1988-89 කලබල කාලේ පින්තුර..

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    87-89 කාලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයෝ විශාල සංඛ්‍යාවක් ඝාතනය උනා. ඒ කාලයේ රට තිබුන අස්ථාවර තත්වයෙන් ගොඩ ගන්න, රජයට වෙන විකල්පයක් තිබුනේ නැහැ. ජවිපෙ මේ වගේ කැරැල්ලක් ගහන්න ඊට බොහෝ කලකට පෙර ඉඳලම සුදානම් උනා කියන එකත් රහසක් නොවෙයි. ඉන්දු ලංකා ගිවිසුම ඒකට ඉන්ධන සැපයුවා විතරයි.

    හිරබත් කමින් සිටි විජේවීර ඇතුළු ජවිපෙ (71ක්‍රියාකාරී)සාමාජිකයන්ට නිදහස දුන්නේ 77 දී ජේ ආර් ආණ්ඩුවයි. JR අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව සහ එහි බලතල අහෝසි කරලා, ඔවුන්ව නිදහස් කල බව දැන් කවුරුවත් නිකමටවත් කියන්නේ නැහැ. එක්කෝ ඒ බව දන්නේ නැහැ. එහෙම නැතිනම් දැනගෙනත් නොදන්නවා වගේ ඉන්නවා.

    ආරම්භයේදී දේශප්‍රේමීන් ඇති කල විරෝධතා / ඇඳිරි නීතිය වැනි දේ වලට මිනිසුන්ගේ යම් කැමැත්තක් තිබුනා. ඒ නිසා ජවිපෙ ඔවුන්ගේ බලය පිලිබඳ අධි තක්සේරුවක් ඇති කර ගත්තා කියලයි මම හිතන්නේ. නමුත් ටික කාලයක් ගතවන විට මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය දිගින් දිගටම අඩාල වීමත්, මේ කරදර හිරිහැර වල නිමාවක් නොදැකීමත් නිසා දේශප්‍රේමීන්ට සාමාන්‍ය ජනතාවගෙන් ලැබුන අනුකම්පාව/කැමැත්ත නැති උනා. ඒ පමණක් නොවෙයි, විජය, ප්‍රේමකීර්ති, සාගරිකා වැනි ඝාතන නිසා ජවිපෙ විරෝධයකුත් ගොඩ නැගුනා. රංජන් විජේරත්න, කොටකදෙනිය වැනි අය ඒ විරෝධතාවය ඔවුන්ගේ වාසියට යොදා ගත්තා.

    89 විතර වෙනකොට රටේ සිදු උන ඝාතන වලින් වැඩි හරියකට වග කිව යුතු උනේ රජයේ නිල හමුදාවන් සහ නොනිල හමුදාවන්. දෙවෙනියට ජවිපෙ ඝාතන. තුන්වෙනියට, රජයට හෝ ජවිපෙට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලික පලිගැනීම් හෝ වැරදීම්. මේවායේ ප්‍රතිශතය පිලිවෙලින් 80%, 15%, 5% වගේ විය හැකියි. ඝාතනය උන සංඛ්‍යාව දහස් ගණනක් කියන එකේ විවාදයක් නැහැ. ඒ උනාට 60,000 ඝාතනය උනා කීම නම් බොහෝ අතිශයෝක්තියක්.

    Premakeerthi wa nam meruwe Hudson Samarasinghe. Eyage Wife ma ehema kiyanawa. Vijaya wa marala thiyenne Gamini Lokuge ge Security hitapu ekage gun eken.
     
