2015 අතුරු අයවැය යෝජනා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    2015 අතුරු අයවැය යෝජනා

    45679aeb9d132c8d3aa1da38a2f67a98_L.jpg



    ශ්‍රී ලාංකිකයින්ට උපරිම සහන දුන් අවස්ථාව මෙය වනු ඇති බව නව රජයේ අතුරු අයවැය අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    2014 අවසානයේ රජයේ ණය රු. බිලියන 8800 ඉක්මවන අතර සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 84.9%ක්.

    මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වැටුප් වැඩි කළ යුතුයි.
    පෙබරවාරි මස සිට රජයේ සේවකයින්ට රු. 5000ක්. ජූනි මාසයේ තවත් රු. 5000ක් ලෙස වැටුප් ඉහළට

    පුද්ගලික අංශයේ වැටුප් රු. 2500කින් වැඩි කරන ලෙස ඉල්ලීමක්

    පසුගිය රජය සමයේ වසා දැමූ කර්මාන්ත යළි ආරම්භ කිරීමට පියවර

    විශ්‍රාමික වැටුප් අප්‍රේල් මස සිට රු. 1000කින් ඉහළට

    සමෘද්ධි දීමනාව අප්‍රේල් මස සිට 200%කින් ඉහළට

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ගිණුම් සඳහා 15%ක පොළියක්

    ගර්භණී මාතාවන්ට රු. 20000ක දීමනාවක්

    වී සඳහා රු. 50ක සහතික මිලක්

    අඩු මුදලකට අත් ට්‍රැක්ටර්

    පොහොර සහනාධාරය තවදුරටත්

    නැවුම් කිරි ලීටරයක් මිලදී ගැනීමේදී රු. 10කින් ඉහළ දැමේ

    කොළඹ යළි පදිංචි කළ පවුල් සඳහා වන්දි මුදල් ඉහළට

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විමධ්‍යගත අරමුදල 100%කින් එනම් රු. මිලියන 10ක් දක්වා ඉහළට

    සෞඛ්‍ය සේවය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 3%ක් දක්වා ඉහළට

    රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 ම ක්‍රියාත්මක කෙරේ

    වකුගඩු රෝගීන් වෙනුවෙන් විශේෂ අරමුදලක්

    අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කෙරේ

    භූමිතෙල් මිල තවත් රු. 6කින් පහළට. භූමි තෙල් ලීටරයක නව මිල රු. 59යි

    සූර්ය බලශක්ති ඒකක පිහිටුවා විදුලි බල වියදම් අවම කරයි

    අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට සීනි මිල රු. 10කින් අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට කිරි පිටි ග්‍රෑම් 400 මිල රු. 325 දක්වා අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රු. 12.50කින් අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට හාල්මැස්සන් කිලෝ ග්‍රෑමයක මිල රු. 15කින් අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට ටින් මාළු මිල රු. 60කින් අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට කොත්තමල්ලි කිලෝග්‍රෑමයක මිල රු. 150කින් අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට උම්බලකඩ කිලෝවක මිල රු. 200කින් අඩු කෙරේ

    අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීමට පොරොන්දු වුණ ත් 13ක අඩු කළා

    අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් අඩු කෙරේ

    රාජ්‍ය බැංකුවල රු. ලක්ෂ 2ට අඩු උකස් කළ ස්වර්ණාභරණ සඳහා වන පොළිය කපා හරී

    උපයන විට ගෙවීමේ බද්දෙන් මුල් රු. ලක්ෂ 6 ඉවතට

    අද මධ්‍යම රාත්‍රී සිට ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා වන බදු 15%කින් අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට දෙමුහුන් වාහනවල බදු අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට සිමෙන්ති මිල රු. 90කින් අඩු කෙරේ

    කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් රු. මිලියන 1000ක බද්දක්

    මත්පැන් අලෙවි හල්වලින් එක් වරක රු. 250000ක බද්දක්

    රු. 5000ක්ව පැවති විවාහ ලියාපදිංචි ගාස්තුව රු. 1000 දක්වා අඩු කෙරේ

    චන්ද්‍රිකා මධ්‍යස්ථාන භාවිත කරන්නන්ගෙන් එක් වරක් ගෙවන රු. මිලියන 1000ක බද්දක්

    සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක්

    රජයේ අබලන් වාහන වෙන්දේසි කර රු. මිලියන 1000ක් ඉපයීමට පියවර

    ආබාධිත රණවිරුවන්ට රු. ලක්ෂ 5ක උපරිමයක ණය මුදලක්

    මහපොළ ශිෂ්‍යාධාරය පෙබරවාරි සිට රු. 5000ක් දක්වා ඉහළට

    විදුලි බල සහ ජලසම්පාදන වැනි ආයතනවල වසර 7කට වැඩි කාලයක් සේවය කරන අනියම් සේවකයින් ස්ථිර කරයි

    පාඩු අවම කිරීම සඳහා මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ඒකාබද්ධ කෙරේ

    ආරම්භක මුදලක් නොමැතිව බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අවස්ථාව

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 50%කින් බස් ගාස්තු අඩු කරයි

    සියලු ධීවරයින්ට රු. මිලියනයක ජීවිත රක්ෂණයක්

    ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) සඳහා පොළී අනුපාතය 30%ක් දක්වා පහලට

    රජයේ වියදම්වලින් දේශපාලකයින්ගේ දැන්වීම් පළ කිරීම වහා නතර කළ යුතුයි.
     
    • Like
    Reactions: shenic

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක් :lol:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    apit kanna denawanm apita bonna denawanam wena monawada tawa ona karanne.

    bada pelenna kala kottamalli beepalla.rata walatama giyawe.
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක් :lol:

    :rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක් :lol:

    wediya hithanna epa .awul saha gathai thamai.
    hebei apiti kulunu ne ne ban...
    ahinsaka duppath janathawata hodak wenawanam eccharai:cool:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ගිණුම් සඳහා 15%ක පොළියක් . up to 1 million (previously 12% for 2.5 million)

    අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කෙරේ wrong. kirimata aramba karai

    උපයන විට ගෙවීමේ බද්දෙන් මුල් රු. ලක්ෂ 6 ඉවතට wrong. 7.5 laks

    අද මධ්‍යම රාත්‍රී සිට දෙමුහුන් වාහනවල බදු අඩු කෙරේ wrong. hybrid wadi wenawa

    ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) සඳහා පොළී අනුපාතය 30%ක් දක්වා පහලට wrong. 8%