2016දී දිවි චාරිකාව නිමකල මේ ශ්‍රී ලාංකිකයින&#

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    2016දී දිවි චාරිකාව නිමකල මේ ශ්‍රී ලාංකිකයින&#

    2016 ගෙවිලා ඉවර වෙන්න තියෙන්නේ තව කෙටි කාලයක් පමණයි. මේ වෙද්දි ඉතින් පරණ අවුරුද්ද පරණ ඇඳුමක් වගේ ඉවත දාල අලුත් අවුරුද්ද නැවුම් බවකින් වැළඳගන්න, ජීවිතේ ගැන බලාපොරොත්තු අලුත් කරගන්න තමයි හුඟදෙනෙක් සැදී පැහැදී ඉන්නෙ.
    ගෙවුණු අවුරුද්ද ගැන ඔබටත් සුවිශේෂි මතකයන් ඇති. අපි හැමෝම වගේම ඔබත් මේ අවුරුද්ද පුරාවට සතුට මෙන්ම දුක එක සේ විඳින්නැති. ගෙවුනු අවුරුද්ද ගැන ආපහු හැරිල බලද්දි අපේ හිතට දුක දැනෙන අවස්ථා ටිකක් වැඩියෙන් තිබුණාදෝ කියලත් ඔබට හිතෙනව ඇති සමහරවිට. ඔව් ඒක ඇත්ත. අපේ මේ පුංචි රටේ ජීවත් වූ දැවැන්ත චරිත බොහොමයක්ම අපි අතරින් සමු ගත්ත අවුරුද්දකුයි අපි මේ පහු කරන්න ලෑස්ති වෙන්නෙ. අලුත් අවුරුද්දට පා තබද්දි අපට මතකය තුලින් පමණයි මේ පුද්ගලයන්ව අප හා රැගෙන යන්න පුලුවන් වන්නේ.
    ඉතින් එන්න, අපි ඒ මතකයන් නැවත අලුත් කරගමු….

    සංගීත ක්ෂේත්‍රය


    1. පණ්ඩිත් අමරදේව (1927-2016)

    InMemory2016-01-768x403.jpg


    හෙලයේ මහා ගාන්ධර්වයාණන් වූ පණ්ඩිත් අමරදේවයන්ගේ සමුගැනී‍ම මේ වසරේ සිදුවූ ඉතාමත්ම දුක්බර මතක සටහනක්. ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය තුල මහා හිස්තැනක් නිර්මාණය කරමින් එතුමාගේ වියෝව සිදුවුවත් තවත් චිරාත් කාලයක් යනතුරු ලාංකීය රසික හදවත් තුල ඒ මහා ගාන්ධර්වයාණෝ වැජඹෙනු ඇති.

    2. අජන්තා රණසිංහ (1941-2016)

    InMemory2016-02-768x403.jpg


    අප හද තත් කම්පනය කල ගී පද බොහොමයකට තම පන්හිඳෙන් උල්පත සැපයූ ප්‍රවීන ගී පද රචක අජන්තා රණසිංහයන් අප අතරින් වියෝ වූයේ පසුගිය පෙබරවාරියේදීයි. මියයන විට ඔහු 75වන වියේ පසුවිය.

    3. ඇන්ටන් ජෝන්ස් (1937-2016)

    InMemory2016-03-768x403.jpg


    ශ්‍රී ලාංකික රසිකයන්ව සිය වේග රිද්ම බයිලා ගායනයෙන් අමන්දානන්දයට පත්කල ඇන්ටන් ජෝන්ස් ගායන ශිල්පියාද මේ වසරේදී අප අතරින් සමුගත්තා. ශ්‍රී ලාංකික සමාජය කම්පනය කල සැබෑ සිදුවීම් ඇසුරින් ගීත බොහොමයක් ගායනා කර ඇති ඇන්ටන් ජෝන්ස් මියයන විට ඔහුගේ වයස අවුරුදු 79 ක්.

