බලන්නකො දැන් මේ සක්වල ගැන බුදුපියානන් කරලා තියෙන විස්තරයම ඇති කෙනෙකුට උන් වහන්සේගෙ විස්මිත අවබෝඬය ගැන පැහැදෙන්න. ඔය චක්කවාල / චක්රාවාට මෙචර දුරකින් පිහිටල තියෙනවා නොගිනිය හැකි පරාසයක පිහිටලා තියෙනවා යනාදිය බුදුන් වහන්සේ දේශනා කලෙ මීට අවුරුදු 2600 විතර කලින්. ටෙලස්කෝප් වලින් බලලා නෙවේනෙ කීවෙ. ඇයි රහතන් වහන්සේ කෙනෙක් විශ්වයේ කෙලවරට සොයන්න උත්සහ කරලා අතරමන් උනාම බුදුපියානන්ම සරණ උනේ... උන්වහන්සෙ කොච්චර කරුනාවෙන්ද අපිට වදාලේ ඕවා නිශ්පල දේවල්. ඕවා කරන එකේ නිවනට කිසිම වැදක් වෙන්නෙ නැහැ කියලා... මෙන්න මේ මතේ අපි ඉන්නවානම් අපිට වරදින්න තියෙන ඉඩකඩ හරීම අඩුයි..
බුදුරජානන් වහන්සේ දන්නා සේක...
මම නොදනිමි...
බුදුරජානන් වහන්සේ ගුරුවරයා වන සේක...
මම ශිශ්යයා වෙමි...

