2016 ශිෂ්‍යත්වය

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මේකෙ ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච, පාස් නැති එක එක සමාජ මට්ටම්වල එක එක ආර්ථික මට්ටම් වල එක එක වයස්වල අය ඉන්නවනෙ....
    ආන්ඩුවට බනින හෝ කඩේ යන ඕන කෙනෙක් පොඩ්ඩක් මේකෙ අදහසක් දානවනම් වටිනවා...

    2016 බන්දුල ඇමති ශිෂ්‍යත්වෙ නැති කරන්න යන එක හොදද නැද්ද????

    මගේ අදහස නම් මේකයි...

    මේ යන විදිය 2016 වෙනකම් තිබුනොත් නම් ලොකු සල්ලි කාරයොගෙ ලමයි ජාත්‍යන්තර පාසල් වල ඉගන ගනීවි..උන්ඉතින් ඉගන ගත්ත නැතා කියලා අවුලක් නෑ..පරම්පරා ගානකට හම්බකරල තියනවනෙ...
    ටිකක් සල්ලි තියන අයගෙ ලමයිතුත් අමාරුවෙන් ඒවයෙම ඉගන ගනීවි...උන් ඉගනගත්තොත් ගොඩ...නැත්නම් ඊට පස්සෙ පරම්පරාව උන් විදපු සැප නොලබාවි...

    දේශපාලන හෝ යම්කිසි වෙනත් සපෝට් තියන අයගෙ ලමයි ජනප්‍රිය පාසල් වල ඉගන ගනීවි...ඒ අතරෙ ඉස්කෝලෙ සීමාවෙ, පගාව දෙන්න පුලුවන් දෙමව්පියන්ගෙ ලමයි උනත් ඉදීවි....

    කරුමෙකට වගේ ඔය මුකුත් බැරි වෙලා පොඩි ඉස්කෝලෙකට ගියපු එකෙකුට නම් බුදු සරනයි...
    ඌ මැක්සිම් ගොර්කි වගේ පොරක් නම් අනිවා කොහොමහරි ඉගනගෙන පට්ට ඩයල් එකක් වේවි...
    අනිත් අයට නම් උඩට යන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි... බොහෝවිට කැලේ පිපුන සාමන්‍ය මල් එහෙම තියේවි...

    මම හිතන් නෑ බන්දුල මහත්තය කියන ආස්චර්‍ය 2016 වෙලා පාසල් 1000 ද කොහෙද ජනප්‍රිය පාසල් මට්ටමට ඒවි කියලා...

    එහෙම එනවනම් විතරක් ඒක හොදට බලලා අනාගතේදිම ඔය තීරනෙ ගත්තනම් මීට හොදවේවි...
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කරුමෙකට වගේ ඔය මුකුත් බැරි වෙලා පොඩි ඉස්කෝලෙකට ගියපු එකෙකුට නම් බුදු සරනයි...
    ඌ මැක්සිම් ගොර්කි වගේ පොරක් නම් අනිවා කොහොමහරි ඉගනගෙන පට්ට ඩයල් එකක් වේවි...
    අනිත් අයට නම් උඩට යන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි... බොහෝවිට කැලේ පිපුන සාමන්‍ය මල් එහෙම තියේවි...

    -- Meka thama mageth adahasa. mamath ada thanaka inne Scholarship and free education walata pin siddha wenna.