    4. විජය රාමනායක

    InMemory2016-04-768x403.jpg


    විජය රාමනායක යනු සංගීතඥයෙක් හෝ ගායකයෙක් නොවේ. ඔබ වැඩිදෙනෙක් ඔහු ගැන අසා නැතුවා වන්නටද පුලුවන්. විජය රාමනායක ඉතිහාසගතවන්නේ ශ්‍රී ලංකාවට කැසට් පට හඳුන්වාදුන් පුද්ගලයා හැටියටයි. සුප්‍රකට තරංගා ලේබලය යටතේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගී එළිදැක්වීම මගින් සංගීත ක්ෂේත්‍රයට ඔහුගෙන් සිදුවූ මෙහෙය හේතුවෙනුයි අපි මෙහිදී විජය රාමනායකව සඳහන් කරන්නට හිතුවේ. ආරාධනා, කලියුගය, යුගාන්තය සහ මල්දෙනියේ සිමියොන් යන චිත්‍රපටවල නිෂ්පාදකයා වන්නේද විජය රාමනායකයි.

    5. ශාන්ත දේශබන්දු

    InMemory2016-05-768x403.jpg


    “සාගරය බඳු වේදනාවෝ”, “මල්පබා”, “මල්වියනින් බැඳි” වැනි සේනානායක වේරලියද්දගේ ජනප්‍රියම ගීතත්, සාජන්ට් නල්ලතම්බි වේදිකා “නාට්‍යයේ දවාලෙ පායන චන්ද්‍රයා” ගීතයත් රචනා කල ගී පද රචකයා තමයි ශාන්ත දේශබන්දු. මේ වසරේ ජනවාරි මසදී අප අතරින් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 64ක්.

    සිනමාව සහ රූපවාහිනිය


    6. විමල් කුමාර ද කොස්තා (1948-2016)

    InMemory2016-06-768x403.jpg


    විමල් කුමාරද කොස්තා යනු අප රටින් බිහිවූ විශිෂ්ටතම රංගන ශිල්පියෙක්. ඔහුගේ ඒ දක්ෂතාවය වත්මන් පරපුර හඳුනා ගත්තාද යන්න නම් සැකයක්. 70 දශකයේ සිට බිහිවූ චිත්‍රපට රාශියක විමල් කුමාර කොස්තා තැබූ සටහන් අති විශිෂ්ටයි. විමල් කුමාර ද කොස්තා රංගන ශිල්පියා තම දිවි ගමන නිමාකරනු ලැබුවේ වසර 68කින්.

    7. විජය නන්දසිරි (1947-2016)

    InMemory2016-07-768x403.jpg


    වසර පණහකට ආසන්න කාලයක් පුරාවට අපේ වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍යය ඇතුලු කලා ක්ෂේත්‍රය තුල විජය නන්දසිරි තැබූ සටහන් ලේසියෙන් මැකීයන මතකයන් නොවේ. පවුලේ කෙනෙකු තරම් සමීපව එදිනෙදා රූපවාහිනී වැඩසටහන් සහ සිනමා නිර්මාණ තුලින් අප රසවත් කල, හාස්‍යයෙන් මුසපත් කල විජය නන්දසිරි රංගනශිල්පියාගේ සමුගැනීමත් මේ වසරේ ඉතා දුක්බර මතකයක්.

    8. ඩී.බී නිහාල්සිංහ (1939-2016)

    InMemory2016-08-768x403.jpg


    ඩී.බී නිහාල්සිංහ යනු සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක්. ඔහු විසින් අධ්‍යක්ෂණය කල “වැලිකතර” චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය ලෙසටයි සැලකෙන්නේ. “රිදී නිම්නය”, “මල්දෙණියේ සිමියොන්” සහ “කෙළිමඩල” ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද අනෙකුත් චිත්‍රපට වනවා. මේ වසරේ අප්‍රේල් මාසයේදී නිහාල්සිංහයන් අප අතරින් සමුගත්තා.

