2013 මහා ආශ්චර්ය
ආදායම් කොමසාරිස් විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයකට අනුව 2013. 01. 01 සිට ගාස්තු සංශෝධනයක් කර තිබේ.
විවාහයක් ලියාපදිංචියට රුපියල් 5000 යි. දිවුරුම් සහතිකයකට රුපියල් 250 යි. ඉඩම් පිළිබඳ පත් ඉරුවකට රුපියල් 500 යි. උප්පැන්න සහතික පිටපතකට රුපියල් 100 යි.
2012 වසර අවසන් වනතුරු විවාහ ලියාපදිංචියට රුපියල් 120 කි. දිවුරුම් සහතිකයට රුපියල් 25 කි. ඉඩම් පත් ඉරුවකට රුපියල් 5 කි. උප්පැන්න සහතිකයකට රුපියල් 5 කි.
මේ සියල්ලම පොදු ජනතාවට බලපාන මුද්දර ගාස්තුය. එක පැත්තකින් බඩු මිල අහස උසට. අනෙක් පැත්තෙන් මුද්දර ගාස්තු. ආණ්ඩුවට පිං අයිති වේවායි නැති බැරි මිනිස්සු කියති.
මේ අතර රුපියල් පනස් ලක්ෂයක් වටිනා තීරු බදු රහිත වාහන බලපත්රයක් පළාත් සභා මන්ත්රීවරුන්ට ලබාදීම ගැන ඔව්හු රජයට වැඩියෙන් පිං පමුණුවති.
Divaina