1996 න් පස්සේ ලංකාවේ ක්‍රිකට් වලට උන දේ....

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    1996 න් පස්සේ ලංකාවේ ක්‍රිකට් වලට උන දේ....

    1995 දී ලංකාව ඕස්ට්‍රේලියාවට යනවා. ඩැරල් හෙයාර් වගේ විනිසුරුවන්ගේ කෙනෙහිලිකම් මැද ඕස්ට්‍රේලියාවේදීම ඕස්ට්‍රේලියාවට සුපිරි ගේමක් දෙනවා. අපි වගේ පොඩ් කණ්ඩායමකින් ඒ වගේ චැලේන්ජ් එකක් ඕස්ට්‍රේලියාව වගේ රටකට එල්ල වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ. ඒ කාලේ (1996 ට පෙර) කවුරුත් අපිව ගණන් ගත්තේ නැහැ. දැන් වගේ ක්‍රිකට් බෝඩ් එකට නිලතල ගන්න කවුරුත් දැඟළුවෙත් නැහැ. ආනා පුංචිහේවා ඇතුළු, වරප්‍රසාද වලට ගිජු නොවී ක්‍රිකට් වලට ආදරේ සෙට් එකක් ක්‍රිකට් බෝඩ් එකේ හිටියා. ඒ නිසා ක්‍රිකට් දියුණු උනා. තිලංග සුමතිපාල වගේ කුම්භාණ්ඩයෝ ක්‍රිකට් වලට ඇල්ම බැල්ම දැම්මේ ආනා පුංචිහේවා වැනි අය ස්වේච්ඡාවෙන් වගේ ඇවිත් ක්‍රිකට් වලට කරපු සේවය නිසා අපි ලෝක කුසලානය දින්නට පස්සේ. එතකොට අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට සල්ලි එන්න ගත්තා. ඒ නිසා තමයි දේශපාලඟයෝ, ව්‍යාපාරිකයෝ ක්‍රිකට් වලට එන්න ගත්තේ.

    1995 වෙනකොට අර්ජුනයි ඩේව් ව්මෝර් දෙන්නා එකතු වෙලා පොඩි අත්හදා බැලීමක් කරා. මහානාම, හතුරුසිංහ, ගුරුසිංහ, අරවින්ද, අර්ජුන, හෂාන් ගෙන් පස්සේ සික්ස් ඩවුන් ඇවිත් ලොකු පාරවල් වල⁣ට බය නැතුව ගිය සනත් ජයසූරියයි කලුවිතාරණයි දෙන්නා ඕපන් එවන්න තීරණය කළා. "උඹලා ගිහින් යාර 30 න් එළියට උඩින් ගහපල්ලා; එහෙම ගහන්න ගිහින් කලින් අවුට් උනොත් ඉතිරි ටික අපි බලා ගන්නම්" කියලා බය නැතුව කියන්න පුළුවන් මැද පෙලක් ඒ කාලේ හිටියා. විශ්වාස නැත්නම් ආයෙම උඩ තියන නම් වැල කියවන්න. එතකොට වැඩේ තේරෙයි. ඒ කාලේ දැන් වගේ ඕවර් 5 පවර් ප්ලේ කෑලි කිහිපයක් තිබුනේ නෑ. මුල් ඕවර් 15 දී යාර 30 සීමාවෙන් එපිටින් ක්‍රීඩකයෝ 2 යි තියන්න පුළුවන්. ආන්න ඒ ඕවර් 15 දී ජයසූරියයි කළුයි දෙන්නා අත දිගහැරලා ගහන්න පටන් ගත්තා. පන්දු යවන්නෙක් විදිහට කණ්ඩායමට එකතු වුනු ජයසූරිය ස්ථාන හත අටක් ඉදිරියට ගෙනල්ලා ඕපනින් එවුවා. හිතපු විදිහට වැ⁣ඩේ සාර්ථක උනා. ඕස්ට්‍රේල්යාවේදී 1995 දී අත්හදා බලලා 1996 වෙනකොට ඒක සාර්ථකයි කියලා තහවුරු කරගෙන තමයි අපි හිටියේ. 96 ලෝක කුසලානයේ දී අපි එකම මැච් එකක් වත් පැරදුනේ නැහැ. ආරක්ෂක හේතු මත අපේ රටට එන්න බැහැ කීව ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 2 ක තරඟ ජයග්‍රහණ අපිට නිකන් ලැබුනා. අනිත් තරඟ අපි දින්නා. දෛවයේ සරදමකට වගේ අපේ රටට එන්න බැහැ කීව ඕස්ට්‍රේලියාවම අපිට ෆයිනල් එකේදී සෙට් උනා. ඒ පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී. 96 ලෝක කුසලාන කාලේ අපි අපරාජිත කණ්ඩායම කියලා සමහරු පිළිගන්න අකමැති වෙලා හිටියේ ඕස්ට්‍රේලියාව එක්ක තරඟ නොකර අපිට නිකන්ම දිනුම දුන්න නිසා. ඒකේ වාඩුව ගන්න ආරක්ෂාව මදි කීව ලංකාවේ නැතුව ආරක්ෂාව තියනවා කීව පකිස්ථානයේ දී අපිට ඕස්ට්‍රේලියාව මුණගස්වන්න දෛවය තීරණය කරලා තිබුනා. අපි ඒ අවසාන මහා තරඟයෙන් දින්නා. ඒ කාලේ ආසියාවේ ටෙස්ට් වරම් තිබුනේ රටවල් 3 කට පමණයි. ඉංදියාව, පකිස්ථානය හා ලංකාව විතරයි. ඒකෙන් ඉන්දියාවයි පකිස්ථානයයි ලෝක කුසලානය දිනලා තිබුනේ. කපිල් දේව් ඉන්දියාව කප් එක ගත්ත ටීම් එ⁣කේ කැප්ටන්. ඉම්රාන් ඛාන් පකිස්ථානය කප් එක ගත්ත ටීම් එකේ කැප්ටන්. අපි වර්ල්ඩ් කප් එකක් දිනලා තිබුනේ නැහැ.