    9. මර්වින් බේන්ස් (1940-2016)

    InMemory2016-09-768x403.jpg


    සිංහල සිනමා රසිකයෙක් හැටියට මර්වින් බේන්ස් නාමය ඔබට නොඇසී, මගහැරී තිබෙන්නට විදිහක් නෑ. ප්‍රකට ශබ්ද පරිපාලකයෙක් වූ ඒ මහතා මෙරට සිනමා ක්ෂේත්‍රයට වසර 50කට ආසන්න කාලයක් තිස්සේ විශාල දායකත්වයක් සැපයූවෙක්. මියයනවිට ඔහු 76 වන වියේ පසුවුණා.

    10. සුසිලා කූරගම

    InMemory2016-10-768x403.jpg


    කෝපිකඩේ එන්සිනා නමින් ලංකාවේ අපි කා අතරත් ජනාදරයට පත්වූ සුසිලා කූරගම රංගන ශිල්පිනියත් මේ වසරේදී අපෙන් සමුගත්තා. වේදිකාවට, සිනමාවට මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටත් සිය දායකත්වය සැපයූ ඇය මියයන විට 71වන වියේ පසුවුණා

    11. චන්ද්‍රසිරි කොඩිතුවක්කු

    InMemory2016-11-768x403.jpg


    මේ වසරේදී අපෙන් මුලින්ම සමුගත් කෝපිකඩේ රංගන ශිල්පියා වන්නේ චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතායි. අබිලිං මාමා නමින් අප කා අතරත් ජනප්‍රියව සිටි ඒ මහතා කෝපිකඩේ ටෙලිනාට්‍යයේ ජනප්‍රියත්වයට ඉමහත් දායකත්වයක් දැක්වූ චරිතයක්.

    12. සිරි කුලරත්න

    InMemory2016-12-768x403.jpg


    රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සිරි කුලරත්න අප අතරින් සමුගන්නා විට 73 වැනි වියේ පසුවුණා. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ “මාතර ආච්චි” චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් සහය වෙමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඔහු “බඹර පහස”, “සිකුරු දසාව”, “අනුරාධා”, “නිළියකට පෙම් කළෙමි” ආදි චිත්‍රපට 13ක් අධ්‍යක්ෂණය කොට තිබෙනවා.

    13. ප්‍රේමදාස විතානගේ (1953-2016)

    InMemory2016-13-768x403.jpg


    නිතර පුංචි තිරය තුළින් අප හමුවට ආ ප්‍රේමදාස විතානගේ රංගන ශිල්පියාත් මේ වසරේදී තම දිවි ගමන නිමාකරනු ලැබුවා. 70 දශකයේදී කලා ලොවට පිවිසි ඒ මහතා මියයනවිට 63 වැනි වියේ පසුවුණා.

    14. කවීෂා අයේෂානි (1991-2016)

    InMemory2016-14-768x403.jpg


    තරුණ රංගන ශිල්පිනියක් වූ කවීෂා අයේෂානිගේ ජීවිතය අකාලයේ මියැදෙන්නට හේතුවුනේ මාරක රිය අනතුරක්. මියයන විට ඇගේ වයස අවුරුදු 25ක්

    ගුවන්විදුලිය


    15. එල්මෝ ප්‍රනාන්දු (1941-2016)

    InMemory2016-15-768x403.jpg


    ජ්‍යෙෂ්ට මාධ්‍යවේදියකු සහ ගුවන්විදුලි ශිල්පියෙක් වන එල්මෝ ප්‍රනාන්දු මහතා 1967 වර්ෂයේදීයි ගුවන් විදුලි සේවයට සම්බන්ධ වන්නේ. රේඩියෝ සිලෝන් සහ වෙරිටාස් ගුවන්විදුලි සේවයටද සම්බන්ධ වන එතුමා බීබීසී ලෝක සේවයේ සන්දේශය සමගින් දශක ගණනාවක් පුරා අසන්නන් හා එක්වෙමින් මාධ්‍ය මෙහෙවරේ නියැලුණා. මේ වසරේ අගෝස්තුවේදී එතුමා අපගෙන් සමුගත්තා.

