කොහොමද යාලුවනේ, 2011 අවුරුද්ද මගෙ ජීවිතේට ගොඩක් අත්දැකීම් එකතු වුන අවුරුද්දක් වුනා. ඉතින් මම හිතුව ඒව ඔයාලත් එක්ක බෙදාගන්න. සමහර අය මේක විස්වාස නොකරන්නත් ඉඩ තියනව. මම මේ කියන්නෙ 100% ඇත්ත. පිලිගැනීම, පිලිනොගැනීම ඔබට බාරයි.
2011 අවුරුද්ද පටන් ගත්ත කාලෙම මම ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක කෝස් එකක් පටන් ගත්ත. ජොබ් ඔරියන්ටඩ් කෝස් 3ක් කලා එතන මම. ඊට පස්සෙ එතනම ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට රු.10000 ක විතර පඩියකට ජොබ් එකක් හම්බ වුනා. ජොබ් එකේ වැඩි අවුලක් තිබ්බෙ නෑ. සමහර වෙලාවට වැඩ තියනව කන්නවත් වෙලාවක් නෑ. ඒත් සමහර වෙලාවට කිසිම වැඩක් නෑ. කම්මැලි කමේ ඉන්න වෙනව. කොහොම හරි මාස 2ක් විතර එතන වැඩ කරනකොට එතන පොඩි පොඩි ප්‍රශ්න එන්න පටන් ගත්ත. මැනේජ්මන්ට් එක වැඩ කරන අයට අවුල් දාන්න ගත්ත. ඉතින් මම හිතුව එතනින් අයින් වෙන්න. ඒ කාලෙ එතන ඉගනගන්න ආපු කෙල්ලෙක් මාත් එක්ක ෆිට් වෙලා හිටිය. කෙල්ලට කිව්වම එයා කිව්ව එයා වැඩ කරන තැන වේකන්සි තියනව ජොබ් එකක් සෙට් කරල දෙන්නම් කියල කිව්ව එයා. කොහොම හරි මාස 3ක් වැඩ කරල මම එතනින් අයින් වුනා.
ඊට පස්සෙ අර කෙල්ල හොයල දුන්න ජොබ් එකට යන්න පටන් ගත්ත. එතන කෝල් සෙන්ටර් එකක්. රු.20000 විතර හම්බ වුනා. එතකොට ඒ කෙල්ල එක්ක මම ගොඩක් ෆිට් වෙලා හිටියෙ. මම එයාට කැමැත්තෙන් හිටියෙ. ඉතින් මම එක දවසක් එයාගෙන් ඇහුව සම්බන්දයක් පටන් ගමුද කියල. එයා කිව්ව හිතන්න කල් ඕනෙ කියල. කොහොම හරි එයා කැමති වුනා.
එයාගැන ගොඩක් දේවල් කියල තිබ්බ මට සම්බන්දෙ පටන් ගන්න ඉස්සෙල්ල. එයා ගොඩක් දුක් විඳපු කෙල්ලෙක්. දෙමව්පියො අතර ප්‍රශ්න. එයාට කොල්ලෙක් ඉඳල තියනව. කොල්ල මුස්ලිම්. ඒ කොල්ලගෙ ගෙදරින් අකමැති වෙලා. ඒක නවත්තල ටික කාලෙකින් තමයි මගෙත් එක්ක සම්බන්දෙ පටන් ගත්තෙ. කොහොම වුනත් අපි දෙන්නට සතියකට වඩා එකට ඉන්න හම්බ වුනේ නෑ. එයා කිව්ව සම්බන්දෙ නවත්තමු කියල. එයාට බෑලු මට ආදරේ කරන්න. එයා මාත් එක්ක සම්බන්දෙ පටන් අරන් තියෙන්නෙ අර කොල්ලව අමතක කරන්න. ඒත් එයාට ඒක කරන්න බෑලු. මම ලඟ ඉන්නකොට එයාට ඒ කොල්ලවලු මතක් වෙන්නෙ.
