙනවා.
1946 ඔක්තෝම්බර් 24වැනිදා නිව් මැක්සිකෝ ප්‍රාන්තයේ වයිට් සෑන්ස් රොකට් අංගනයෙන් ගුවන්ගත කෙරුණු නට්සි ජර්මනියෙන් අල්ලාගෙන පර්යේෂණ සඳහා අමෙරිකාවට ගෙනවිත් තිබුණු V-2 රොකට් එකක සවිකරපු කැමරාවකින් තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ.
මේ නට්සි V-2 රොකට්ටුව සැතපුම් 65 ඉහල අහසට නැගිලා තියෙන අතර එහි සවිකර තිබූ මිලිමීටර් 35 චිත්‍රපට කැමරාවකින් මෙම සේයාරූ අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් පිලිගැනෙන අන්දමට අභ්‍යවකාශය පටන්ගන්නේ පොලොවට කිලෝමීටර් 100ක්, නැතිනම් සැතපුම් 62ක් ඉහලින් . මේ අනුව සැතපුම් 65 ඉහල නැගි බවට තහවුරු වුනු මෙම රොකට්ටුව අභ්‍යවකාශයට ඇතුලුවෙලා තමයි මෙම ඡායාරූප රැගෙන තියෙන්නේ. ඒ අනුව නිළවශයෙන්ම මේ ඡායාරූප, අභ්‍යවකාශයේ සිට ගන්නා ලද පලමු ඡායාරූප ලෙස පිලිගැනෙනවා.
1946 ආරම්භ වුනු මෙම V-2 රොකට්ටු ආධාරයෙන් අභ්‍යවකාශ ඡායාරූප හා වෙනත් විද්‍යාත්මක දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය 1950 වෙනකම් ක්‍රියාත්මක වුන අතර ඡායාරූප අතිවිශාල ප්‍රමාණයක් අරගෙන තියෙනවා. සමහර V-2 රොකට්ටු සැතපුම් 100ක් එනම් කිලෝමීටර් 160 ඉහල අහසට නැගුනු බව වාර්තා වනවා.