    දේශපාලන ක්ෂේත්‍රය


    16. සෝමවංශ අමරසිංහ (1943-2016)

    InMemory2016-16-768x403.jpg


    සෝමවංශ අමරසිංහ යනු ජනතා විමුක්ති පෙරමුණ තුලද, ශ්‍රී ලංකා දේශපාලන ලෝකය තුලද සුවිශේෂී භූමිකාවක් ඉටුකල චරිතයක්. ජනතා විමුක්ති පෙරමුණේ පැරණිම සාමාජිකයෙක් වන ඔහු මේ වසරේ ජුනි මාසයේදී ජීවන ගමන නිමාකරනු ලැබුවා

    17. අලවි මවුලානා (1932-2016)

    InMemory2016-17-768x403.jpg


    හිටපු ආණ්ඩුකාරවරයෙක්, පොදුජන එක්සත් පෙරමුණේ හිටපු ඇමතිවරයෙක් සහ ජ්‍යෙෂ්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් වූ අලෙවි මවුලානා මහතාද මේ වසරේදී අපෙන් සමුගත්තා. මියයනවිට ඔහු 84 වැනි වියේ පසුවුණා.

    18. එම්.එච් මොහොමඩ්(1921-2016)

    InMemory2016-18-768x403.jpg


    හිටපු කථානායකවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ එම්. එච් මොහොමඩ් මහතාගේ අභාවයද ම් වසරේදී සිදුවුණා. පාර්ලිමේන්තුවේ 14 වැනි කථානායක වශයෙන් තේරී පත්වූ ඔහු 1989-94 වකවානුවේදී ඒ ධූරය හොබවනු ලැබුවා.

    19. මංගල මුණසිංහ (1931-2016)

    InMemory2016-19-768x403.jpg


    හිටපු තානාපතිවරයෙක්, නීතීඥයෙක් සහ දේශපාලඥයෙක් වූ මංගල මුණසිංහ මහතා අභාවප්‍රාප්ත වන විට 84 වැනි වියේ පසුවුණා. 1965-77 වකවානුවේ බුලත්සිංහල ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වශයෙන් ඒ මහතා කටයුතු කරනු ලැබ තිබෙනවා.

    20. මහාචාර්ය විශ්වා වර්ණපාල (1936-2016)

    InMemory2016-20-768x403.jpg


    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් වරයෙක් වූ විශ්වා වර්ණපාල මහතා 2004-2010 කාලයේ උසස් අධ්‍යාපන ඇමති ධූරය හොබවනු ලැබුවා. මෙම වසරේ පෙබරවාරි මස අභාවප්‍රාප්ත වන විට එතුමා 79වන වියේ පසුවුණා.
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ආවොත් අනිවා යන්න වෙනවා :( ඒත් මේ මිනිස්සු කවදාවත් අපේ හිත් වලින් නැති වෙන්නේ නෑ :no: අපි වෙන්නත් පුළුවන් මේ උදවිය අන්තිමට දැනගෙන ඉන්න,එක ගැන ඇත්තටම ආඩම්බරයි:yes:
    TFS !
    Rep දෙන්න බෑලු :sorry:
     
    Last edited:

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    21. සුරංගනී එල්ලාවල (1939-2016)

    InMemory2016-21-768x403.jpg


    අභාවප්‍රාප්ත නාලන්ද එල්ලාවල මහතාගේ මෑණියන් වූ සුරංගනී එල්ලාවල මහත්මිය 2015 සිට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරය හොබවනු ලැබුවා. ඇයගේ වියෝව සිදුවුණේ මෙම වසරේ මාර්තු මසදීයි.

    22. සුරනිමල රාජපක්ෂ (1949-2016)

    InMemory2016-22-768x403.jpg


    අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයෙක් හැටියට කටයුතු කල සුරනිමල රාජපක්ෂ මහතා 2001-2004 වසරවල පාසල් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලැබුවෙක්.

    23. එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන(1947-2016)

    InMemory2016-23-768x403.jpg


    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමේ සටනට ප්‍රබල දායකත්වයක් සැපයූ එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාද මේ වසරේදී අභාවප්‍රාප්ත වුණා. මියයන විට එතුමා රජයේ ඉඩම් ඇමතිවරයා ලෙසින් කටයුතු කරමිනුයි සිටියේ.

    24. යූ.බී විජේකෝන් (1936-2016)

    InMemory2016-24-768x403.jpg


    හිටපු ඇමතිවරයෙක් සහ පරිපාලන නිලධාරියෙක් වූ යූ.බී විජේකෝන් මහතා මියයන විට 79 වන වියේ පසුවුණා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජයේ ඇමතිධූර කිහිපයක්ම හෙබවූ ඒ මහතා පසුකලෙක සෝවියට් තානාපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබුවෙක්.

    සාහිත්‍ය ක්ෂේත්‍රය


    25. සිරිල් සී පෙරේරා (1923-2016)

    InMemory2016-25-768x403.jpg


    ප්‍රවීණ ග්‍රන්ථ පරිවර්තකයෙක් වූ සිරිල් සී පෙරේරා මහතා විශ්ව සාහිත්‍ය කෘති සිංහල බසට පෙරලමින් අපේ සාහිත්‍ය ක්ෂේත්‍රයට කල සේවාව මෙතෙකැයි නිමකරන්නට බැහැ. ගොගොල්, තොල්ස්තෝයි, පුෂ්කින්, මක්සිම් ගෝර්කි ආදී ශ්‍රේෂ්ට සාහිත්‍යධරයන්ගේ ශ්‍රේෂ්ට සාහිත්‍ය කෘති සමහරක් සිරිල් සී පෙරේරා නොසිටින්න සිංහල අපේ පාඨක අවධානයෙන් ගිලිහෙන්නට ඉඩ තිබුණා. සැප්තැම්බර් සාහිත්‍ය මාසයේදී එතුමා සදහටම අපගෙන් සමුගත්තා.

    26. අයිලීන් සිරිවර්ධන (1929-2016)

    InMemory2016-26-768x403.jpg


    කලාකීර්ති අයිලීන් සිරිවර්ධන මහත්මිය මේ වසරේ ජනවාරි මසදී සිය දිවි ගමන නිමාකරනු ලැබුවා. මියයන විට ඈ 87 වැනි වියේ පසුවුණා.සම්මානනීය ලේඛිකාවක් වන ඇගේ කෘති ඇසුරින් සිනමා නිර්මාණ පවා බිහිව තිබෙනවා.

    27. ලාංගනී ප්‍රනාන්දු

    InMemory2016-27-768x403.jpg


    සම්මානනීය ලේඛිකාවක් සහ ගීත රචිකාවියක් වූ ලාංගනී ප්‍රනාන්දු මහත්මියගේ අභාවයද මේ වසරේදී සිදුවුණා. ඈ විසින් රචිත “කන්දක් ගිනි ඇවිලෙන්නේ” කෘතිය ඉමහත් ප්‍රේක්ෂක අවධානයකට ඇයව ලක්කරන්නට සමත් වූ කෘතියක්.

    28. කන්දයියා කුනරාසා (1941-2016)

    InMemory2016-28-768x403.jpg


    ද්‍රවිඩ ගත්කතුවරයෙක් වූ කන්දයියා කුනරාසා මහතා 2009 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සාහිත්‍ය මෙහෙවර වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන “සාහිත්‍යරත්න” සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මේ වසරේ පෙබරවාරි මාසයේදී අභාවප්‍රාප්ත වන විට ඔහු 75 වන වියේ පසුවුණා.

    ආගමික


    29. ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමි (1922-2016)

    InMemory2016-29-768x403.jpg


    අස්ගිරි මහානායක පූජ්‍ය ගලගම අත්ථදස්සී නාහිමිගේ අපවත්වීමද මේ වසරේදී සිදුවුණ ශෝකජනක සිදුවීමක්. අපවත්වන විට උන්වහන්සේ අනූ හතර වැනි වියේ පසුවුණා

    30. නාඋයනේ අරියධම්ම හිමි (1939-2016)

    InMemory2016-30-768x403.jpg


    ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක නාඋයනේ අරියධම්ම හිමිපානන්ද මේ වසරේ සැප්තැම්බරයේදී අපවත් වුණා. අපවත් වන විට උන් වහන්සේ 77 වන වියේ පසුවිය.

