2013 Rolls Royce Ghost

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ශ්‍රී ලංකාවට ගෙන්වන ලද නවතම රෝල්ස් රෝයි රථයයි මේ. අප වෙත තොරතුරු ලබාදෙන පාර්ශවයක් මෙම ජායාරූප එවන ලදී.


    Gossip9+cars5.jpg


    ඔහු පවසන පරිදි මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා පැමිණෙන ප්‍රභූන්ගේ භාවිතය සඳහා ගෙන්වා තිබෙන අතර තවත් මෙවැනිම රෝල්ස් රෝයි රථ 50 ඉදිරියේදී ගෙන්වීමට නියමිතය.

    එහෙත් අප කල සොයාබැලීමකදී තවත් පාර්ශවයක් හෙළිකර සිටියේ මෙය "ප්රෙස්ටිජි" නම් ආයතනය සිදුකල පෞද්ගලික අනයනයක් බවයි.

    එහි කිසියම් සත්‍යතාවයක් පැවතිය හැකිය . මෙවැනි රථ එංගලන්ත රැජින භාවිතා නොකරන අතර 2011 වසරේ ඔස්ට්‍රලියාවේ පැවතී පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවවේදීද රැජින සඳහා භාවිතා කරන ලද්දේ රේන්ජ් රෝවර් රථයකි.

    තවද මෙවැනි මිනිස් ශ්‍රමය බහුල වශයෙන් යොදා සාදන මෙවැනි රථ 50 ආනයනය කිරීමට ඇනවුම් කල දින සිට වසරක් පමණ ගතවනු ඇත.

    රෝල්ස් රෝයි රථ ලෝකයේ ධනවත් රටවල ධන කුවේරයන් පමණක් භාවිතා කරයි. රෝල්ස් රෝයි ගෝස්ට් සිලින්ඩර 12 මුලික රථයක බදු රහිත මිල ඇමරිකානු ඩොලර් ලක්ෂ තුන ඉක්මවන බව වාර්තාවේ. කෙසේ වෙතත් සමුළුව සඳහා මෙම වාහන ආනයනය කරයි නම් එය අවසන් වු පසු මෙම රථ භාවිතා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රභූන්ට හිමිවේ.

    1975 දී ද මෙවැනිම අධ් සුඛෝපභෝගී මෝටර් රථ පෙළක් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් නොබැඳි ජාතීන්ගේ සමුළුව වෙනුවෙන් ගෙන්වන ලද අතර 1977 මැතිවරණයෙන් ඇය පැරදී අගමැති ධුරයද අහිමි විය.

    පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව 2013 වසරේ නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනයන්හිදී කොළඹ පැවැත්වෙන අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය කිරුළ හිමි එලිසබත් රැජින සහභාගී වීමේ සුදානමක් පැවතින.

    කෙසේ වෙතත් මානව හිමිකම් ඇතුළු ගැටළු ගණනාවක් පදනම්කර මෙම සමුළුව වර්ජනය කරන ලෙස විවිධ පාර්ශව ඇය වෙත බලපෑම් කිරීම මත ඇය වෙනුවට චාල්ස් කුමාරයා නැවතත් ලංකාවට පැමිණෙනු ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග හෙළිකර සිටියි.





    gossip9






    2013-Rolls-Royce-Ghost-Six-Senses-1.jpg


    2013-Rolls-Royce-Ghost-Six-Senses-2.jpg


    2013-Rolls-Royce-Ghost-Six-Senses-4.jpg


    2013-Rolls-Royce-Ghost-Six-Senses-3.jpg
     
    Last edited: