2014 දී සේවය කරන්නට හොඳම ආයතන 100

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    2014 දී සේවය කරන්නට හොඳම ආයතන 100

    2014 දී සේවය කරන්නට හොඳම ආයතන 100



    2014 වසරේ දී සේවය කිරීමට වඩාත් හොඳම ආයතන 100 පිළිබඳ වාර්තාවක් Fortune නමි සඟරාව විසින් පසුගිය දා නිකුත් කරනු ලැබීය. ඒ අතුරින් Google සමාගම ප්‍රථම ස්ථානයේ පසුවන අතර Microsoft ආයතනය 86 වන ස්ථානයේ සිටින නමුත් Apple, Facebook හෝ Twitter සමාගම් ඒ මුල් 100 අතර පැමිණීමට අවස්ථාව ලැබී නැත. රැකියාවේ නිරත වීමට සුදුසු හොඳම ආයතන 100 අතුරින් ජනප්‍රිය සමාගම් කිහිපයක නම් පහතින් දැක්වේ.


    • 1: Google
    • 2: SAS
    • 7: Salesforce.com
    • 8: Intuit
    • 29: Rackspace Hosting
    • 32: Qualcomm
    • 55: Cisco
    • 70: Autodesk
    • 83: Adobe Systems
    • 84: Intel
    • 86: Microsoft
    • 98: Hitachi


    Google සහ SAS සමාගම් පසුගිය වසරේ ස්ථානය මේ වසරේද ස්ථාවර කරගැනීමට සමත්ව ඇති අතර Salesforce.com සහ Intuit සමාගම් ස්ථාන 10කින් ඉහලට පැමිණීමට සමත්ව ඇත. Rackspace සමාගම 2013 වසරට වඩා ස්ථාන 5කින් ඉහළට පැමිණ ඇතිමුත් Ciscoසමාගම ස්ථාන 10කින්ද, Qualcomm සමාගම ස්ථාන 20කින්ද, Hitachi සමාගම ස්ථාන 30කින්ද පහල බැස ඇත. ඒ වාගේම පසුගිය වසරේ මුල් 100 ලැයිස්තුව සඳහා ඇතුලත් වීමට පවා සුදුසුකම් නොලැබූ Adobe සමාගම මේ වසරේ 83 වන ස්ථානය හිමිකරගැනීමද විශේෂත්වය කි. ඒ වාගේම මුල් ලැයිස්තුව සඳහා Social Media සමාගම් වන Facebook, Twitter, LinkedIn වැනි කිසිදු සමාගමක් ඇතුලත් නොවීමත් විශේෂත්වයකි. Google ගේ මේ සාර්ථකත්වයට හේතු මොනවාද ?

    Google සමාගමේ කොටස් වෙළඳ පොලේ කොටසක මිල පසුගිය වසරේ දී $1,000 දක්වා ඉහළ ගිය අතර එය සේවකයින්ට මෙන්ම කොටස් හිමියන්ටද ලාබ ගෙනදෙන්නක් වුනා. එමෙන්ම Google සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) Larry Page, විවිධ පුන්‍යාධාර සඳහා දායක වීමට උනන්දුවක් ඇති අතර Google වෙනුවෙන් ස්වෙච්ඡා සේවයේ නිරතු සේවකයෙකුගේ පැය 5ක සේවාකාලයක් සඳහා $50 වැනි මුදලක් නොයෙකුත් ආධාර සඳහ පිරිනැමීමට Google සමාගම ක්‍රියාකරනවා. එමෙන්ම Ghana රාජ්‍ය යේ හා ඉන්දියාවේ ප්‍රජා ව්‍යාපෘති සඳහාද සිය සේවකයන් යෙදවීමට Google සමාගම කටයුතු කොර තිබෙනවා.

    පහතින් දැක්වෙන්නේ සමාගම් කිහිපයක සේවකයින් සඳහා වෙන් කර ඇති සැප පහසුකම් වලින් කිහිපයකි. මෙවැනි පාරිසරික සාධක වලට අමතරව ඉහත ලැයිස්තුව සෑදීම සඳහා විවිධ සාධක රාශියක් සැලකිල්ලට ගන්නා ලද බව පැවසේ.
    Yelp Office
    Facebook Office
    Facebook Office
    Microsoft Office
    Google Office
    Google Office
    Google Office

     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ඈයි ල0කා ආන්ඩුව සහ ආන්ඩුවෙ job , වෑඩ නොකලත් පඩි
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගුගල් එකේ මොන රස්සාද ඕව වගේද මෙහෙ දේශපාලනේ කරන එක :P