2015 සිට විනෝදයට හඳට යමු

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    2015 සිට විනෝදයට හඳට යමු

    2015 සිට විනෝදයට හඳට යමු

    space_ship_flying_through_outer_space_with_a_crescent_moon_and_stars_in_the_background_0515-0904-0812-0842_SMU.jpg



    මිනිසුන් විනෝදය පිණිස විවිධ තැන්වලට යනවා. බ්‍රිතාන්‍ය සමාගමක්‌ මේ දිනවල සැලසුම්කරමින් සිටින්නේ විනෝදය පිණිස මිනිසුන් හඳට යවන ක්‍රමයක්‌ ගැනයි.

    මෙහි මූලික පියවරක්‌ වශයෙන්, සෝවියට්‌ යුගයේ පැවති අභ්‍යාවකාශ මධ්‍යස්‌ථානයක්‌ නවීකරණය කොට එය පෘථිවියට සැතපුම් පන්ලක්‍ෂයක්‌ ඈත අභ්‍යාවකාශයේ රඳවා රොකට්‌ මගින් සංචාරකයන් එම අභ්‍යාවකාශ මධ්‍යස්‌ථානයට යෑවීමට සංචාරක සමාගම කටයුතු කරගෙන යනවා.

    මේ ගමන සිදුකෙරෙන්නේ වසර 2015 දී. "ආට්‌ ඩුලා" නමැති සංචාරක සමාගම මේ සඳහා ටිකට්‌ විකිණීමට දැන් පටන් ගෙන තිබෙනවා. ටිකට්‌ පතක මිල පවුම් මිලියන 100 යි. :P

    "ආට්‌ ඩුලා" සමාගම අයිතිකරු ඇමෙරිකන් අභ්‍යාවකාශ සංචාරක ව්‍යාපාරිකයෙක්‌. ඔහු දැනටමත් උඩුගුවනට යෑවීම සඳහා සෝවියට්‌ දේශයෙන් "අල්මාස්‌" වර්ගයේ අභ්‍යාවකාශ මධ්‍යස්‌ථාන දෙකක්‌ මිලට ගෙන තිබෙනවා. මේ දෙකම පරණ බඩු. හැබැයි අලුත්වැඩියා කළ විට අභ්‍යාවකාශයට යෑවිය හැකියි.


    අභ්‍යාවකාශ මධ්‍යස්‌ථානය ගුවනට රැගෙන යන්නේ රොකට්‌ යානාවක්‌ මගිනි. ඉන්පසු එය පෘථිවි කක්‌ෂය වටා භ්‍රමණය වීමට පටන් ගන්නවා. වරකට සංචාරකයන් තුන් දෙනා බැගින් මේ මධ්‍යස්‌ථානයට රොකට්‌ මගින් රැගෙන යන අතර ඔවුන්ට එහි දින කිහිපයක්‌ ගතකිරීමට අවකාශ ලැබෙනවා.

    d1.jpg


    "අල්මාස්‌" අභ්‍යාවකාශ මධ්‍යස්‌ථාන දෙක සහ ඒවා අභ්‍යාවකාශයට ප්‍රවාහනය කරන රොකට්‌ වලත් ඒවාට සංචාරකයන් ගෙනයන රොකට්‌ වලත් මිල ගණන් රහසක්‌ වශයෙන් තබාගැනීමට සංචාරක සමාගම බලාපොරොත්තු වෙනවා. මෙයින් එක අභ්‍යාවකාශ මධ්‍යස්‌ථානයක්‌ දැනටමත් ලන්ඩන්වල දෙවන එලිසබත් සමරු මධ්‍යස්‌ථානය ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

    මේ පළමුවන පියවර හෙවත් අභ්‍යාවකාශයට සංචාරකයන් ගෙනයැම සාර්ථකවීමෙන් පසු දෙවන පියවර වනු ඇත්තේ එතැනින් ඔවුන් හඳට ගෙන යැමයි. ඒ සඳහා මූලික පුහුණුවක්‌ ගගනගාමීන් සංචාරකයන්ට ලබාදෙනවා. අභ්‍යාවකාශ මධ්‍යස්‌ථාන එකක්‌ ටොන් 30 බැගින් බරයි. රුසියාවේ කසකස්‌තානයේ බයිකොනූර් රොකට්‌ පථයේ සිට රුසියානු ප්‍රොටෝන් රොකට්‌ටුවක්‌ මගින් මේ මධ්‍යස්‌ථාන දෙක අභ්‍යාවකාශයට රැගෙන යැමට නියමිතයි. අභ්‍යාවකාශ මධ්‍යස්‌ථානය තුළ ඝන මීටර 90 ඉඩකඩ තිබෙනවා. සූර්ය විකිරණ කුණාටුවක්‌ හටගත් අවස්‌ථාවක එයින් ආරක්‍ෂාවීම සඳහා විශේෂ ආරක්‍ෂණ වැඩපිළිවෙළක්‌ද මේ මධ්‍යස්‌ථානවල තිබෙනවා.


    ඔන්‍න‍ අපෙත් යන්න කැමති කට්ටිය ඉන්නවා නම් දැන් ඉදන්ම ටිකට් බුක් කරලා
    තියාගත්තොත් හොදයි ..:P


    spaceship.gif



    උපුටා ගැනීමකි ..
    .........................
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දේශපාලුවෝ ටික අරන් ගිහින් හදේ අතහැරලා එන්න තියෙන්නේ මුන්ව.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බස් එකක යන්න බැරි මේකාලේ පවුම් මිලියන සීයක් දීලා මොකාද දෙයියනේ යන්නේ !!!