2015 Ursids උල්කාපාත_වර්ශාව
මෙම උල්කාපාත වර්ශාව වසරේ අවසාන උල්කාපාත වර්ශාවයි. නමුදු බොහෝදෙනෙක් මෙම උල්කාපාත වර්ශාව පිලිබදව දැනීමක් නැත. සෑම වසරකම දෙසැම්බර් මස 15 වන දින 31 වන දින දක්වා කාලය අතර තුර මෙම උල්කාපාත වර්ශාව නිරීක්ෂණය කල හැක. 2015 මෙවර දෙසැම්බර් මාසයේ 17 – 23 දින කාල පරාසය තුළ සක්රිය වෙන අතර. මෙම උල්කාපාත වර්ශාවේ උපරිම තීව්රතාවට පැමිණෙන්නේ දෙසැම්බර් 21 හා 22 යන දිනයන්හිය. Ursids උල්කාපාත වර්ශාව දර්ශණය වන්නේ කුඩා වලසා තාරකා රටාව ක්රේන්ද්ර කර ගෙන ය. ලංකාවට මෙම කාලයේදී කුඩා වලසා තරු රටාව දිස්වන්නේ පාන්දර 3 සිට දහවල් 12 දක්වා කාලයේදීය. පාන්දර 5න් පසු සූර්යයා උදාවන නිසා ශ්රි ලංකාවේ සිටින අපට මෙම තරු රටාව සමග උල්කාපාත වර්ශාව නැරඹිය හැකිවන්නේ පාන්දර 3 සිට 5 දක්වා පමණි. තව ද ඔබ මෙම උල්කා වර්ශාව නරබන්නේ උස ස්ථානයක සිට නම් වඩාත් හොද ප්රතිඵල ලබාගත හැකිවේ. තීව්රතාවය උපරිම කාලයේදී පැයකට උල්කා 10ක් 20ක් පමණ නිරීක්ෂණය කල හැකිය.
කුඩා වලසා තරු රටාව උත්තරත් ධ්රැවයේ පිහිටන තරු රටාවකි. ඈත අතීතයේ සිටම කුඩා වලසා තරු රාශිය උත්තරත් ධ්රැවයේ පිහිටන තරු රාශීන් අතර ඉතා ප්රසිද්ධ නාමයක් හිමිවෙන තරු රටාවකි. ඒබැවින් මෙම උල්කාපාත වර්ශාව කුඩා එකක් වුවත් උත්තරත් ධ්රැවයට වඩාත් අලංකාර දර්ශනයක් මවාපානු ඇත. Ursids උල්කාපාත වර්ශාවට හේතුකාරකය වෙන්නේ Ursids වල්ගා තරුයි. Ursids වල්ගාතරුවෙන් ගිලිහුනු ග්රහක කැබලි සහ අංශු තුලින් පෘතුවිය ගමන් කිරීමෙන් පාතුවියේ ගුරුත්වාකර්ශනයට මේ කැබලි හසු වී පෘතුවියට කඩා වැටීම, මේ උල්කාපාත වර්ෂාවට හේතු වේ. මෙය උතුරු අර්ධ ගෝලයේ ඉහළ අක්ෂාංශ රටවලට නිරීක්ෂණය වීමේ ප්රවනතාවය වැඩි අතර සමකය ආසන්නව පිහිටි අප රටට නිරීක්ෂණය නොවන තරම්ය.
මෙම දිනවල පවතින වැසිබර කාලගුණයත් අහසේ වලාකුළු අධික වීමත් මෙම උල්කාපාත වර්ෂාව පැහැදිලිව බලා ගැනීමට බාධාවක් වීමට ඉඩ ඇත.

ඉස්සුවේ මෙතනින්..