විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පූර්ණ සහය ලබාදීමට තීරණය කර තිබේ.
සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට එම පක්ෂය විසින් කමිටුවක් පත්කරනු ලැබීය.
ඒ අනුව එම කමිටුව නිර්දේශ කර ඇත්තේ සංශෝධනයට උපරිම සහාය දිය යුතු බවටයි.
අදාළ කමිටු වාර්තාව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඉන්පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා භාර දීමට සූදානමින් සිටී.
එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතායි.