2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,696
    7,891
    113
    මෙන්න මෙතන...
    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිතමිතුරු වූ වසත් කාලයයි //
    සිතුවමින් මතුව ආ සුසුම් රැල්
    බොඳ මලක් මත වැටී බොඳව යයි
    සිහිනයක් අවදි වී පිය නගයි
    අඬ අඳුරු සීත කඳු මාවතේ
    නෙක උයන් වතු මැදින්...
    නොම තැවෙන් රාත්‍රිය දිගු විනැයි
    හෙට දවස මීවිතක් සේ දිසෙයි
    නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
    නිම්නයක නතර වී ගිම් නිවයි

    මම ආසම සින්දුවක්..:yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගුලක් කියනවා.....
    මට ලැම්බට් වෙන්න හිතක් තිබුනේ නෑ.....
    ඒ අක්කට හොදට භරත නාටයම් පුලුවන්.....
    මාර ලස්සනට නටනවා....කොණ්ඩෙ දිගාගාගායි....
    ඇහි පිය දිගයි...සුදුයි..උසයි....
    දෙමල කියල කියන්නවත් බෑ......

    ඇත්තටම සොදුරු කවියක් තමා ශිවරධී අක්කා ඒ කාලේ දැකපු........

    :love::love::love:
    But this is too much :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සංගීතවේදී තිස්සසිරි පෙරේරා ජීවන ගීය නිමකරයි

    දිගු කලක් අසනීපයෙන් සිටි ඒ මහතා පානදුර පදිංචිව සිටියේය. මෙරට ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණය කර ඇති ඒ මහතාගේ තනු නිර්මාණ අතර අමරසිරි පීරිස් ගයන ඉරි තැළුණු වලා, ඩබ්ලිව්.ඩී.ආරියසිංහයන්ගේ මා ළඟටම තව ළංවෙලා, කරුණාරත්න දිවුල්ගනේගේ ඔබ දන්නවනම් වැනි ඉතා ජනප්‍රිය ගීතද වේ.
    ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ශිල්පියකු ලෙසද ඒ මහතා කටයුතු කළේය. තිස්සසිරි පෙරේරා මහතා ස්නායු ආබාධයක් හේතුවෙන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියේය.
    පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි සිසුවකු වන ඒ මහතා රාගධාරී සංගීතය, ජන සංගීතය හා බටහිර සංගීතය පිළිබඳ මනා දැනුමක් සහිත අයෙක් විය. ඒ මහතා අංක 310/ ඒ , උයන් කැලේ ගාලුපාර, පානදුර පිහිටි ඒ මහතාගේ නිවසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන ඉරිදා (14) සිදුකරන බව පවුලේ ඥාතීහු කියති.

    tissa_20162125.jpg

    අපේ ඉස්කෝලේ කෙනෙක්නේ.අදයි දන්නේ