සිතේ සුසුම් නිවනා ගායනා..
ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා..
මැදියම් රැයේ රැඟුමන් රඟා..
මතක ලෝකේ වේදනා අමතක කළා..
නැවුම් ගීයක් සිතට එන්නේ..
රස විඳින්නයි අප ගයන්නේ..
අසිරි ලෝකේ සුරපුරක් වේ..
මතක ලෝකේ දුක නිමාවේ..
යොවුන් විය නෑ නිති රැඳෙන්නේ..
නොසිතු විලසින් ඉගිල යන්නේ..
දිමුතු පහනක් සේ උදාවී..
අඳුරුවී එය නිවී යන්නේ..