2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    දෙමවුපියන් ගැන කතා කරන එක හොඳයි... හුඟක් දරුවෝ දෙමාපියන් ගැන හිතන්නේ එයාල ජීවිතෙන් සමුගත්තට පස්සෙයි...
    මවුපියන් ගැන හරියටම දැනෙන්න නම් එයාලගෙන් දුරස් වෙලා දුරක තනිවෙන්න ඕන...

    දෙමවුපියන් මලාට පස්සේ සියක් නමක් වඩම්මල දාන දීල වැඩක් නැහැ දෙමාපියන් ජීවත්ව ඉන්නකම් එයාලට හිතට නිදහසක් දෙන්න උත්සහ නොකර... බහුතරයක් දෙමාපියන්ට දරුවන්ගේ දරුවන් බලාගන්න රාජකාරිය අනිවාර්ය වෙලා... අපි කුඩා කාලයේ හිටපු සීයා සහ ආච්චි අපි දැක්කේ බොහොම නිදහසේ පිනක් දහමක් කරගෙන හිටපු , ගෙදර හිටපු ජීවිතේ සහල්ලුවෙන්ම ගතකරන සාමාජිකයින් හැටියට.. එත් අද වෙද්දී සීයා සහ ආච්චිට මුණුපුරන් රැකබලාගන්න එක අනිවාර්ය අංගයක් වෙලා.. පිනක් දහමක් කරන්න, නිදහසේ කාල බීල ජීවිතේ සැන්දෑ සාමය ගත කරන්න වර්තමානයේ සීයලාට ආච්චිලාට අවස්තාවක් ලැබෙන්නේ නැති එකට වගකිවයුත්තේ වර්තමාන දරු පරපුරයි... හරිම සෝචනීයයි..


    Good post bro...
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    dads-love-15.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලංකාවේ ඉදලා ඉ බේ කරන්න කැමති එකෙක් ඉන්නවනම් මට කියපිය ලබෙන් 35% දෙනවා
    මොනවද කරන්න තියෙන්නේ.. Pm එකක් දාන්න මට මේ ටිකේ වැඩ නෑ :)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අම්ම තාත්ත ගැන කාටද අයියේ කියල ඉවර කරන්න පුළුවන් ???
    ඇත්තම කිව්වොත් මම නං එයාල ගැන කියවෙන සිංදු අහන්නෙම නැති තරං .
    හරිම අමාරුයි ඒවා අහන්න
    ළඟින් ඉන්දෙද්දී වටිනාකමක් දැනෙන්නෙම නැති තරං ..
    එයාලගෙන් අයින් වෙලා දුරට ගියහම තමයි එයාලගේ වටිනාකම , එයාල නැති අඩුව කොයි තරන්ද කියල තේරෙන්න ගන්නේ
    එහෙම දුර ඉඳන් වුණත් අපේ පුංචි දුකත් ,කොයි තරං නං එයාලට දැනෙනවද කියන එක හිතා ගන්නත් අමාරුයි
    මම නං දැන් පුළුවන් තරං මගේ ප්‍රශ්ණ නොකිය ඉන්න උත්සහ කරනවා.
    ඒත් කොච්චර කියන් නෑ කියල හිතන් වුණත් එයාලට call එකක් අරං කතා කරන ඒ එක වචනෙන් එයාල අඳුර ගන්නවා අපි ඉන්නේ ප්‍රශ්නෙක කියල
    " පුතේ ඇයි අද ඔයාගේ කටහඬ අමුතු ??? මුකුත් ප්‍රශ්නයක්ද ??? "
    මේ වචන ටික ඇහෙන මට නං එතනින් එහාට තවත් කිසිම දෙයක් හංගන්න පුළුවන් වෙන්නේ නෑ .. :(:(:(
    අනේ මන්ද .. ඒක නං හරිම පුදුමයි

    පුළුවන් නං අයියේ "දෙවැනි බුදුන් ලෙස" සිංදුව දෙන්න
    aththa akke, amma thatha vage apiwa therum gana wena kaatawath ba, ape hama chuti chuti dewal wenas wenakotama egolo danava api prashneka ine kiyala:(:)