2016 වසරේ අවසානය

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    2016 වසරේ අවසානය සහ 2017ට අපේ පුරුදු

    අවුරුද්දක් ගෙවිලා ගිහිං.අපේ ජීවිතවල සමහර හොඳ පුරුදු ,නරක පුරුදු මේ අවුරුද්දේ එකතු වෙන්න ,නැති කරගන්න ඇති.
    මට හිතුණ විදිහට මගේ මේ 2016 අවුරුද්දේ මම කාරණා දෙකක් ගැන කල්පණා කලා.අළුත් අවුරුද්දට 2016න් ගෙනියන්න(Positives කියන්නේ ඒවා ) සහ දාලයන්න(Negatives කියන්නේ ඒවා) .

    Positives
    1.හිත එක තැනක තියෙනවා මදි වගේ ගතියක් දැනෙනවා.ඒක හදා ගන්න ඕනේ.
    සමහර වෙලාවට office එකේ ඊයේ කරපු දේවල් අද අමතකයි.

    [ඉස්සර නම් භාවනා කළා.හැමදාම පන්සිල් ගත්තා .ඒත් කාර්යබහුල (බොරු) නිසා ඒක කරන එක අතහැරුණා .මේ වැඩේ පටන් ගන්න ඉන්නවා.]

    Negatives
    සමහර වෙලාවට අනාගතයේ කරන්න තියෙන දේවල්,වියදම්,අම්මල තාත්තලාගේ ලෙඩ දුක් ගැන හිතුවම බයක් දැනෙනවා.

    [ජීවිතේ අපි ඕනවට වඩා සල්ලි හම්බකරන්න යන්න හොඳ නෑ.ඒකෙන් වෙන්නේ නිදහසත් ,සෞඛ්යත් පිරිහෙන එක තමා.එන එන විදිහට මුන දෙන්න හිතා ගත්තා.තමන්ගේ පවුල එක්ක තියෙන විදිහට පිරිමහගෙන ඉන්න පුරුදු වෙන්න ඕනේ ]

    මට හිතෙන විදිහට මගේ ජීවිතේ හදා ගන්න තියෙන උවමනාම qualities දෙක ඕවා .
    කට්ටිය තමන්ගේ ජීවිතේ ගැන හැරිලා බලලා අත්හරින්න හිතාගත්ත එකකුයි හදා ගන්න හිතපු එකකුයි දාගෙන යන්න.එහෙම නැත්නම් බම්පියක් වත් දාගෙන යන්න.

    කට්ටියටම සුභ අළුත් අවුරුද්දක් වේවා !
     
    Last edited:

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    .

    සමහර වෙලාවට අනාගතයේ කරන්න තියෙන දේවල්,වියදම්,අම්මල තාත්තලාගේ ලෙඩ දුක් ගැන හිතුවම බයක් දැනෙනවා.


    අම්මල තාත්තලාගේ අනාගතේ ගැන හිතුවම නම් ගොඩක් දුකයි. අපි කසාද බැඳලා එයාලගෙන් ඈත් වෙලා වගේ. එයාල ලෙඩ වෙයි, එයාල ජීවිතේ අතහැරලා යයි කියල හිතනකොට මහා මූසල ගතියක් හිතට දැනෙනවා. මගේ නම් මේ අවුරුද්ද පටන් ගත්තේ මහා කාලකන්නි විදියට. කමක් නැහැ ඒත් එන විදියකට මූන දෙනවා.