2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්

dilrasan said:
මේක ඔයාගෙන් ලියවුණු වෙනස් එකක් වගේ මට පේන්නෙ...මීට ඉස්සර දවස් වල ඒවට වඩා...ලස්සනයි...තව ලියන්න.....මටතව ටිකක් හන්දට මේගැන කියන්න තිබ්බ..නමුත් මම දැන් ඉන්න මූඩ් එක හරි නෑ...:rofl:
ගොඩාක් ස්තූතියි මචන්! මේක කලින් ඒවට වඩා ලස්සනද කියන එක නම් පුරස්නයක්. හැබැයි ඒවට වඩා වෙනස්. ඒවයෙ තියෙන්නේ විශ්වීය මානුෂික ආදරය ගැන. මේක ගැහැණු පිරිමි ආදරය ගැන.

මේකට ඔයාගෙ දිග කමෙන්ට් එකක් ඕන හොඳේ...:):)
 
මේක කට්ටිය කවි දෙකක් විධියට අරන් මම අදහස් කරපු නියම අර්ථය මගඇරිලා වගේ. ඒ නිසා ටිකක් පැහැදිලි කරන්නම්. කට්ටිය හිටිය නම් දිග සංවාදයක් කරන්න තිබ්බ. ඒත් දැන් අපේ බෝංචි දායකයෝ සෙට් එකම නිදි වගේ නිසා මම දැනට කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්.

ආදරය කියන්නෙ කාටවත් නිර්වචනය කරන්න බැරි දෙයක් කියලයි මට හිතෙන්නේ. දැඩි ආකල්ප වල ඉඳන් ලොකු කතා කිව්වත් ආදරය හැමෝවම සුමට කරන දෙයක්. ඒක දැනෙන්න ආදරය විඳින්නම ඕන. ගොඩ ඉඳන් පීනන්න බෑ වගේ දෙයක් තමයි ආදරය කියන්නේ. ඒත් ඒක පිහිනීම තරම් සරල නෑ. මොකද ඒක තනිකරම අපි එකිනෙකා හිතන ආකාරය අනුව තමයි දැනෙන්නේ.

මට හිතෙන්නෙ නම් ආදරය කියන්නේ වර්ගයාගේ පැවැත්ම උදෙසා සාමාජික මිනිස් ජීවියා තුල හට ගැනෙන දෙයක් කියලයි. ඒක ශිෂ්ඨාචාරගත වූ මිනිසාගේ සංස්කෘතික දෙයක් මිය අවශ්යතාවයක් නෙවෙයි. අවශ්යතාවය තමයි ශෲංගාරය (ලිව්වා හරිද මන්දා).

කොහොම හරි ඒක මෙතනට අදාල නෑ.

මුල් කවියෙ සඳහන් ආදරයෙදි මට මතකයි අපි ගැලපීම් හෙව්ව. නොයෙක් දේවල් වලින් (නම් දෙක පවා) අපි ගැලපෙනවද කියන එක ඔප්පු කරන විවිධ කරුණු ආදරය පවත්වගන්න උදව් කලා. ඒත් ඒ දේවල් කතාකරන්න කාලය හරස් වීම නිසා අපට කවදාවත් කියන කතාවක් ඉවර කරන්න ලැබුණෙ නෑ. හැමදාම අවසන් නොවුණ එකඟ නොවුණ මතවාද හිතේ තියන් අපි වෙන්වුණා. ඒ නිසාම සදහටම වෙන් වෙන්නත් වුණා.

දෙවෙනි අවස්ථාව හාත්පසින්ම වෙනස්. ඒකෙදි කතා කරන්න, අදහස් හුවමාරු කරන්න තාක්ෂණයේ උදව්වෙන් අසීමිත අවකාශයක් ලැබුණ. බැලුවම මලීගෙ සිගියෙ තියෙනව වගේ නිරායාසයෙන්ම හමුවුණ මම වගේම කෙනෙක්. ටික දවසක් කතා කරද්දි අපට කතා කරන්න දේවල් නැති වුණා. ජීවිතේ ගෙවන්න වෙන හැම මූලික ක්රමයක්ම වගේ අපි කතා කරල තිබුණා. අන්තිමේ කිසිම හැඟීමක් නැති වියලි ආදරයක් වුණා. ඒකත් එහෙම්ම අවසන් වුණා.