    96 වර්ල්ඩ් කප් එකේ සමහර මැච් වල ජයසුරියයි කළුයි ඇවිත් ඕවර් 3 න් කණ්ඩායමේ ලකුණු 50 ගහනවා. සමහර දවස් වල දෙන්නම යක්කු වගේ ගහනවා. සමහර මැච් වල ආව ගමන් දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම අවුට් වෙනවා. එහෙම උනා කියලා අනිත් අය මානසිකව වැටුනේ නැහැ. මුලින් එන දෙන්නා ගැහුවත් නැතත් ඊළඟට එන ගුරුසිංහ, අරවින්ද, අර්ජුන වගේ අය මැච් එකේ ඉතිරි ටික ලස්සනට ඇදලා දෙනවා. ඒ සෙට් එකමත් අවුට් උනාම කියන්නකෝ. එහෙම දවසට කුමාර් ධර්මසේන, චමින්ද වාස්, උපුල් චන්දන වගේ සෙට් එක ඉතිරි ටික ඇදලා මැච් එක දිනවනවා. ඒක තමයි ඒ ටීම් එකේ තිබබ ගැම්ම. අර්ජුනයි අරවින්දයි පුළුවන් තරම් අළුත් අයට ඉඩ දීලා උන්ට කලින් සෙල්ලම් කරන්න චාන්ස් එක දීලා උන් ටික පුහුණු කර ගත්තා. උන්ට ගහගන්න බැරි මැච් එකක් තිබුනොත් ඒකේ ඉතිරි ටික අරවින්දයි අර්ජුනයි ගහලා තරඟේ දිනෙව්වා. ඒ නිසා ප්‍රේක්ෂකයාට ක්‍රිකට් එපා උනේ නැහැ. අළුත් ළමයි ටික ලස්සනට හැඩ ගැහුනා. දෙවන පෙළක් හැදුනා. මට මතකයි ඉන්දියාවට එරෙහිව අපි එක ඉනිමට ලකුණු 950 ගානක් ගහපු මැච් එක. එකේ ජයසූරිය 340 ක්, මහානාම මට මතක හැටියට 220 ක්, අරවින්ද සෙන්චරියක්, අර්ජුන 80 ගණනක් හා විශේෂයෙන්ම මහේල ලකුණු 66 ක් ගහනවා. එහෙම තමයි අර්ජුනලා අරවින්දලා විසින් මහේලලා සංගක්කාරලා හැදුවේ. එහෙම හදන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵළයක් විදිහට අරවින්දයි අර්ජුනයි නමට පෞද්ගලිකව ගොඩක් ලකුණු නැහැ. හරියට MS දෝනි ගේ නමට පෞද්ගලිකව ලොකු ලකුනු, සෙන්චරි, හාෆ් සෙන්චරි ගොඩක් නැහැ වගේ. ඒත් රට දිනුවා. ක්‍රිඩකයන් දිනුවේ නැහැ. ක්‍රීඩකයන් පෞද්ගලිකව දිනන්න උත්සාහ කළෙත් නැහැ. වෙළෙඳ දැන්වීම් වලට පෙනී හිටියෙත් නෑ. හිටියනම් හිට්යේ දුම්බීම එපා වගේ සමාජයට වැඩදායක ඇඩ් වලට. ඒවටත් පෙනී හිටියේ නොම්ලේ.