    • Haha
    • Like
    Reactions: Solo Rider and dxx

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ඒ දවස්වල පාරවල් වල ගිනි ගත්තේ ලංකාවේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ.
    ජෙවිපෙ ඓතිහාසික වැරැද්දක් කලා. ඒ තමයි ජනතාව පැත්තේ හිටගන්නේ නැතිව තමන්ගේම පැත්තක් හදාගෙන තනි ගේමක් දෙන්න ගිය එක. හරියට තෙල් නෑ කියල දැන් පාර බ්ලොක් කරනව වගේ. අන්තිමට පුතා හමුදාවෙ නම් උගේ පවුලට තර්ජනය කලා. පුතා පොලිසියෙ නම් උගේ පවුලට තර්ජනය කලා. ආණ්ඩුව ඒක උන්ගෙ වාසියට ගත්තා. ගම්වල හිටපු ඒ වගේ පවුල් ටාගට් කරල ගේම දුන්නා. දවසයි දෙකයි ගියේ අන්තිමට පොලිසියයි හමුදාවයි කෙලින්ම ජේවිපෙට පනිෂ්මන්ට් දෙන්න පටන් ගත්තා. අන්තිමට කැරැල්ලා හුදකලා වුණා. මම අහල තියෙන විදියට ඒ දවස්වල ජෙවිපෙ දේශනවලට හමුදාවේ උන් පොලිසියෙ උන් සෑහෙන්න සහභාගි වුණා. විජේවීරට උන් ගෞරව කලා. ඒක දිගටම ඇදගෙන ගියා නම් එදා හමුදා ක-ුමන්ත්‍රණයකින් ආණ්ඩුව පෙරළන්න වුණත් තිබ්බා. මේකේ ඇවිල්ලා ඥං පඥං ගහන උන් දන්න කිම්බක් නෑ. උන් අචලතාපියි. උන් මාරුවෙන් මාරුවට නිල් කොල පයි උරපු වේසිගෙ පුතාලා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කරුණට සමාව දුන්නට අපි පර ජෙප්පොනට කිසි සමාවක් දෙන්නේ නෑ...... ලොකුමදේ චන්දෙට තව දුරයි.
    දැන් ජන මතය ජේවීපී උනාට ලැට් පොච්චියයි ටකරන් කෑල්ලෙනුයී එවෙලෙට මතය වෙනස් කරමු.👍
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මරු බුදුන්ගේ දේශය
    ඔහොම එලි පිට ෆොටෝ අරන් මිණිමරන්න පුළුවන් වුනේ එකම දෙයක් නිසා ඇමෙරිකන් කාරයෝ සමාජවාදෙට අකමැති නිසා වුන් රට රට වල වල වෙනම යුද්ද අරණ ගියා සමජාවාදය් මරණ වුන් වුන්ගේ හුරතල්ලු වුන්න

    අනතර්ජාලයට ස්තුත්ය
    ෆේස්බුක් ටිවිටර්වලට ස්තුතිය
    un එකට ස්තුතිය නැත්නම් දැනුත් එහෙමයි

    ඒ දවස්වල පාරවල් වල ගිනි ගත්තේ ලංකාවේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ.
    ජෙවිපෙ ඓතිහාසික වැරැද්දක් කලා. ඒ තමයි ජනතාව පැත්තේ හිටගන්නේ නැතිව තමන්ගේම පැත්තක් හදාගෙන තනි ගේමක් දෙන්න ගිය එක. හරියට තෙල් නෑ කියල දැන් පාර බ්ලොක් කරනව වගේ. අන්තිමට පුතා හමුදාවෙ නම් උගේ පවුලට තර්ජනය කලා. පුතා පොලිසියෙ නම් උගේ පවුලට තර්ජනය කලා. ආණ්ඩුව ඒක උන්ගෙ වාසියට ගත්තා. ගම්වල හිටපු ඒ වගේ පවුල් ටාගට් කරල ගේම දුන්නා. දවසයි දෙකයි ගියේ අන්තිමට පොලිසියයි හමුදාවයි කෙලින්ම ජේවිපෙට පනිෂ්මන්ට් දෙන්න පටන් ගත්තා. අන්තිමට කැරැල්ලා හුදකලා වුණා. මම අහල තියෙන විදියට ඒ දවස්වල ජෙවිපෙ දේශනවලට හමුදාවේ උන් පොලිසියෙ උන් සෑහෙන්න සහභාගි වුණා. විජේවීරට උන් ගෞරව කලා. ඒක දිගටම ඇදගෙන ගියා නම් එදා හමුදා ක-ුමන්ත්‍රණයකින් ආණ්ඩුව පෙරළන්න වුණත් තිබ්බා. මේකේ ඇවිල්ලා ඥං පඥං ගහන උන් දන්න කිම්බක් නෑ. උන් අචලතාපියි. උන් මාරුවෙන් මාරුවට නිල් කොල පයි උරපු වේසිගෙ පුතාලා.
    දැනුත් මේක නේ බන් කරන්න ගියේ එළකිරියේ බලපන් මනිසික ලෙඩ්ඩු පොලිසියේ ආරමි එකේ ගෙවල් ගිනි තියපන් පවුලේ වුන්ට ගහපන් කියල කොච්චර කැම්පේන් කරාද කොහොමද එහෙම වුනොත් ??? මේක ම තමයි වෙන්නේ
    ------ Post added on Jun 27, 2022 at 7:55 AM
     