මේ දෙක මට වෙනත් සම්බන්ධ වලට වඩා දේවල් ඉගැන්නුව.
ආදරය පවතින්නෙ ගැලපීම් මත වගේම නොගැලපීම්ද මතයි!
 
Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    මම මේක කලින් දැක්කා..ඒත් Comment එකට දාන්න දෙයක් නැතුව පස්සට දැම්මා වැඩේ..සමාවෙන්න ඕනෙ ඒකට නම්..
    දැන් ඔයාම සම්පූර්ණ විස්තරේ දැම්මම අපරාදෙ කියලා හිතෙනවා..:lol:
    මට කියන්න දෙයක් හිතා ගන්න නම් බැහැ ඇත්තටම..!!
    චින්තන ශක්තියක් නැති රොබෝ කෙනෙක් වගේ බලන් ඉන්නවා :nerd::(:lol::lol:
     
    Sinhala Kolla said:

    මම එහෙම විස්තරේ දැම්මෙ නැත්නම් කවි දෙක එකට දාපු එකේ තේරුමක් නැතිවෙනවා. මොකද ගොඩක් අය මේක ගන්නෙ කවි දෙකක් විධියට විතරයි.

    චින්තන ශක්තියක් නෑ????:shocked::shocked::shocked: බොරු විතරක් කියන්න එපා. චිත්ර ශිල්පියෙක් කියන කතාවක්ද ඔය?

    චින්තනේ වැඩක් නෑ... කවිය කියවද්දි ඔයාට හිතෙන දේවල් වචන වලට පරිවර්තනය කරන්න.. ඒ ඇති.
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    freednbeing said:

    ඔව් ඔවු විස්තරේ දාපු එක හරි මටත් හිතුනෙ කවි දෙකක් වගේ තමයි..!!
    කොහොම වුනත් මට කවි දෙක කියවද්දි චිත්ත රූප මැවුනා මිසක් වෙන දෙයක් නම් හිතුනෙ නැහැ ඒකයි මම කිවුවෙ..!!
    චින්තන ශක්තියක් නැති කතාව විහිලුවට වගේ කිවුවෙ:lol: ඔයා ඒක සීරියස් අරගෙනනෙ!!
     
    මට විහිළු තේරෙන්නෑ අනේ... :lol::lol::lol:

    ගණන් ගන්න එපා. ඔයාගෙ හිතේ මැවුණ චිත්ත රූප ටිකවත් කියන්නකෝ...

    PS

    යාවජීව බෝංචි සාමාජිකයන්ගෙන් තොරව නොදැනුවත්වම ලියලන තවත් බෝංචි වැලක්ද මේ...:shocked::shocked::lol::lol::):)
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    freednbeing said:

    මට විහිළු තේරෙන්නෑ අනේ... :lol::lol::lol:

    ගණන් ගන්න එපා. ඔයාගෙ හිතේ මැවුණ චිත්ත රූප ටිකවත් කියන්නකෝ...

    PS

    යාවජීව බෝංචි සාමාජිකයන්ගෙන් තොරව නොදැනුවත්වම ලියලන තවත් බෝංචි වැලක්ද මේ...:shocked::shocked::lol::lol::):)

    Daddy ලාගෙ SMS සින්දුව අහද්දි මැවුනු චිත්ත රූපයම තමයි මෙතනදිත් ආයෙ ඉස්මතු වුනේ..SMS සින්දුවෙ වීඩියෝ එක ආවම ඒ චිත්ත රූප පසුව පැමිණි වීඩියෝ එක මම දැකපු විදියත් එක්ක ගැටුණේ කෙසේද, ඒ විදියටම ඔයාගෙ කවිය කියවද්දි මැවුණු චිත්ත රූප ඔයා දැන් ඉදිරිපත් කැපු විස්තරය එක්ක ගැටුණා..!!:lol::lol:
    ඒක නිසා මට දැන් ඒ චිත්ත රූප ගැනනම් කියන්න හිතෙන්නෙ නැහැ:(

    මේ මොනවද මම ලියලා තියෙන්නෙ...මම පණ්ඩිත කතා කියනවද මන්දා!! මේක මකලා දාන්න හිතුනත් ඔන්න ඔහේ දානවා!!

