2011 A/L සිසුන් තවමත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් ක
අපි කැම්පස් ගිහිල්ල ඉවර නම ඉතින් ඉනිත් එකාට හෙන ගැහුවත් කමක් නැහැනේ ඉතින් නේද? මොකද ඕවට කතා කෙරුවොත් විප්ලව කාරයෝ වෙනවා, කෙරුවේ නැත්නම් ඉතින් වැඩිම උනොත් අධ්‍යාපනයට කෙලවෙයි. එකේ අවුලක් නැහැ, මොකද රටක ජනතාව මෝඩ උනොත් කාටද ඉතින් වාසි?
================================
මෙන්න ලක්බිමෙන් නිව්ස් එකක්. කියවල හිනාවෙයල්ල
source : lakbima
පසුගිය (2011) වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් තවමත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගෙන නොමැත. ඉසෙඩ් ලකුණු අර්බුදය නිසා සිසුන් ඇතුළත් කරගැනීම කලක් තිස්සේ ඇදී ගිය අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය නිසාද එම කටයුතුවලට බාධා ඇති විය.මෙවැනි විවිධ හේතු මත මාස තුනකට ආසන්න කාලයකින් කල් ගිය සිසුන් ඇතුළත් කරගැනීම දැන් අලුත් අර්බුදයකට මුහුණ පා තිබේ. ඒ විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේදී ඔවුන්ට පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව නිසාය. ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ ගැටලුව අවසානයේ නිමාව දුටුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් අනතුරුවය. ඒ මාස ගණනාවක් තිස්සේ ඇදී ගිය පෙත්සම් කිහිපයක්ම විභාග කිරීමෙන් පසුවය. අවසානයේදී වෙනත් වසරවලදී විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණයට වඩා වැඩි සිසුන් සංඛ්‍යාවක් මෙවර ඇතුළත් කර ගැනීමට සිදුව තිබේ. සාමාන්‍යයෙන් වසරකට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාවට වඩා සිසුන් පන්දහස් හයසියයක් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගන්නා ලෙස අධිකරණය නියෝග කළේය. එහෙත් එවැනි විශාල අමතර සිසුන් සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීම ගැටලු සහගත වී තිබෙන අතර එම සිසුන්ට පහසුකම් ලබාදීමට විශාල වෙහෙසක් ගැනීමට සිදුව තිබේ.
මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේදී වැඩිම සිසුන් පිරිසක් ඇතුළු කරගැනීමට සිදුවන්නේ කලා පීඨ සඳහාය. කලා පීඨවලට වැඩිපුර සිසුන් ඇතුළත් කරගැනීම ලොකු ගැටලුවක් නොවනු ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය මුලදී විශ්වාස කළත් දැන් එය ගැටලුවක් බවට පත්ව තිබේ. විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සඳහන් කරන්නේ වැඩිපුර සිසුන් ඇතුළත් කරගැනීමේදී ඔවුන්ගේ අධ්‍යාපනය ගුණාත්මක තත්ත්වයෙන් පවත්වාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවයි.
“රුහුණ විශ්වවිද්‍යාලයේ මානව හා ශාස්ත්‍ර පීඨයට සිසුන් 530ක් බඳවාගැනීමට සිදුවෙනවා. සාමාන්‍යයෙන් වසරකට මානව හා ශාස්ත්‍ර පීඨයට ඇතුළත් කරගන්නේ සිසුන් 350යි. ඒත් මෙවර සිසුන් 250ක් පමණ වැඩිපුර ඇතුළත් කරගැනීමට සිදුව තිබෙනවා. මේ ආකාරයට වැඩියෙන් සිසුන් ඇතුළත් කරගැනීම අභියෝගයක්. ඔවුන්ට දේශන පැවැත්වීමට ඉඩකඩ සහිත දේශන ශාලා ලබාදිය යුතුයි. නේවාසිකාගාර ලබාදිය යුතුයි. ආපන ශාලා පහසුකම් ලබාදිය යුතුයි. මේ පහසුකම් ලබාදීමට වැඩියෙන් අපිට සම්පත් ලබාගැනීමට සිදුවෙනවා.” රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් පෙන්වා දෙයි.