    • Like
    Reactions: patiencefox

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Premakeerthi wa nam meruwe Hudson Samarasinghe. Eyage Wife ma ehema kiyanawa. Vijaya wa marala thiyenne Gamini Lokuge ge Security hitapu ekage gun eken.
    ඔව්, ප්‍රේමකීර්ති/විජය වගේ මිනීමැරුම් පිළිබඳව නොයෙකුත් මත තිබුනා. නමුත්, ඒවා තමන් නොකළ බව ජවිපෙ කිව්වේ නැහැ. ඒ නිසා ඒවා ජවිපෙ ගිණුමට දාලා ඔවුන්ව මහජනතාවගේ අප්‍රසාදයට ලක් කරන්න රජය පියවර ගත්තා.

    ඒ දවස්වල පාරවල් වල ගිනි ගත්තේ ලංකාවේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ.
    ජෙවිපෙ ඓතිහාසික වැරැද්දක් කලා. ඒ තමයි ජනතාව පැත්තේ හිටගන්නේ නැතිව තමන්ගේම පැත්තක් හදාගෙන තනි ගේමක් දෙන්න ගිය එක. හරියට තෙල් නෑ කියල දැන් පාර බ්ලොක් කරනව වගේ. අන්තිමට පුතා හමුදාවෙ නම් උගේ පවුලට තර්ජනය කලා. පුතා පොලිසියෙ නම් උගේ පවුලට තර්ජනය කලා. ආණ්ඩුව ඒක උන්ගෙ වාසියට ගත්තා. ගම්වල හිටපු ඒ වගේ පවුල් ටාගට් කරල ගේම දුන්නා. දවසයි දෙකයි ගියේ අන්තිමට පොලිසියයි හමුදාවයි කෙලින්ම ජේවිපෙට පනිෂ්මන්ට් දෙන්න පටන් ගත්තා. අන්තිමට කැරැල්ලා හුදකලා වුණා. මම අහල තියෙන විදියට ඒ දවස්වල ජෙවිපෙ දේශනවලට හමුදාවේ උන් පොලිසියෙ උන් සෑහෙන්න සහභාගි වුණා. විජේවීරට උන් ගෞරව කලා. ඒක දිගටම ඇදගෙන ගියා නම් එදා හමුදා ක-ුමන්ත්‍රණයකින් ආණ්ඩුව පෙරළන්න වුණත් තිබ්බා. මේකේ ඇවිල්ලා ඥං පඥං ගහන උන් දන්න කිම්බක් නෑ. උන් අචලතාපියි. උන් මාරුවෙන් මාරුවට නිල් කොල පයි උරපු වේසිගෙ පුතාලා.
    මේ කියන දේ ගැන මගේ අදහස කියන්නම්.

    ජවිපෙ එක් අවස්ථාවක හමුදා හා පොලිස් නිලධාරීන්ට සේවය අතහැර ඔවුන් සමග එකතු වෙන ලෙස ඉල්ලීමක් කළා. ඒ සමගම එසේ නොකරන හමුදා/පොලිස් නිලධාරීන් පවුල් වල සාමාජිකයින් ඝාතනය කරන බවත් කිව්වා. ප්‍රේමදාස උඩුගම්පොල ගේ මුළු පවුලමත්, තවත් පොලිස්/හමුදා නිලධාරීන් ගණනාවකගේ පවුල් වල සාමාජිකයිනුත් ඝාතනය උනා.

    මේ ක්‍රියාදාමය දිගින් දිගටම ගෙන යමින්, හමුදා සාමාජිකයන්ගේ පවුල් වල පිරිස් ඝාතනය කලේ රංජන් විජේරත්න ගේ උපදෙස් මත රජයේ නිල/නොනිල හමුදා මගින් බවයි මම විශ්වාස කරන්නේ.

