1997 දී ඉන්දුනීසියාවේ මොකද වුනේ ...
පහුගිය සැප්තැම්බර් මාසයේ දහතුන්වැනිදා සිට විසිඑක්වෙනිදා අතර තිබ්බ වැඩකරන දින හතේ දී ශ්‍රී ලංකා රුපියලට එරෙහිව ඩොලරයේ අගය රුපියල් 6 කින් ඉහළ ගියා.
ලංකා ඉතිහාසයේ කවම කවමදාවත් දින හතක් තුළ රුපියල් 6කින් රුපියලේ අගය අඩු වෙලා නෑ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ පිහිටවූ පනතේම කියනවා එහි වගකීම තමයි විනිමය අනුපාතය ස්ථාවර ව තබාගැනීම. මහ බැංකුවේ ප්‍රධාන වගකීම් හතරක් තියෙනවා. ඒකෙන් එකක් තමයි විනිමය අනුපාතය ස්ථාවරව තබා ගැනීම. පාසලේදී ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත ඕනෑම කෙනෙකුට මතක ඇති. හැබැයි මහ බැංකුව රුපියල කඩාගෙන වැටෙන්න දීලා බලාගෙන ඉන්නවා. මැදිහත් වෙන්නෙ නෑ.
ආණ්ඩුවේ ඇමතිවරු පාර්ලිමේන්තුවේ දී සතුටින් ඉපිල යමින් රුපියල පිරිහීම හරිම ෂෝක් කියලා වර්ණනා කරනවා. ඒ නිසා අපිට සාධාරණ සැකයක් තියෙනවා 1997 ඉන්දුනීසියාවේ සිදුවෙච්ච විපත්තිය නුදුරු අනාගතයේදී ලංකාවට කරන්න යනව කියල.
ඒ නිසා මිත්‍රවරුනේ අපිට හෙට වෙන්න මොකක්ද කියලා දැනගන්න නම් 97 ඉන්දුනීසියාවේ මොකද වුනේ කියලා දැනගන්න ඕන. මේ වගේම ඉන්දුනීසියාවේ මුදල් ඒකකය රුපියා. 1997 දී මේක සීග්‍රයෙන් කඩා වැටෙන්න පටන් ගත්තා ආර්ථික අර්බුදයක් ඇවිල්ලා. ඇමරිකාවේ සොලොස් කියන ආයෝජකයා තමන්ගේ ආයෝජන ප්‍රකෝටි ගණනින් ඉවත්කර ගැනීමෙන් මේක තීවුර වුණා.
රුපියා කඩාවැටෙනවා, උද්ධමනය වැඩි වෙනවා, භාණ්ඩ මිලදී ගන්න මිනිස්සුන්ට බැරි වෙනවා. උදේට වැඩට එනකොට බස් ගාස්තුව රුපියා එකයි නම් හවස ගෙදර යද්දි බස් ගාස්තුව රුපියා දෙකයි. පහුවදා උදේ වැඩට එද්දි ඒක රුපියා හතරයි.
මිනිස්සු කියනවා එදා අපි අල්ලට සල්ලි අරන් ගිහිල්ලා මල්ලට බඩු අරන් ආවා අද අපි මල්ලට සල්ලි අරන් ගිහිල්ලා අල්ලට බඩු අරන් එනවා කියලා.
දරුවෝ අඬනවා දවසේ වේල් තුනෙන් එක වේලක්වත් කාල නෑ. කඩේ බඩු තියෙනවා තාත්තාලාට බඩු ගන්න සල්ලි නෑ. තාත්තා රංචු ගැහිලා කඩ වලට පැනලා කඩේ මුදලාලිව බැඳලා දාලා කඩේ තියෙන කෑම ටික බඩගින්න අඬන දරුවන්ට ගෙනත් දෙනවා.
අම්ම ලෙඩ ඇඳේ මැරෙන්න පණ අදිනවා. දරුවන්ට අම්මගෙ බෙහෙත් ටික දොස්තර මහත්තයා ලියලා දුන්නට ගන්න සල්ලි නෑ. ෆාමසියෙ බෙහෙත තියෙනවා ගන්න. සල්ලි සාක්කුවේ නෑ. දරුවෝ ෆාමසි කඩල මංකොල්ලකාලා අම්මට අවශ්‍ය බෙහෙත ගන්නවා. ඉන්දුනීසියාව අරාජික වුණා. මිනිස්සුන්ට කන්න බොන්න නැති වුණා. ලෝක බැංකුව කිව්වා හොඳයි අපි මැදිහත් වෙන්නම් ඔබේ රට බේරගන්න.
හැබැයි එක කොන්දේසියක් තියෙනවා ඔබේ රටින් වෙන්වෙලා යන්න හදනවා නැගෙනහිර තිමෝරය. වෙන්ව යන්න හදන තිමෝරය ට වෙනම රටක් වෙන්න ඉඩ දෙන්න.
අපි අවශ්‍ය විදේශ විනිමය ගෙනවිත් ඔබේ රට බේරගන්නම්. ජනාධිපති ස්වර්තෝ මම ජනාධිපති විදිහට තිබුණු ඉන්දුනීසියාව මම ගෙදර යනකොටත් ඒ විදියට තියෙන්න ඕන මට මේ යෝජනාවට එකඟ වෙන්න බැහැ කියලා කිව්වා.
මව්බිම නැත්නම් මරණය කියලා එදා කතා කරපු දේශප්‍රේමී ජනතාවම මෙදා පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න ගත්තා නැගෙනහිර තිමෝරයට වෙන්වෙලා යන්න ඉඩදීලා හරි අපිට කන්න දීපල්ලා කියලා. ස්වර්තෝ ජනාධිපති ඉල්ලා අස්වෙනවා. ඊළඟට පත්වෙන ජනාධිපතිවරයා නැගෙනහිර තිමෝරයට නිදහස් වෙනම රටක් වෙන්න වෙන්වෙලා යන්න ඉඩ දෙනවා. ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් බටහිර රටවලුත් එකතුවෙලා ඉන්දුනීසියානු රුපියා ස්ථාවර කරලා ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නවා. හැබැයි නැගෙනහිර තිමෝරය සදහටම ඉන්දුනීසියාවට අහිමි වෙනවා.
රුපියල් කඩාවැටුණාම අපේ ණය බර වැඩි වෙනවා. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ණය බර ඩොලර් බිලියන 35 ක්. ඒක රුපියලකින් ඩොලරයේ වටිනාකම වැඩි වෙද්දි අපේ රට පිටරටට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 35 කින් වැඩි වෙනවා. මේ බිලියන 35 හොයන්නේ කොහෙන්ද? ජනතාව මත බදු පිට බදු පටවන්න ඕන. අපේ රටේ කෑම එන්න පිටරටින්, බෙහෙත් ඒන්නේ පිටරටින්, ඉන්ධන එන්න පිටරටින්, කෘෂිකර්මයට ඕනකරන පොහොර ටික එන්න පිටරටින් හැමදේම පිටරටින්. හැමදේම ගණන් ගිහිල්ලා කන්න බොන්න නැතිව යනවා. අපි ජනතාව හාමතේ ඉන්න කොට බටහිර නායකයන් ඇවිත් කියාවි පෙඩරල් ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත වෙනවනම් අපි ලෑස්තියි රුපියල ස්ථායිකරන්න ලංකාව බේරගන්න කියලා.
https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/