කලා පීඨවලට මෙන්ම වෛද්‍ය පීඨ සඳහාද සිසුන් වැඩියෙන් ඇතුළත් කරගැනීමට සිදුව ඇත. වෛද්‍ය පීඨවලට අමතර සිසුන් ඇතුළත් කරගැනීමද ගැටලුවක් බවට පත්ව ඇතත් පසුගිය කාලයේ සිට වෛද්‍ය පීඨවලට සිසුන් වැඩියෙන් ඇතුළත් කරගැනීමට සූදානමින් සිටි නිසා විශාල අභියෝගයක් නොමැතිව වෛද්‍ය විද්‍යාලවලට වැඩියෙන් සිසුන් ඇතුළත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසයි. වෛද්‍ය විද්‍යාලවලට සිසුන් වැඩියෙන් ඇතුළත් කරගන්නා නමුත් අලුතින් වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ කිසිදු සූදානමක් නැතැයිද මහාචාර්යවරයා සඳහන් කළේය. 2005 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පරීක්ෂා කිරීමේදී ඇති වූ ගැටලුවක් නිසා වැඩිපුර සිසුන් වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කරගැනීමට සිදුවූ විට අලුතින් වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කළ නමුත් මේ අවස්ථාවේදී එවැනි පියවරක් නොගන්නා බව ඔහු පැවසුවේය. ඒ අලුතින් වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේදී ඇතිවන ගැටලු ගැන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පාඩම් උගෙන තිබෙන නිසා විය යුතුය.
සිසුන් වැඩිපුර ඇතුළත් කරගැනීමේදී වැඩිම අභියෝගයකට මුහුණ දෙන්නේ ඉංජිනේරු පීඨයි. රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට වැඩිපුර සිසුන් පනහක් ඇතුළත් කරගැනීමට සිදුව ඇතත් එය විශාල ගැටලුවක් බවට පත්ව ඇති බව වාර්තා වෙයි. “මෙවර අපේ ඉංජිනේරු පීඨයට වැඩිපුර සිසුන් විසි පස් දෙනෙක් ඇතුළත් කරගැනීමට කලින් සිටම සැලසුම් කර තිබුණා. දැන් අපි සැලසුම් කළ ප්‍රමාණයට වඩා වැඩි සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කරගැනීමට සිදුවෙනවා. සිසුන් වැඩියෙන් ඇතුළත් කරගත්තා කියලා අපිට පාඨමාලාවල ගුණාත්මක තත්ත්වය අඩු කරන්න බැහැ. ඒ ගුණාත්මක තත්ත්වය නියමිත ආකාරයෙන් පවත්වාගෙන යමින් අපිට කටයුතු කිරීමට සිදුවෙනවා. විශේෂයෙන්ම ළමුන් සියලු දෙනාට නිසි පරිදි රසායනාගාර පහසුකම් ආදිය ලබාදිය යුතුයි. ලබන වසරේදී සිසුන් වැඩියෙන් ඇතුළත් කරගන්නා විට සම්පත් වැඩියෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි.” මහාචාර්ය මෙන්ඩිස් සඳහන් කරයි.
ලංකාවේ විශාලතම ඉංජිනේරු පීඨය ඇත්තේ මොරටුව විශ්ව විද්‍යාලයේයි. මොරටුව විශ්ව විද්‍යාලය විසින් ඔවුන්ටම ආවේණික වූ පාඨමාලා රැසක්ද පවත්වාගෙන යනු ලබයි. මෝස්තර නිර්මාණ ශිල්පී ඉංජිනේරු පාඨමාලාව, භූ විද්‍යා ඉංජිනේරු පාඨමාලාව එවැනි පාඨමාලා වෙයි. මේ පාඨමාලා සදහා වැඩිපුර සිසුන් 74 දෙනෙකු ඇතුළත් කරගැනීමට තීරණය කර ඇතැයි මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන පවසයි.
