19_හැවිරිදි_චීන_Hacker

r runner

Member
May 12, 2015
2,396
781
0
19_චීන_Hacker


19 හැවිරිදි චීන Hacker කෙනෙකු $ 170,000 සොරා ගනියි.







චීනයේ Dalian හි 19 හැවිරිදි තරුණයකු එරට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විසින් ගුවන් සමාගමක වෙබ් අඩවියක් hack කර ඇති අතර මිලියන 1.6 ක ප්‍රවේශපත්‍ර ඇනවුම් සොරා ගෙන පසුව ඉතා සූක්ෂම ලෙස සංචාරකයන්ගේ ඇණවුම් විස්තර වලට අදාළව ගණුදෙනු සිදුකර මිලියන 1.1 yuan ($ 170,000 / $ 156,000) ප්‍රමාණයක් ඔහු සතු කරගෙන ඇත.

Zhang නම් මොහු ගිනිකොන චීනයෙහි Heilongjiang හි විසූවෙකි. ඔහු විසින් hack කරන ලද ගුවන් සේවා වෙබ් අඩවියෙහි අයිතිය හිමි ගුවන් සමාගම තවමත් තම නම ප්‍රසිද්ධ නොකිරීමට වගබලා ගෙන සිටියි. Zhang විසින් සංචාරකයන් මිලියන 1.6 කගේ ඇණවුම් විස්තර (names, flight details, ID card numbers, email addresses, mobile phone numbers) සමාගමෙහි B2B නම් පද්ධතියට පහර දීමෙන් ලබාගෙන ඇත.


වෙබ් අඩවියේ පැවති ප්‍රවේශ පත්‍ර ඇණවුම් අවලංගු කර ඇති මොහු පසුව, සොරාගත් දත්ත මගින් මගීන්ට පණිවිඩ යවා ඇත්තේ ගුවන් යානය ඇණවුම් කිරීමට නොහැකි බවත් තම ගුවන් ගමන් අවලංගු වී ඇති බවත්ය. එම නිසා නැවත ඇණවුම් කිරීමට නම් අමතර මුදලක් ගෙවීමට සිදුවන බවය. පසුව නැවත ඇණවුම් කිරීමේ link එකක් නිකුත් කර ඇති මොහු මගීන්ගෙන් මුදල් සොරාගෙන ඇත. (කොහොම වුණත් අරන් තියෙන්නෙ සුළු පටු මුදලක් නම් නෙවේ)



කොහොම උනත් ගුවන් සමාගමට මේ පිළිබඳව දැනගන්න සති 3 ක් ගතවෙලා තිබෙනවා. ඒ කාලය තුල ගුවන් සමාගමට අහිමි වූ මුදල විශාලයි. මෙම මුදල් වංචාව හේතුවෙන් චීන පොලීසිය විසින් Zhang පසුගිය නොවැම්බර් 11 අත්අඩංගුවට ගනු ලැබුවා. පොලීසිය පැවසූ අන්දමට ගුවන් සමාගම් පරිඝණක පද්ධතියෙහි වූ දුර්වල භාවයක් මෙම hack කිරීමට හේතුව ලෙස හදුනාගෙන ඇත.
 
Last edited:

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ඇයි බන් මේ හැම හැකර් කෙනෙක්ම පොලිසියට අහුවෙන්නේ? මුන් හැක් කරන්න දන්නව උනාට ට්‍රේස් වෙන්නේ නැතිව මේක කරන්න දන්නේ නැද්ද? 
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඇයි බන් මේ හැම හැකර් කෙනෙක්ම පොලිසියට අහුවෙන්නේ? මුන් හැක් කරන්න දන්නව උනාට ට්‍රේස් වෙන්නේ නැතිව මේක කරන්න දන්නේ නැද්ද?

    කොච්චර දක්ෂයෙක් උනත් වැරද්දක් කලොත් දඩුවම් විදින්නම එපැයි නේද?.. ලෝකෙන්ම නැත් උනත් තමුන්ගේ හදවතින් හරි..:)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    1100_-_animated_gif_l33t_h4x_nagato_yuki_suzumiya_haruhi_no_yuuutsu_the_melancholy_of_haruhi_suzumiya.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගැලූ දියකඳ හැපී බිඳුණා තිසා වැව් බැම්මේ
    ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ තිසා වැව් ඉවුරේ
     

    Similar threads