2009 August-2014 October

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
සොළොස් වියෙදි හාද වුන අපි සිහින පොදියක් පොදි බැඳන්
පස් වසක් ගත වුණා නොදැනිම අපේ වයසත් පහු කරන්
නොගැලපෙන බව පැවසුවා ඔබ නොසිතු ලෙස කිසි අන්දමින්
සිතා ගන්නට බැරිවුණා මට ඇයිද කියනුයෙ මේ ලෙසින්

මගුල් පෝරුවකට නගින්නට සිතා සිටියත් එක සිතින්
කොතැන හෝ වැරදුනා අප හට නැවත එක් නොවනා ලෙසින්
පුරා අඩ දශකයක් සිටියත් නොබිඳෙනා යුවලක් ලෙසින්
වෙන් වුනා අප නැවත කිසිදා එක් නොවෙන ලෙස දිවුරමින්

කියූ කෙළිලොල් කතා ඔබ මා තුරුලේ දැවටී සෙනෙහසින්
දැන් මොනවා කරනවා ඇත්දැයි මහද විමසයි විපරමින්
වෙන් වෙලා සිටියත් ඉතින් අපි නාඳුනන මිනිසුන් ලෙසින්
දුකක් නෑ මට සත්තමයි මතකය කලත්තන විට හිතින්

කවද හෝ අපි යලිත් හමුවෙයි අපි අපේ නොවුනත් ප්‍රියේ
කවද කොහෙදෝ කෙලෙස වේවිද නොදනිමී එය ලබැඳියේ
නොලැබුනත් අතැඟිලි බඳින්නට මැවුව ලෙස අප සිහිනයේ
සුබ පතන්නෙමි ඉදිරි දිවියට මගේ සුදු බෝනික්කියේ !​

:love: එළකිරියේ ප්‍රකාශයට පත් කරන මගේ ප්‍රථම කවි නිර්මාණය :love:
rep එපා :no: feedback එකයි වටින්නේ මචන්ලා :yes:
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    pissu hadenawa
    ubata elatama kavi liyanna puluwan ne bn
    mata lyrics tikak liyala deepanko mama ubata salli dennam
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    pissu hadenawa
    ubata elatama kavi liyanna puluwan ne bn
    mata lyrics tikak liyala deepanko mama ubata salli dennam

    whoa machan,that's a huge compliment :shocked: :love:
    monawa genada lyrics ona ? me tike mama gedara inne.
    topic eka pm karapan.
    mama meeta kalin nam ohoma liyala naha bn habai.uba issara indan meke inna ekek nisa try ekak dennam :)