87-89 කාලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයෝ විශාල සංඛ්‍යාවක් ඝාතනය උනා. ඒ කාලයේ රට තිබුන අස්ථාවර තත්වයෙන් ගොඩ ගන්න, රජයට වෙන විකල්පයක් තිබුනේ නැහැ. ජවිපෙ මේ වගේ කැරැල්ලක් ගහන්න ඊට බොහෝ කලකට පෙර ඉඳලම සුදානම් උනා කියන එකත් රහසක් නොවෙයි. ඉන්දු ලංකා ගිවිසුම ඒකට ඉන්ධන සැපයුවා විතරයි.
හිරබත් කමින් සිටි විජේවීර ඇතුළු ජවිපෙ (71ක්‍රියාකාරී)සාමාජිකයන්ට නිදහස දුන්නේ 77 දී ජේ ආර් ආණ්ඩුවයි. JR අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව සහ එහි බලතල අහෝසි කරලා, ඔවුන්ව නිදහස් කල බව දැන් කවුරුවත් නිකමටවත් කියන්නේ නැහැ. එක්කෝ ඒ බව දන්නේ නැහැ. එහෙම නැතිනම් දැනගෙනත් නොදන්නවා වගේ ඉන්නවා.
ආරම්භයේදී දේශප්‍රේමීන් ඇති කල විරෝධතා / ඇඳිරි නීතිය වැනි දේ වලට මිනිසුන්ගේ යම් කැමැත්තක් තිබුනා. ඒ නිසා ජවිපෙ ඔවුන්ගේ බලය පිලිබඳ අධි තක්සේරුවක් ඇති කර ගත්තා කියලයි මම හිතන්නේ. නමුත් ටික කාලයක් ගතවන විට මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය දිගින් දිගටම අඩාල වීමත්, මේ කරදර හිරිහැර වල නිමාවක් නොදැකීමත් නිසා දේශප්‍රේමීන්ට සාමාන්‍ය ජනතාවගෙන් ලැබුන අනුකම්පාව/කැමැත්ත නැති උනා. ඒ පමණක් නොවෙයි, විජය, ප්‍රේමකීර්ති, සාගරිකා වැනි ඝාතන නිසා ජවිපෙ විරෝධයකුත් ගොඩ නැගුනා. රංජන් විජේරත්න, කොටකදෙනිය වැනි අය ඒ විරෝධතාවය ඔවුන්ගේ වාසියට යොදා ගත්තා.
89 විතර වෙනකොට රටේ සිදු උන ඝාතන වලින් වැඩි හරියකට වග කිව යුතු උනේ රජයේ නිල හමුදාවන් සහ නොනිල හමුදාවන්. දෙවෙනියට ජවිපෙ ඝාතන. තුන්වෙනියට, රජයට හෝ ජවිපෙට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලික පලිගැනීම් හෝ වැරදීම්. මේවායේ ප්‍රතිශතය පිලිවෙලින් 80%, 15%, 5% වගේ විය හැකියි. ඝාතනය උන සංඛ්‍යාව දහස් ගණනක් කියන එකේ විවාදයක් නැහැ. ඒ උනාට 60,000 ඝාතනය උනා කීම නම් බොහෝ අතිශයෝක්තියක්.
Premakeerthi wa nam meruwe Hudson Samarasinghe. Eyage Wife ma ehema kiyanawa. Vijaya wa marala thiyenne Gamini Lokuge ge Security hitapu ekage gun eken.

මමනම්එච්චරනාකිනෑ