    මේවාට සම්මාදම් උන කාටවත් සාමකාමී මරණයක් හිමි උනේ නැහැ. ආර් ප්‍රේමදාස ගෙන් පටන් ගත්තාම, විජේවීර, රන්ජන් විජේරත්න, ජානක පෙරේරා, ලකී අල්ගම,තුවාන් මුතාලිෆ්, රොනී ගුණසිංහ වැනි අය මරණයට පත් උන ආකාරය බුද්ධාගමේ කියැවෙන කර්මය පටිසන් දීම ලෙස පෙන්වන්න පුළුවන්.
    ------ Post added on Jun 27, 2022 at 1:36 PM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    බලපන් ඔතන එක තම්බියෙක් දෙමළෙක් ඉන්නවද නැ
    සිංහල උනුන් මරාගත්හ
    සිංහල මිනිස්සු හරි මෝඩ සංවේදී ජාතියක්
    බවුද්ද කම තියෙන්නේ බුද්දිමතුන්ට මිසක් මෝඩයන්ට නෙමෙයි
    මෙතනත් එක මුස්ලිම්වරයෙක් හෝ දෙමලෙක් නෑ...
    ඉන්නේ ඔක්කොම කලු සින්හලු විතරමයි...

    නහයේ ඇඟිල්ල ගහගෙන හොටු සූර ගෙන කකා මේ ලකලෑස්ති වෙන්නෙත් අබසරන ජාතක සන්නිය නටන්න පෙර පුහුනුවීම් කරන්නයි...

    0KGs96m.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙතනත් එක මුස්ලිම්වරයෙක් හෝ දෙමලෙක් නෑ..
    උන් පාතාලෙට සෙට් වෙලා හිටියේ. සෙට් එකක් බොරදියේ මාලු බෑවා
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    83 and 88/89

    In 83 best of Tamil and Sinhala youth died for a racial politics played by UNP and Tamil politicians. In 88/89 best of Sinhala youth died again due to UNP politics, which denied JVP a democratic option through draconian politics

    Economic development is closely associated with the number of youth in the country, because their contribution to economy is always highest.

    In the 80's Sri Lanka youth population was at it highest. But we lost the economic advantage of this youthful population thanks to accursed UNP,

    we lost the best of our youth (all those who had revolutionary fighting spirit in them) to wars that they didn't create, but were unwilling participants. Wars that were created by old men like JR and Ponnablaman.
     
    • Sad
    Reactions: Kalegana

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,055
    1,014
    113
    මේක දැක්කම මට සින් එකක් මතක් උනා... ටයර් සෑය වල් වලට ගොඩක් ප්‍රසිද්ද තැනක් තමයි ඔය ගාල්ලේ කොට්ටව කැලේ.... දැනටත් එක දිගටම අඩුම මීටර් 800 වත් රක්ෂිතයක් තියෙනවා ප්‍රධාන පාර දෙපැත්තෙන්... ඉස්සර ඕක ලොකුවටම තියෙන ඇතිනේ ඔයිට වඩා...

    ඔකේ රෑට හරියට මිනි මරලා පුච්චන පොට් එකක්... උදේට තමයි මිනිස්සු දකින්නේ ටයර් වල පිච්චෙන උන්.... වතාවක් ඔය කාලෙක සිංහල අවුරුද්දට ඔතනින් යද්දී අපේ තාත්තා, අම්ම දැකලා තියෙනවා ටයර් වල බාගෙට පිච්ච්චෙන මිනි, මගෙනුත් අහනවා මතකද කියලා.. මම පොඩි නිසා මට ඒක මතක නෑ.... රෑට ගෙදරට ඇවිල්ලා කියලා තියෙනවා පහන් පත්තු කරන්න බෑ කියලා... මම පොඩි නිසා පහනක් පත්තු කරලා ජනේලට ගනකම රෙද්දක් දැම්මා කියලා තමයි මට කිව්වේ....

    90 ගණන් වල මුලමත් මිනිස්සු බයට යන්නේ නෑ කියනව ඔය කැලේ හරහා.... බස් ඩ්‍රයිවර් ලා උනත් රැ උනාම යන්න අදිමදි කරනවා කියලා තමයි කියන්නේ ඒ කාලේ... උන් ට නිකන් බස් එකේ බර වැඩි වෙනවා වගේ ෆිලින් එකක් එනවා කියනවා ඒ හරියෙන් යද්දී.... ( මෙව්වා ඉතින් සින්හලුන්ගේ හිතළු තමයි )

    88 කාලේ වෙච්ච දෙයක් හරියට මතකයි නම් අනිවරෙන් උබ 40 ට වැඩි එකෙක් :Pමමනම්එච්චරනාකිනෑ
    බොරු ගහන්න එපා බං... හොල්මන් නම් නෑ ඔය කැලේ.... මම රෑ 1 ට 2 ට තනියම බයික් එකේ යනවා.
     
    • Like
    Reactions: Jack London