කොහොම හරි ඒ සම්බන්දෙ නැවතුනා. ඊට පස්සෙ මමත් අසනීප වුනා. මගෙ ජීවිතේ 1වන වතාවට තමයි මම කෙල්ලෙක්ට ආදරේ කලෙ. මම මානසිකව වැටුන. ජොබ් එක කරගන යන්නත් අමාරු වුනා. කොහොම හරි ඒ ජොබ් එකත් මාස 4කින් නවත්තන්න වුනා. මට බේත් ගන්නත් වුනා. ඒ තරමට අසනීප වුනා මම. කොහොම හරි මට ගොඩ එන්න උදව් කලේ අර කෙල්ලගෙ යාලුවෙක්. එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්. එයාට කොල්ලෙක් හිටියෙ නෑ. කොහොම හරි එයා ගැනත් කැමැත්තක් ඇති වුනා මගෙ හිතේ. මොකද එයා ගොඩාක් උදව් කලා මට ගොඩ එන්න. කොහොම හරි මට තේරුනා එයත් මට කැමතී කියල. ඉතින් මම එයාගෙන් ඇහුව.
එයා කිව්ව එයාට වයසෙන් ප්‍රශ්නයක් නෑ ඒත් එයාගෙ දෙමව්පියො මොනව කියයිද දන්නෙ නෑ කියල. එයා කිව්ව මට එයාගෙ තාත්ත එක්ක කතා කරන්න කියල. මමත් කැමති වුනා. මට තාම හිතාගන්න බෑ මම කොහොමද එදා කතා කලෙ කියල එයාගෙ තාත්තට. කොහොම හරි එයාගෙ තාත්ත කිව්ව හිතල බලන්න ඕනෙ කියල. එකපාර උත්තරයක් දෙන්න බෑ කියල. කොහොම හරි ඊට පස්සෙ එයාගෙ තාත්ත මම දෙවනියට වැඩ කරපු තැනට කෝල් එකක් අරගෙන මගෙ ගැන අහල.
ඒ වෙලාවෙදි තමයි කාලකන්නිම වැඩේ වෙලා තියෙන්නෙ. ඔෆිස් එකෙන් කෝල් එක ආන්සර් කරපු කෙනා කියල මම ජරා කොල්ලෙක්. කෙල්ලො පස්සෙ යනව, මම නිසා ගොඩක් කෙල්ලො අනාත වෙලා තියනව කියල. මම තාම දන්නෙ නෑ ඇයි ඒවගේ බොරුවක් කියල තියෙන්නෙ කියල. ඒ වගේම කවුද කියලත් මම තාම දන්නෙ නෑ. කොහොම වුනත් මම ඒවගෙ කොල්ලෙක් නෙවෙයි. මට තියන ලොකුම දුක ඔෆිස් එකේදි මාත් එක්ක තරහ කවුරුවත් හිටියෙත් නෑ. කොහොම හරි වෙච්ච දේ වුනා. අර කෙල්ල මට කෝල් කරල කිව්ව එයා නම් ඒ කතාව විස්වාස කරන්නෙ නෑ. ඒත් එයාගෙ තාත්ත විස්වාස කරල කියල.
එයාගෙ තාත්ත කිව්වලු දෙමව්පියො හරි මාව හරි තෝර ගන්න කියල. එයා අඬ අඬ කතා කලේ. එයා කිව්ව එයා අවුරුදු 19ක් ම හිටියෙ දෙමව්පියො එක්ක, ඒක නිසා මාව අමතක කරන්න වෙනව කියල. මමත් කිව්ව කමක් නෑ කියල. ඒක එයාගෙ කැමැත්ත. ආදරේ බලෙන් ගන්න බෑ. කොහොම හරි ඊට පස්සෙ එයා කතා කරන එකත් නැවැත්තුව මාත් එක්ක. මට ජොබ් එකකුත් නැති වුනා. යාලුවොත් නැති වුනා. සනීපත් නැති වුනා. 2011 ඉවර වුනා.
කොහොම හරි බෙහෙත් වල පිහිටෙනුයි, උපදේශන සේවයෙ පිහිටෙනුයි දැන් මට ගොඩක් හොඳයි. ජොබ් එකකට ඇප්ලයි කලා ආයිත්. හෙට ඉන්ටවිව් එන්න කිව්ව. මගෙ ජීවිතේ අලුතින් පටන් ගන්නව මම මේ අවුරුද්දෙ ඉඳල.
මම මේක ලිව්වෙ මගෙ දුක තුනී කරගන්නයි, ඔයාලටත් යමක් මේකෙන් ඉගනගන්නයි. මුලින් කිව්ව වගේ ඔයාල විස්වාස කරනවනම් මේක විස්වාස කරන්න. නැතත් මට ප්‍රශ්නයක් නෑ. කොහොම හරි මම හර්ද සාක්ෂියට අනුව ඇත්ත කිව්වෙ. එච්චරයි.
මට රෙප් වලින් නම් වැඩක් නෑ. කමෙන්ට් එකක් දාල යන්න.