1967 රාත්‍රි සීගිරි සිතුවම් මත තීන්ත ආලේප කොට
1967 වසරේ ඔක්තොබර් 14 වන දින රාත්‍රියෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිය ඉතිහාසය තුළ ඇති වූ බරපතලම අභියෝගයට මුහුණ දීමට සිදු විය. යම් කිසි පුද්ගලයකු විසින් එදින රාත්‍රියෙහි ලොව ප්‍රකට සීගිරි සිතුවම් මත තීන්ත ආලේප කොට විනාශ කර දමා තිබිණ. මෙය මුළු මහත් ලෝකය ම ආන්දෝලනයට ලක් කළ සිදුවීමක් වූ අතර එම තීන්ත ඉවත් කොට සීගිරි සිතුවම් යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගය පැවරී තිබුණේ දෙපාර්තමේන්තුවෙහි රසායන සංරක්ෂණ අංශයටයි. ආචාර්ය ආර්. එච්. ද සිල්වා මහතා ප්රමුඛ සංරක්ෂණ කණ්ඩායම විසින් ඉතාලි ජතික විශේෂඥ ලූසියානෝ මරන්සි මහතාගේ මාර්ගෝපදේශකත්වය මත මහත් පරිශ්‍රමයකින් පසුව සීගිරි සිතුවම් සමස්ත මානව සංහතිය උදෙසා ආරක්ෂා කර දීමට හැකිවීම රසායන සංරක්ෂණ අංශය ලද සුවිශේෂ ජයග්‍රහණයකි.
ආචාර්ය ආර්. එච්. ද සිල්වා මහතා ලූසියානෝ මරන්සි මහතා
යළි මතු කළ සීගිරි සිතුවම්