    31. යොහාන් දේවානන්ද පියතුමා

    InMemory2016-31-768x403.jpg


    මෙරට ධනවත්ම පවුලක ඉපිද, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තම දිවිය ආගමික මෙහෙවරකට මෙහෙයවූ යොහාන් දේවානන්ද පියතුමාද මේ වසරේදී දිවි ගමනට සමු දුන්නා.

    ක්‍රීඩා ක්ෂේත්‍රය


    32. ඉයන් පීරිස් (1933-2016)

    InMemory2016-32-768x403.jpg


    ඉයන් පීරිස් යනු මෙරටට ටෙස්ට් තත්ත්වය ලැබෙන්නට පෙර එනම් 1960 දශකයේ පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කල දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. දක්ෂ මදවේග පන්දු යවන්නෙක් මෙන්ම වේගවත් පිතිකරුවෙක් හැටියටත් ඔහු එකල ප්‍රසිද්ධව තිබෙනවා. කලින් කලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද නිලතල හෙබවූ ඒ මහතා මේ 2016 වසරේ උදාවත් සමගම තමයි තම ජීවන ගමන නිමා කරනු ලැබුවේ.

    ඡායාරූප ශිල්පය


    33. ශ්‍රීලාල් ගෝමස් (1954-2016)

    InMemory2016-33-768x403.jpg


    වසර හතලිහකට ආසන්න කාලයක් මෙරට ඡායාරූප ශිල්පයේ ප්‍රවීණයෙක් වූ ශ්‍රී ලාල් ගෝමස් මහතාගේ සමුගැනීමද මේ වසරේදී සනිටුහන් වුණා. ප්‍රවීණ ඡායාරූප ශිල්ප ගුරුවරයෙක් වූ ඒ මහතා දිවිගමන නිමා කරන විට 61 වන වියේ පසුවුණා.

    අධ්‍යාපන ක්ෂේත්‍රය- මහාචාර්යවරු


    34. මහාචාර්ය ඈෂ්ලි හල්පේ (1933-2016)

    InMemory2016-34-768x403.jpg


    ඉංග්‍රීසි භාෂාවය පිළිබඳ සුප්‍රකට මහාචාර්යවරයෙක් වූ ඈෂ්ලි හල්පේ මහතාද මේ වසරේදී සිය සමුගැනීම සනිටුහන් කලා. එතුමා කලක් පේරාදෙණි විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති තනතුරද දරණු ලැබුවා. වසර 31 දී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්ය පදවියක් ලබන ඒ මහතා අඩුම වයසකින් එම පදවිය ලැබූ පුද්ගලයා ලෙසටද සැලකුණා.

    35. මහාචාර්ය සුසන්ත මහ උල්පත

    InMemory2016-35-768x403.jpg


    කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකු මෙන්ම දක්ෂ ලේඛකයෙකු වූ සුසන්ත මහඋල්පත මහතාද මේ වසරේදී අපෙන් සමු ගත්තා. දක්ෂ කෙටිකතා රචකයෙක් වන එතුමාගේ “ආෂාඪ පුෂ්පය” නවකථාවද 2014 වසරේදී ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා.

    http://www.aniwa.lk/2016/12/01/1612012-in-memory-2016/

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    Good Post TFS

    උඹේ කලින් පොස්ට් වලට අපි රෙප් දුන්නට උඹ අපිට රෙප් දීලා නෑ. ඒ නිසා දැන් රෙප් දෙන්න බැරිලු

    You must spread some Reputation around before giving it to jodubaba again.
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Good Post TFS

    උඹේ කලින් පොස්ට් වලට අපි රෙප් දුන්නට උඹ අපිට රෙප් දීලා නෑ. ඒ නිසා දැන් රෙප් දෙන්න බැරිලු

    You must spread some Reputation around before giving it to jodubaba again.

    You must spread some Reputation around before giving it to signshop again.

    බොරු නොකියා හිටු.... :P :P :P