1MILLION JOBS නැති_වෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මෙරට සේවකයන් මිලියන ගණනක රැකියා අහිමි වීමට යයි..



    කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මෙරට පුද්ගලික අංශයේ සේවකයන් මිලියන ගණනක රැකියාවන් අවදානම වැටී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

    රැකියාව අහිමිවීමේ අවදානමකට ලක් වී ඇති එම සේවකයන් වෙනුවෙන් විසඳුමක් සෙවීමට වහාම ජාතික කම්කරු උපදේශන සභාව රැස් කළ යුතු බවද ඔහු පැවසීය.

    ඉදිරි මාස කිහිපය තුළදී පෞද්ගලික අංශ සේවක සේවිකාවන් මිලියන ගණනකට වැටුප් අහිමි වීම යන කාරණාව සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යවරයා වහා මැදිහත් විය යුතු බව ද ඔහු තව දුරටත් සඳහන් කළේය.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පෞද්ගලික අංශයේ සේවකයින් මුහුණ දී සිටින ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන මෙන් අන්තර් සමාගම් සේවක සංගමය කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
    කොරෝනා වසංගතය හේතුවෙන් මුළු රටම තැති ගැන්වී ඇති අවස්ථාවක පෞද්ගලික අංශයේ සේවකයින් ද බරපතල ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටින බවත් සේවකයින් පමණක් නොව කර්මාන්ත ශාලා ද අර්බුදයකට මුහුණ දී සිටින බවත් හෙතෙම පෙන්වා දී තිබේ.
    විශේෂයෙන් කම්කරුවන් ගේ මාසික වැටුප් ලබා ගැනීම පිළිබඳ ගැටළුව, වාර්ෂික ප‍්‍රසාද දීමනා පිළිබඳ ගැටළුව මෙන්ම අපේ‍්‍රල් සිට ක‍්‍රියාත්මක වීමට තිබූ වාර්ෂික වැටුප් වැඩිවීම පිළිබඳ ගැටළුව ද ඉක්මණින් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන් එහි සභාපති වසන්ත සමරසිංහ මහතා කම්කරු අමාත්‍යවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ.
    එමෙන්ම රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව පෞද්ගලික අංශයේ සේවක පිරිස්වල අවිනිශ්චිතතාවක් ඇතිවී ඇතැයි පෙන්වා දෙන සමරසිංහ මහතා අනියම් තාවකාලික සහ මිනිස් බල සමාගම් හරහා සේවයේ යොදවා ඇති කොන්ත්‍රාත් සේවකයින් පිළිබඳ ගැටළුව ද සේවයට පැමිණිය හැකි වුවත් පැමිණීමට ක්‍රමයක් නැති සේවකයින් පිළිබඳ ගැටළුව ද බරපතල ලෙස වැඩකරන ජනතාවට පීඩා දෙන බව ද සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.
    මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන හාම්පුතුන් පසෙ දනෙක් වෘත්තිය සමිති නියෝජනය කරමින් නියෝජිතයින් පස් දෙනෙක්, කම්කරු කොමසාරිස් ජනරාල් හා අමාත්‍යංශ ලේකම්වරයා සමඟ කඩිනම් සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් කැඳවන්නැයි ඔහු ඉල්ලා තිබේ
     

    Similar threads