2012 දී කුමක් වෙයිද? - forecast on 2012

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    2012 දී කුමක් වෙයිද? - forecast on 2012

    2012දී සැබැවින්ම ලෝක විනාශය සිදුවෙයිද?
    2012 ලෝක විනාශය පිලිබදව ලොව පුරා විවිධ මත පවතින නමුත් මේ ගැන ස්ථිර අදහසක් හෝ සියළුදෙනා පිලිගන්නා මතයක් ඉදිරිපත් කිරීමට මෙතෙක් කිසිවෙකු සමත් වී නොමැත. කෙසේ වුවද මේ වන විට ලොව පුරා ඉතා ප්‍රකට මාතෘකාවක් වන මේ පිලිබදව අද දින ලංකාදීප පුවත්පතේ පලවූ ලිපියක සාරාංශය ඔබ වෙත ඉදිරිපත් කරමු.


    2012 ලෝක විනාශය පිලිබද ප්‍රසිද්ධ අනාවැකිකරුවන්, විද්‍යාඥයින් මෙන්ම ජ්‍යෝතිෂඥයින් ඉදිරිපත් කල විවිධ මතවාද ලොව පුරා ප්‍රකටය.


    තරමක් අප්‍රකට නමුත් ප්‍රභල ශාස්ත්‍රඥයෙකු වූ 603-683 කාලයේදී මෙක්සිකෝවේ පාලකයාව සිටි පාකල් වෝටන් පඩිවරයා 2012.12.21 දින පෘථිවියේ මහත් විනාශයක් සිදුවී මෙලොව සියළු පාපී ජීවීන් මරණයට පත්වන බව අනාවැකි පලකර ඇත.


    අතීතයේ ආසියාවේ සියළු රටවල් එක්ව මිනිසාගේ මුල්ම ජන්ම භූමිය වූ "බූ" නැමැති මහාද්වීපයක් පැවතුනු බවත් කෙමෙන් එම මහාද්වීපය ඉන්දියන් සාගරයේ ගිලී ගිය අතර සියළු රටවල් පාලනය කල චක්‍රවර්තී රජු මෙම මහාද්වීපයේ විසූ බවත් පුරාවෘත්ත වල සදහන් වේ. මිනිසාගේ පාපී සිතුවිලි, අධර්ම රාගය, මිත්‍යා දෘශ්ඨිය සහ පරිසරයට සිදු කරන ලද හානි නිසා මෙසේ භූමිය මෙන්ම මිනිසාද බෙදී යමින්, මුහුදු ජල මට්ටම ඉහල යමින්, මිනිසා දුර්වල සහ අසරණ වෙමින් පවතින බව මෙම පුරාවෘත්ත වල සදහන්ය.


    නාසා ආයතනය පවා පවසා ඇත්තේ දැනට පවතින තත්වය අනුව මෙවැන්නක් සිදු නොවේ යැයි සහතික කර ප්‍රකාශ කල නොහැකි බවය. දැනට 2012 දී සිදුවිය හැකියැයි පිලිගැනෙන මත මෙසේය.


    1. අනාගත වාක්‍ය ප්‍රකාශ කරන්නන්ට අනුව 2012 දී උග්‍ර ආහාර හිගයක් ඇතිවිය හැක.


    2. ඉතා පැරණි මෙන්ම දැනටද විශ්වාස කල නොහැකි තරම් දියුණු තාක්ෂණයකින් සහ දැනුමකින් යුත්වූ මායාවරුන්ගේ දින දර්ශනය 2012.12.21 දිනට අවසන් වේ. මායාවරුන් පිලිබද කථාව ඉතා රසවත්ය. ඔවුන්ගේ දින දර්ශනය සකස් වී ඇත්තේ අවුරුදු 25625ක් කාල වකවානු වලිනි.අවුරුදු 25625ක් යනු සෞරග්‍රහ මණ්ඩලය ක්ෂීරපථය වටා එක් වරක් ගමන් කිරීමට ගතවන කාලයයි. මොවුන් මෙම කාලය අවුරුදු 5125 කොටස් 5 කට බෙදා තිබූ අතර ඉන් 5වන කොටස 2012.12.21 දිනට සම්පූර්ණ වේ. නවීන විද්‍යාව භාවිතයෙන් පවා සොයාගැනීමට අපහසු මෙවන් කරුණු අතීත මායාවරුන් දැනසිට ඇති අතර එතරම් නිවැරදි ගණනය කිරීම් සිදුකර තිබීම ඉතා විශ්මය ජනකය. මෙම මායාවරුන්ගේ දිනදර්ශ්නයේ සම්පූර්ණ කාලය පද්ධති දිනයක් ලෙස හැදින්වෙන අතර මේසා සුවිසල් දැනුමකින් හෙබි මායාවරුන් තම දින දර්ශනය මෙදිනට නිමා කර ඇත්තේ කිසියම් හේතුවක් සහිතව විය යුතුය.