මේ ආකාරයට අලුතින් සිසුන් ඇතුළත් කරගැනීමේදී පාඨමාලාවල ගුණාත්මක තත්ත්වය ගැන දැඩි අවධානයක් යොමු කිරීමට සිදුව ඇතැයි මහාචාර්යවරයා සඳහන් කරයි. විශේෂයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධියට ලෝකයේ වැඩි පිළිගැනීමක් ඇති නිසා ඒ තත්වය රැක ගැනීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.
“මෙවර වැඩිපුර සිසුන් ඇතුළත් කරගැනීමේදී භෞතික පහසුකම් මෙන්ම මානව පහසුකම්ද වැඩියෙන් අවශ්‍ය වෙනවා. දැනට අපේ තිබෙන විද්‍යාගාරවල දැන් සිටින සිසුන් පරීක්ෂණ කරනවා. සෑම දවසකම සවස හය විතර වන තුරු ඔවුන් පරීක්ෂණ කටයුතු කරනවා. අලුතින් වැඩියෙන් ළමුන් ඇතුළත් කරගැනීමේදී විද්‍යාගාර පහසුකම් ලබාදීම වැඩියෙන් කළ යුතුයි. භෞතික පහසුකම් කෙසේ හෝ හාකළමනාකරණය කරගැනීමේ හැකියාව අපිට තිබෙනවා. ඒත් මානව පහසුකම් වැඩි කිරීම ලොකු ගැටලුවක් බවට පත්ව තිබෙනවා. දැන් රෙදිපිලි අංශයේ පළමු පංතියේ උපාධියක් ලබාගන්නා අයෙකුට විශ්ව විද්‍යාලයේ සේවය කිරීමට එනවාට වඩා වෙනත් රැකියාවක් සොයා ගැනීම ආර්ථික වශයෙන් වාසිදායකයි. මේ නිසා විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩලවලට බඳවාගැනීමේ හා රඳවාගැනීමේ ගැටලුවක් තිබෙනවා. කෙසේ වෙතත් මෙම මානව සම්පත් ගැටලුව නිරාකාරණය කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක්.” මහාචාර්ය ජයවර්ධන අවධාරණය කරයි.
මේ අතර ඉංජිනේරු සිසුන් වැඩියෙන් බඳවාගැනීමට අලුතින් ඉංජිනේරු පීඨ දෙකක් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ අලුතින් ඉදිකරන ඉංජිනේරු පීඨයට අලුතින් සිසුන් සියයක් බඳවාගැනීමට නියමිත අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරමින් නව ඉංජිනේරු පීඨයක් ආරම්භ කිරීමටද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.
“යාපනය විශ්වවිද්‍යාලයේ අලුතින් ඉදිකරන ඉංජිනේරු පීඨයට සිසුන් සියයක් ඇතුළත් කරගන්නවා. එහි දේශන සඳහා ඉන්දියාවේ විශ්වවිද්‍යාලවලින් ආචාර්ය මහාචාර්යවරුන් බඳවා ගැනීමටත් සැලසුම් කර තිබෙනවා. අවුරුද්දක කාලයක් සඳහා කොන්ත්‍රාක් පදනම මතයි ඔවුන් බඳවා ගන්නේ. ඒ වගේම නැගෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ආරම්භ කරන ඉංජින්රු පීඨය හාඩි ආයතනයේ පිහිටුවනවා.ඩි ආයතනයේ දැනට ගොඩනැගිලි හා අවශ්‍ය පහසුකම් තිබෙනවා. ඒ නිසා ගැටලුවකින් තොරව එම ඉංජිනේරු පීඨය ආරම්භ කළ හැකියි’” මහාචාර්ය ගාමිණී සමරනායක පවසයි.
මේ අතර සියලුම විශ්වවිද්‍යාලවලට ලබන වසරේදී රුපියල් බිලියන දෙකක අතිරේක ප්‍රතිපාදන විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඉල්ලා ඇත. එම මුදල ලබාදීම ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශය මතෛක් ස්ථිරව කිසිවක් ප්‍රකාශ කර නැති නමුත් එම සම්පත් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යංශය සඳහන් කරයි.