    අර්ජුනයි අරවින්දයි එකතු උනාම මහ ලොකු පාරවල් වලට ගියේ නැහැ. හැම බෝලෙටම එක ලකුණක් දාන්න උත්සාහ කලා. ඒ අතරේ දුර්වල පන්දුවක් ආවාම හයක් , හතරක් තලා ගත්තාම ඉබේම රන් රේට් එක 6 ක් විතර ඇවිත්. දැන් කාලේ ලංකාවේ බැට්ස්මන්ලගෙන් අපි ඒ වගේ සංයමයක්, ඉවසීමක් දකින් නෑ. පන්දු 100 ට ලකුණු10 ක් ගහන්න තිබුන දවසටත්, පන්දු 5 ට ලකුණු10 ක් ගහන්න තිබුන දවසටත් ගහන්නේ එකම විදිහට. ලංකාවේ අර්ජුන - අරවින්ද වගේ ඉන්දියාවට හිට්යා නව්ජොට් සිං සිදු හා මොහොමඩ් අසාරුඩීන්. ඒ ඩබලත් එහෙමයි. සෙට් උනොත් කඩනවා බොරු. මම හිතන්නේ ඒ සංයමයත් ජාත්‍යන්තරයෙන් අපිට උරුම වෙච්ච දෙයක්.

    අද (2019. 03. 06) දකුණු අප්‍රිකාව එක්ක දෙවන තරඟය බලන ගමන් මේක ලියන්නේ. අද අපිට ගහන්න තිබුනේ ලකුණු 252 යි. රන් රේට් එක 5 යි. අර වගේ බෝලෙට එක ගානේ දාලා, ඉඳලා හිටලා එන දුර්වල පන්දුවකට හයක් හතරක් තලා ගන්න තරම් සංයමයක් තියන මැද පෙළක් දැන් අපිට නැහැ. සංගා - මහේල ඩබල ඒ මැද පෙළ හැදුවෙ නැහැ. අර්ජුනට, අරවින්දට තිබුන "කැක්කුම" මහේල, සංගට තිබුනෙ නැහැ. ඒකෙන් අල්ප මාත්‍රයක් වත් ඇන්ජලෝ⁣ මැතිවුස් ට නැහැ. වැඩිය ඕන නැහැ: ගෑනුත් ටීම් එකේ පෆෝමන්සස් වලට, සමඟියට බලපාන ආකාරයේ ප්‍රකාශ කරන්න පටන් අරන්. ගෑනු ප්‍රශ්න වලට ක්‍රීඩකයෝ පිට්ටනිය මැද්දේ මූණ බලා ගන්නේ නැති තත්ත්වයකට ඇවිත්.

    ඇත්තටම මේකට හතුරුසිංහට බැනලා වැඩක් නැහැ. හතුරු එන්න කලින් අපි කාපු තරම් දැන් කන්නේ නැහැ. ටීම් එකේ ලොකු දියුණුවක් තියනවා. හතුරුට මාස 6 න් ටීම් එකක් ගොඩ දාන්න පුළුවන් නම්, ඇමරිකාව හතුරුට අපි වගේ සිය ගුණයක් ගෙවලා, හතුරුව පුහුණුකරු කරලා, මාස 6 න් ක්‍රිකට් ලෝක කුසලානෙත් දිනයි.

    මේකට වග කියන්න ඕන සුමතිපාල පරපුරේ ක්‍රිකට් පාලකයෝ. අවාසනාවට අපි ඒක තේරම් අරන් නැහැ.