    3. සමහරුන්ගේ මතය අනුව මෙදිනට ලෝක විනාශය සිදු නොවේ. නමුත් මෙදින සූර්යයා ක්ෂීරපථයේ මධ්‍ය ලක්ෂය වෙත පැමිණීමත් සමගම අධික උෂ්ණත්වයක් ඇතිවීමෙන් ජීවිත විනාශ විය හැකිය. මෙමගින් මායාවරුන්ගේ දැනුමේ නිරවද්‍යතාවය තවදුරටත් තහවුරු වෙයි.



    4. ද්‍රැව කාන්දම් වෙනස්වීමද විශාල වෙනසක් සිදුකල හැකි ක්‍රියාවලියකි. 1845 සිට විද්‍යාඥයින් විසින් ගණනය කර ඇති පරිදි උත්තර ද්‍රැව කාන්දම් ක්ෂේත්‍රය කැනඩාවේ සිට සයිබීරියාව දෙසට ඇදී යමින් පවතී. 2012 දී මෙම තත්වය උපරිම වී ද්‍රැව මාරුවීමකට ඉද ඇති බවත් මෙනිසා භූමිකම්පා, මහාද්වීප තල්ලුවීම් වැනි දේ ඇතිවී විශාල විනාශයන් සිදුවීමේ ඉඩකඩ පවතී.


    5. තවද අපගේ පෙර ලිපියක සදහන් වූ පරිදි සූර්ය කුණාටු ඇතිවී සන්නිවේදන සහ විදුලි පද්ධති වල බිදවැටීම් ඇතිවීමේ අවධානමක් පවතී. මෙසේ ද්‍රැව වෙනස් වීම නිසා පොලොව වටා ඇති චුම්භක ක්ෂේත්‍රය බිද වැටී ශක්ති වෙනස්වීම් නිසා ඉහල වායු ගෝලය ගිනි ගැනීමේ අවදානමක් ද ඇත.


    6. එමෙන්ම සූර්යා ක්ෂීරපථයේ මධ්‍යලක්ෂයට පැමිණීම සමග ගුරුත්වාකර්ෂණය වැඩිවීම හේතුවෙන් පෘථිවියේ භ්‍රමණ රටාව වෙනස්වීම්, සුනාමි තත්වයන් සහ භූමියේ පිහිටීමේ වෙනස්වීම් වැනි තත්වයන් උද්ගත විය හැක.

    7. තවද ආගන්තුක ග්‍රහයෙකුගේ පැමිණීමක් පිලිබදවද පත පොතේ සදහන් වේ. NIBURU නමින් හැදින්වෙන මෙම ග්‍රහවස්තු පිලිබද වසර 5000ක් පමණ ඉපැරණි සුමේරියානු පොත් වල පවා සදහන්ය. මෙය පෙර කලෙක සෞරග්‍රහ මණ්ඩලයේ තිබී අතුරුදන් වූ ග්‍රහ වස්තුවක් ලෙස සැලකේ. නාසා ආයතනයෙන් මෙම ග්‍රහයා 1980 වසරේදී නැවත සොයාගෙන ඇති අතර පුරාණ තෙස්තමේන්තුවේද මෙම ග්‍රහ වස්තුව පිලිබද බොහෝ වරක් සදහන් වී ඇත. සාතන්ගේ රාජ්‍යය ලෙස අනවර්ත නාමයකින් හැදින්වෙන මෙම ග්‍රහ වස්තුව නැවත සෞරග්‍රහ මණ්ඩලයට ඇතුල්වීමේ අවදානමක් පවතී. ලෝක ප්‍රකට අනාවැකිකරුවෙකු වූ නොස්ත්‍රදාමස්ගේ අනාවැකිවල පවා ඇස්ටරොයිඩයක් නිසා පෘථිවියට තර්ජන ඇතිවිය හැකිබව සදහන් වන අතර මෙම සාතන්ගේ රාජ්‍යය 2012 දී පෘථිවියට ලංවීමෙන් මහත් විනාශයක් සිදුවිය හැක.

