2017දී ලංකාවෙන් තවත් චන්ද්‍රිකාවක් උඩුගුවන&#34

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    2017දී ලංකාවෙන් තවත් චන්ද්‍රිකාවක් උඩුගුවන&#34

    2017දී ලංකාවෙන් තවත් චන්ද්‍රිකාවක් උඩුගුවනට

    SupremeSat.JPG


    2012 වසරේ කක්ෂගත කරන ලද සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවෙන් මහත් ඵල මහත් ආනිසංශ ලබාගැනීම නිසා 2017දී තවත් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට සුප්‍රීම් සැට් සමාගම සූදානම් වේ. SupremeSat-1 චන්ද්‍රිකාවේ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වූ අතර SupremeSat-2 චන්ද්‍රිකාවේ වියදම ඩොලර් මිලියන 215කි.

    මේ සඳහා පල්ලේකැලේ ආයෝජන මණ්ඩල කලාපයෙන් මීට වසර 2කට පෙර සුප්‍රීම් සැට් සමාගම අක්කර 13ක ඉඩමක් ලබාගන තිබුණි. ඒ අවුරුදු 30ක බද්දටයි. එම චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයේ සැකිල්ල සැලසුම් කර තිබෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුපීඨයේ මහාචාර්ය රංජිත් දිසානායක මහතා විසිනි.

    මෙම චන්ද්‍රිකා පාලන ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් තවත් මාස 3කින් අවසන් වන අතර මේ වනවිට එහි ඉදිකිරීමේ කටයුතු සිදුකරන්නේ M/S Industrial and Commercial Development (pvt) ltd සමාගමයි.

    එම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් අවසන් වනතුරු මේ වනවිට අඩි 40ක් දිග කන්ටේනර් පෙට්ටියක් තුළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන බව ගොසිප්බුක් වෙත දැනගන්නට ලැබේ.

    ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානය ඉදිකිරීමෙන් පසු පෙනෙන අයුරුයි.


    Source: gossip book . lk

    33000 back
    :yes::yes: