< 2011 පළාත් පාලන මැතිවරණය>

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    its ok for Local Authorities
    but not any higher ...:rolleyes:
    actually for SL, its better if it can go all the way to general elections. Party based politics has gone so far off the track that parties have forgotten what politics really is about.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    actually for SL, its better if it can go all the way to general elections. Party based politics has gone so far off the track that parties have forgotten what politics really is about.

    i'm agree with you on that point Kos, but what about experience in foreign relationships
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    i'm agree with you on that point Kos, but what about experience in foreign relationships
    even with parties, thats still largely based on the individual. However, independent candidates going in to parliament doesnt mean they are going to get a majority. With the present voting seating system thats never going to happen.
    What will, or I should say should happen, is that by having a significant number of a independent candidates in parliament, it helps keep the major parties in check.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    even with parties, thats still largely based on the individual. However, independent candidates going in to parliament doesnt mean they are going to get a majority. With the present voting seating system thats never going to happen.
    What will, or I should say should happen, is that by having a significant number of a independent candidates in parliament, it helps keep the major parties in check.

    but the matter is in srilankan politics small or indipendat
    or any other party can't hold on to their beliefs they
    eventually move for money
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එජාපයට හිමිව තිබූ අසුන් කිහිපයක බලය අහිමිවෙයි

    එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ ඇතැම් පළාත් පාලන ආයතනවල බලය මෙවර මැතිවරණයෙන් එම පක්ෂයට අහිමි වී තිබේ.

    කතරගම, මාලිම්බඩ, කින්නියා යන ප්‍රාදේශීය සභාවල බලයත් හොරණ නගර සභාවේ බලයත්, කළුතර බේරුවල නගර සභාවේ බලයත් එක්සත් ජාතික පක්ෂයට මෙවර අහිමි වී ඇත.

    මෙතෙක් පානදුර නගර සභාවේ සහ පාරින්ද නුවර ප්‍රාදේශීය සභාව, නාවුල ප්‍රාදේශිය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ අතර මෙවර මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය එම පළාත් පාලන ආයතනවල බලය හිමිකර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

    එක්සත් ජාතික පක්ෂය යටතේ පාලනය වූ පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ බලය ද ස්වාධීන කණ්ඩායමක් විසින් හිමිකර ගෙන තිබේ.

    ඡන්ද ප්‍රතිඵල වලට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට පළාත් පාලන ආයතන 205ක බලය හිමිවු අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවුයේ පළාත් පාලන ආයතන 9ක බලය පමණි.

    එක්සත් ජාතික පක්ෂය ගම්පොළ, කඩුගන්නාව, කුලියාපිටිය, සීතාවකපුර, කළුතර යන නගර සභාවල බලය ද බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය ද පහත හේවාහැට, පස්සර, අම්පාර යන ප්‍රාදේශීය සභාවල බලය ද හිමිකර ගෙන තිබේ.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පළාත් පාලන ආයතන 205 ක බලය හිමිකරගනිමින් 2011 පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී තිබේ.

    පළාත් පාලන ආයතන 234 ක් සඳහා මෙවර පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබීය.

    ඉලංගෙයි තමිල් අරුසකච්චි පළාත් පාලන ආයතන 12 ක බලය හිමිකරගනිමින් මෙවර පළාත් පාලන මැතිවරණයේ දෙවන ස්ථානය හිමිකරගෙන තිබීම විශේෂත්වයකි.

    තෙවන ස්ථානයෙහි පසුවන එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත්තේ ආයතන 09 ක පමණි.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන ආයතන 04 ක ද, කඳුරට ජනතා පෙරමුණ එක් ආයතනයක්ද, ජාතික කොංග්‍රසය ආයතතන 02 ක් හා ස්වාධීන කණ්ඩායමක් එක් පළාත් පාලන ආයතනයක් ද බැගින් මෙවර පළාත් පාලන මැතිවරණයෙහි බලය හිමිකරගෙන තිබේ.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මැතිවරණ ආරක්ෂක කටයුතු පිළිබද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ගාමිණි නවරත්න මහතා සදහන් කළේ, අද සිට දින 7ක් යනතුරු කුමන අන්දමේ හෝ පෙළපාළි යාම සපුරා තහනම් වන බවයි.

    වාහන පෙරටුකොට හෝ පෙළපාළි යාමට සුදානම් වන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සියලුම පොලිස්ථානවලට නියෝග කර ඇති බව ද ඔහු සදහන් කළේය.

    ඊයේ දිනයේ ව්‍යාජ ලෙස ඡන්දය දැමීමට උත්සාහ දරා ඇතැයි කියන මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, ඊයේ දිනයේ පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ සිද්ධින් පිළිබද තවත් පැමිණිලි 18ක් පොලිස්ථානවලට ලැබී ඇති බවයි.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙවර පළාත් පාලන මැතිවරණය තුළ රජයේ ප්‍රචණ්ඩත්වය දක්නට ලැබුණු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

    පෙරවරු 7 සිට පස්වරු 2 දක්වා ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 25% -30% ත් අතර පැවති බව වාර්තා වූ බවත්, පස්වරු 2 සිට 4 ක දක්වා කාලය තුළ එය 35% න් ඉහළ නැගීම පිළිබඳ සැකයක් පැනනගින බව ඔහු පෙන්වාදෙයි.

    ඒ සම්බන්ධ නිවැරදි තොරතුරු තවමත් ලැබී නොමැති බවත්, ඒ පිළිබඳව විමර්ශනය කරමින් පවතින බවත් අද(18) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අත්තනායක මහතා සඳහන් කළේය.

    නමුත් ඒ මතම හිඳිමින් පසුබෑම සාධාරණීකරණය කිරීමට උත්සාහ නොකරන බව වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

    පසුගිය මැතිවරණය සමග සැසදීමේදී මෙවර මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස තරගකර 34%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බව ද ඔහු පෙන්වාදුන්නේය.