    මායා දින දර්ශනය පිලිබද කියැවෙන පහත වීඩියෝව නරඹන්න


     
    • Like
    Reactions: SLBlackKnight

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මෙහෙමයි!!! මට ප්‍රශ්නයක් තියෙනවා. මායාවරුන් අවුරුද්දකට දින කොච්චරද ගත්තේ? 365 ක්ද?නැත්නම් ඊට වඩා වැඩි සංඛ්යාවක්ද? ඊට වඩා වැඩි සංඛ්‍යාවක් නම් ඔය දිනේ වැරදි නේද? මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද?
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මෙහෙමයි!!! මට ප්‍රශ්නයක් තියෙනවා. මායාවරුන් අවුරුද්දකට දින කොච්චරද ගත්තේ? 365 ක්ද?නැත්නම් ඊට වඩා වැඩි සංඛ්යාවක්ද? ඊට වඩා වැඩි සංඛ්‍යාවක් නම් ඔය දිනේ වැරදි නේද? මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද?


    mehemaye apita haryatama dina wakawanuwa kiyanna baruwunathe 2012
    di wenna puluwan.kohoma wunathe 2000-2100 athara tura loku venasak siduwenawa.me gan wisthara pasuwa dannam.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය මොකුත් වෙන්නෙ නෑ බං. බය නැතුව හිටපං. එහෙම උනත් ඉන්ඩිවිජුවලි තම තමාට ඒක තවත් මරණයක් විතරයි. වෙන ග්‍රහලෝකෙක මේවගේම ඉපදෙයි :P
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මෙහෙමයි!!! මට ප්‍රශ්නයක් තියෙනවා. මායාවරුන් අවුරුද්දකට දින කොච්චරද ගත්තේ? 365 ක්ද?නැත්නම් ඊට වඩා වැඩි සංඛ්යාවක්ද? ඊට වඩා වැඩි සංඛ්‍යාවක් නම් ඔය දිනේ වැරදි නේද? මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    hariyatama 365 days tiyenawa machoo:nerd:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මම අහල තියෙන විදියට නම් සෘතු මාරුවක් සිද්ද වෙනවලු එදාට නේද..? ලෝකෙම විනාස වෙලා නොගියත් මොකක්රි ලොකු වෙනසක් ඒ කාලයෙදි වෙයි කියල නම් මට හිතෙනව. දෑන් උනත් සිද්ද වෙන දේවල් දිහ පොඩ්ඩක් බලන්නකෝ... :(
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    machan mama magazine ekaka thibba dakka mayawarunta issarahata wenna thiyena de balanna puluwan kiyala...thawa godak wisthara thibba machan...
    mata eka genna bari una ne :(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,874
    9,634
    113
    000204AE.gif
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    budu dahama anuwa meka boruwak.2012 loka wenasaya wen na.oye mona maya karaya monawa kiuwath,apita wishwasa ape gauthamau budunge dahama wetarai.
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    මම දන්නා හැටියට යහලුවනේ මායාවරුන් මේ කැලැන්ඩරය සාදන විට ඔවුන් ලොකය තැටියක් ලෙස සිතා සිටියේ ලෝකය ගොලයක් බව ඔවුනට සොයා ගන්නට බැරි උනානම් ඔවුන් කෙසෙද කියන්නේ 2012 ලෝක විනාශය කියලා