    ඔයාලාගේ බෝංචි සාමාජිකයෝ ටික නම් මොනවා කියයිද මන්දා..:shocked::shocked:
     
    දැන් නිදිමත ඇතිනේ. හෙට ආයෙම කවිය විතරක් කියවල හිතල බලල කියන්නකෝ...

    බෝංචි සෙට් එකම දැල් දාල හොයන්න වෙයි වගේ. මලියත් කලින්ම දොයියන්න ගිහින් අද. සම්පත්ව දැක්කෙත් නෑ දවසටම:(
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    බොංචි වැල් දැන් මැරෙනව වගේ තමා මට නම් පෙන්නේ.......අපේ කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා.සම්පත් අයියා කොළඹ ඇවිල්ලා.කට්ටියම අතුරුදහන් වෙලා..
     
    ravicplk said:
    බොංචි වැල් දැන් මැරෙනව වගේ තමා මට නම් පෙන්නේ.......අපේ කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා.සම්පත් අයියා කොළඹ ඇවිල්ලා.කට්ටියම අතුරුදහන් වෙලා..
    ඒකනේ කියන්නේ.... කස්ටිය වෙන කොහෙ හරි ස්ටෙලා වෙලා වගේ නේ...

    නැත්නම් මෙයාල කරපු විප්ලව වල හැටියට අර සුදු වෑන්...:dull:
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    ravicplk said:
    බොංචි වැල් දැන් මැරෙනව වගේ තමා මට නම් පෙන්නේ.......අපේ කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා.සම්පත් අයියා කොළඹ ඇවිල්ලා.කට්ටියම අතුරුදහන් වෙලා..

    Athurudahan wela inna kattiya set karagena aayith bonchi paleta pohora tikak daala gammu heta anidda dihaata :D :) ;)

    Free lokka>>
    Kaviya ElaKiri Freed. Hariyata kiyawala reply ekak daannam :)
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    sampath312 said:
    මාත් හෙට උදේම කොළෙම් පුරේ යන්න ඉන්න නිසා ටිකක් වැඩ අදිකයි...ගිහින් ඇවිත්ම මේ ගැන බොංචි වැලක් පැල කරමු

    පසු වදන

    කොල්ල ගමේ යනව වැඩියි වගේ:P හරි හිරි ලගදි බදින්න කියල ආරංචියි කවුදෝ:lol: :lol:
    මේවා හුදෙක් මඩ පමණි:lol: :P

    mokakda oya hamadaama kiyana Bonchi kathaawa?
     
    x-pert said:
    Athurudahan wela inna kattiya set karagena aayith bonchi paleta pohora tikak daala gammu heta anidda dihaata :D :) ;)

    Free lokka>>
    Kaviya ElaKiri Freed. Hariyata kiyawala reply ekak daannam :)
    අම්මේ xp! කියල වැඩක්ම නෑ. කොහෙද හිටියේ?

    බෝංචි කතාව නම් එලම එල. නව බලාපොරොත්තු ගොඩක් නේ... ඒත් අදත් කට්ටිය නම් නෑ වගේ...

    කවිය කියවලා පස්සෙ දිග කතාවක් කරන්නකෝ...:):)

    කවුද යකෝ ලොක්කා? මම මේ මී හරක් සොක්කෙක් විතරනේ...:(
     
    Billl Gates said:
    mokakda oya hamadaama kiyana Bonchi kathaawa?
    හායි බිලී! බෝංචි වනාහි ටොපික් එකත් එක්ක ඕෆ් ටොපික් අනමින් හරියට පබිලිස් අංකල්ගෙ ෆ්රයිඩ් රයිස් වගේ තලු මරමින් හුය දිගේ යන එකයි. එතකොට දන්නෙම නැතිව ජැක්ගේ බෝංචි වැල වගේ හුය ලියලනවා... :):)