View attachment 116772
මේක දැකලා බයියෝ නම් ලැජ්ජාවක් නැහැ, ඇඩ්මින් උඹට මොලයක් නැද්ද කියලා අහන්න එපා. මේ තමයි රටේ වන ඝණත්වය පිලිබඳ දත්ත. එක එකාගේ පොලිටිකල් ප්රොජෙක්ට් වල ලණු කන්න කලින් තොරතුරු විපරම් කරලා බලන්න. මේ රටේ වන ගහණය සීඝ්ර ලෙස පහල ගිහින් තියෙන්නේ මොන කාලය තුලද කියලා. හැබැයි ඔය කාලේ ඔය පරිසර මිතුරෝ සද්ද නැහැ, කිලි මහරාජත් මර නින්දේ. දැන් මාස 5ක ඉඳන් තමයි නැගිටලා තියෙන්නේ. මේ බොරු පරිසර ආලේ පොලිටිකල් ප්රොජෙක්ට් එකක්. ඒකට ඉතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිස්සුන්ව පාවිච්චි කරනවා. මොකද කොහේ හරි කපනවා කිව්වට අපිට ගිහින් ඕක වග විභාග කරන්න විදියක් නැහැ. අඩුම තරමින් අපිට එය නිවැරදිද යන්නවත් තහවුරු කරගන්න විදියක් නැහැ. මේ අතිශෝක්තිය ඉතින් බංකොලොත් දේශපාලඥයින්ගේ බොරු සටන් පාඨයක්. ඇත්තටම ආදරේ නම් ඔය උන්දැලා මෙච්චර හානියක් කරපු යහපාලන කාලයේ මොකද දන්නේ නැහැ කලේ!
එකා එකාගේ ලණු කන්නේ බලාගෙනයි.
ඇඩ්මින් බුරුවා, වහලා කියන්න කලින් මූලාශ්ර ටිකත් බලලා ඉන්න.
පරිසරයට ආදරේ මිනිස්සු හැමදාම ඒ වෙනුවෙන් පෙනි හිටියා, ඒ වගේම ඉස්සරහටත් පෙනි ඉඳීවි.
සුබ දවසක්!
මූලාශ්ර
https://data.worldbank.org/indicator/AG.LND.FRST.ZS...
https://thediplomat.com/.../fighting-deforestation-in.../....