2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම කට්ටා;13426314 said:
    සිරා සිංදුවක් මමත් හෙන ආසය්. ඒ වුනාට බස් සින්දු කියල කියන නිසා. ප්‍රසිද්දියේ අහන්න බෑ බන් චාටර් කරනවා වටේ පිටේ උන් :lol:
    ජෝතිපාල මහත්තයාගෙ ගීත අහද්දිත් කාලයක් තිබුනලු ඔන්න ඔහොම විහිළු කරන.. ඒත්.. ඇත්ත කථාව නං හැමෝම ටිකක් හරි කැමති ජෝතිපාල මහත්තයා ගායනා කරන එක සින්දුවක් හරි තියෙනවා.. :yes::yes:

    සින්දු වලට බස් සින්දු.. පේමන්ට් සින්දු , කියලා වර්ග වාදයක් ඕන නෑ මචං... ගායනා කරන දේ මොක උනත් ගීතය ගීතයක් වගේ නං.. හොද හරයක් සහ රසාස්වාදයක් තියෙනවා නං ශ්‍රාවකයා නිතැතින්ම ඒ ගීතය වැලද ගන්නවා.. :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13426314 said:
    සිරා සිංදුවක් මමත් හෙන ආසය්. ඒ වුනාට බස් සින්දු කියල කියන නිසා. ප්‍රසිද්දියේ අහන්න බෑ බන් චාටර් කරනවා වටේ පිටේ උන් :lol:

    බස් සිංදු අහන්න බයවෙන්න ඕන නෑ. තමන්ට රස විදින්න පුළුවන්නම් අනිත් අය කියන දේවල් ගනන් ගන්න ඕන නෑ. කොහොමත් බස් සිංදු කියන දේවල වචන සරලයි. මිනිස්සුන්ගෙ ජීවන අත්දැකීම් ගොඩක් වෙලාවට තියෙන්නෙ. හදවතට ගොඩක් දැනෙනව ඒ ගීත. මේ ලෝකයේ එදිනෙදා ජීවිතය ගැටගහගන්න දුවන මිනිසුන්ට ඒ ගීත අහද්දි ඒවලින් හිතට යම් සහනයක් එනව. ඒකයි වැඩිපුර බස්වල ඒ වගේ ඒව යන්නෙ.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    peradeniya-university-beauty+%281%29.jpg
    :oo:
     
    Status
    Not open for further replies.