    අද දිනය 2019 03 06 . දැන් වෙලාව රෑ 10 යි 32 යි. ලංකාව ඕවර් 50 ට 252 ක් ගහන්න ඕන. ඒත් ඕවර් 26 ට කඩුළු 6 ක් දැවී ලකුණු 116 ක් ගහලා තියනවා. සමහර විට අපි දිනයි. ඒත් ඉස්සර වගේ ශුවර් නෑ. අපි අපේ රටට ආදරේ නිසා අපිට අපි දිනයි කියලා හිතෙනවා ඇති. ඒත් ඉස්සර ඉඳන් මැච් බලපු අපිට අද තියන ක්‍රිකට් වල ලොකු හිස්කමක් දැනෙනවා. ඒ හිස් බව ඇතුළේ මට මහේලයි, සංගයි, සුමතිපාලයි මැවිලා පේනවා. මම ඒ හින්දම ඒ හිස් බවට කැමති නැහැ. සමහර විට මට පිස්සු කියන්නත් ඉඩ තියනවා.


    - ආනා පුංචිහේවා -
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    sanga, mahela, Dilshan monawa karannada bung , un hitiye nathnam ape batting ganna dehyake na 2009 idan ma

    me widiyatama kanawa
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    kuda bn mewa liyanne hathurusinghe awith dan masa 6yada.:lol::lol::lol: dan awith aurudkata wadi hariyata kiyanawanam aurudai masa 3i haturusinghe awata passe thamai api mechara paradune ODI wala win rate eka balpuwama eka therenawa.:lol::lol::lol:

    talent nathi parshene thiyenawa eka atha e wagema players la ge skills hadala nathi parshne thiyanawa ita wada coach kenekge pradahana job eka skills hadana eka eka hariyata kare nathiwa haturusinghe hondai kiyanne kohomada?.:confused::confused::confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවද මේ විහිලු අම්මප රෙද්දක් ඇඳගෙන කියන්න පුලුවන්ද 2019 ගහන ටීම් එකට හරියට ක්‍රිකට් ගහගන්න බැරි 2015 විශ්‍රාම ගිය උන් දෙන්නෙක් හින්දය කියල :baffled: අවුරුදු හතරක් තිස්සේ මුන් පොල් ගානවද රබන් ගහනවද :no:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,640
    113
    Piliyandala
    මුලිකවම මුන්ට බැරිකමට වඩා උවමනාව නැති කම.. එක එකාගෙන් පලිගන්න සෙල්ලම් කරන්නේ. අරුට කෙලවෙනකන් මූ බලන් ඉන්නේ. ගොට්ට අල්ලන්නේ.. උන්ට තරඟ ජයගන්න උවමනා නම් ඕනේ තරම් කලේ තිබ්බ හැදෙන්න. මුරලි ටෝක් විත් චතුර එකට ඇවිල්ල කිව්වා කතාව මතක් උනේ. මේ රටේ ක්‍රිකට් එක ගොඩ දාන්න බෑ කිව්වා.. එලියේ ඉඳල ක්‍රිකට් බලන අපිට වඩා කාලයක් තිස්සේ ක්‍රිකට් ගහපු උන් එක්කම හිටපු කෙනෙක් එහෙම කියනවනම් තව වෙන මොන කතාද? හතුරුසිංහ ගේ කොන්ත්‍රාත් කාලේ ඉවර වෙන්න කලින් මිනිහව ගෙදර යවයි.
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Sumathipalayatama benala wedakuth ne ban,

    Balapan team eke inna ungeth . born talent ekakuth ne, commitment ekakuth ne.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Sumathipalayatama benala wedakuth ne ban,

    Balapan team eke inna ungeth . born talent ekakuth ne, commitment ekakuth ne.

    :yes::yes::yes: talent eka na bung ekaiyi me okkoma , munta unge level ekan ehata yanna ba kochara munge skill haduwath
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    සංගා - මහේල ඩබල ඒ මැද පෙළ හැදුවෙ නැහැ. අර්ජුනට, අරවින්දට තිබුන "කැක්කුම" මහේල, සංගට තිබුනෙ නැහැ. ඒකෙන් අල්ප මාත්‍රයක් වත් ඇන්ජලෝ⁣ මැතිවුස් ට නැහැ.

    :yes::yes::yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    වෙළෙඳ දැන්වීම් වලට පෙනී හිටියෙත් නෑ. හිටියනම් හිට්යේ දුම්බීම එපා වගේ සමාජයට වැඩදායක ඇඩ් වලට


    අනේ එකට් අපේ ගන්දස්කරලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි කැරියෝනේ..කැරියන්ට ඕන විදියට නෙමෙයි උන් ගහන්නේ.එක්කෝ කෝච් වෙනුවෙන්..