උඹ 2000 ට කලින් උන් ගැන කියන කතාව හරි අැති. හැබැයි මේකෙ කමෙන්ට්වල එහෙම දෙයක් නෑනෙ. මාත් ගිහින් බැලුවා. මෙන්න තියෙන එ්වා. කමෙන්ට් 6 යි තියෙන්නෙ.
මට නම් හොඳටම ටිපර් ඝණයට ගන්න පුළුවන් එක කමෙන්ට් එකයි පේන්නෙ. එ්කත් 2000 ට කලින්ද කියල හිතන්න පුළුවන් profile එකක්ද මන්දා. මූණක්වත් නැති fake එකක්නෙ.
ඉතින් එ් හේතුව උඩ උඹෙ conclusion එක ගැන ලොකු අවුලක් එනවා. උඹත් මේ අර ජෙප්පො වගේ එකම එකෙක් අැවිත් මොකක් හරි ගැන කතා කරාම "විශාල පිරිසක් දවසකට මට කතා කරලා මෙහෙම කියනවා, මේ ගැන රටේ සංවාදයක් හැදිලා බව පේනවා, මේ රටට වෙනසක් අවශ්‍ය බව එයින් පෙනෙනවා, එ් වෙනස කිරීමේ කාර්යභාරය අපි අතට ගන්නවා" වගේ බයිලා ගහන පිස්සෙක්ද?
දැන් හැබැයි මට නම් පේන තවත් ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් ගෑනු පොඩ්ඩක් එහෙන් මෙහෙන් පේන්න අැඳලා, සිගරට් වයින් මොනවා හරි බීලා නටන එ්වා වෙලාවකට දානවා කවුරු හරි බැනලා මොනවා හරි කිව්වොත් අන්න එ්ක screenshot ගහල දාලා පොඩ්ඩක් අවධානය ගන්න. උන්ට තියෙන අවුල තමයි අද කාලෙ කවුරුත් එහෙම උන්ට බනින් නෑ. හොඳ කියනවම විතරයි. ඉතින් කවුරු හරි බැනපු එකක් දාලා අවධානය ගන්න හිතාගෙන පැනල කැපී පේන්න දාන එ්වට එහෙම නොවුණාම අන්න උන්ට සෑහෙන අවුලක් එනවා.
මට හිතෙන්නෙ උඹටත් වෙලා තියෙන්නෙ එහෙම එකක්. කෙල්ලො ටිකක් නටනවා, හැබැයි කවුරුත් එහෙම ලොකු නරක දෙයක් කියල නෑ. හැබැයි උඹෙ ඔලුවෙ තියෙන්නෙ හෙන පිරිසක් මේකට බැනල දාන්න ඕන කියල මතයක්. එ්ක නැති වුණාම උඹටම අවුල් ගහනවා. එහෙම නේද.