2017 ආරම්භයේ සිට සංශෝධනය වන බදු මෙන්න…

sudu23

Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    2017 ආරම්භයේ සිට සංශෝධනය වන බදු මෙන්න…

    2017අයවැය ඉදිරිපත් කිරීමේ දී සංශෝධනය කෙරෙන බදු පිළිබඳ මුදල් අමාත්‍යවරයා පහත සඳහන් කරුණු ඉදිරිපත් කළා. මුදල් අමාත්‍යාංශය පවසන්නේ විගමනික ගාස්තුව 2017 ජනවාරි 1 සිට අමෙරිකානු ඩොලර් 20කින් ඉහළ යන බවයි.
    x සූදු ව්‍යාපාරය සඳහා ගාස්තුව වාර්ෂිකව රුපියල් මිලියන 250 දක්වා ඉහළට.
    x සුදු සීනි සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 2 සිට 7 දක්වා ඉහළට.
    x බියර් කෑන් මත වන බද්ද (මිලිලීටර් 350ට අඩු) රුපියල් 10ක් දක්වා ඉහළට.
    x බියර් කෑන් මත වන බද්ද (මිලිලීටර් 350ට වැඩි) රුපියල් 15 ක් දක්වා ඉහළට.
    x ලොතරැයි ටිකට් පත් සඳහා රුපියල් 5කින් බදු ඉහළට.
    x ඩොලර් 50,000කට අඩු නැති මෝටර් රථයක් ආනයනයේ දී නිෂ්පාදන බද්ද සියයට 50කින් අඩු කෙරේ.
    x රබර් කිලෝග්‍රෑමයක සෙස් බද්ද රුපියල් 15කින් ඉහළට.
    x මුද්‍රණ තීන්ත කිලෝග්‍රෑමයක සෙස් බද්ද රුපියල් 30 දක්වා ඉහළට.
    x තවත් අයිතම සියයක සෙස් බද්ද ඉවතට.
    x උසාවියේ නඩු පැවරීමේ දී ගාස්තුවක් අය කෙරේ.
    x කෘෂිකාර්මික කටයුතු හැර අනෙකුත් කාර්යයන් සඳහා භාවිත කරන ගිනි අවි මත රුපියල් 20,000ක බද්දක් පැනවේ.
    x ලිහිසි තෙල්, තාර සහ රත්‍රන් ආනයනය මත බලපත්‍ර ගාස්තුවක් අය කෙරේ.
    x අන්තර්ජාල සේවා මත විදුලි සංදේශ සේවා ගාස්තුව සියයට 25 දක්වා ඉහළට.
    x සිම් කාඞ් මත රුපියල් 200ක සක්‍රීය ගාස්තුවක්.
    x ජනවාරි 1 සිට වාර්ෂික වර්ණාවලි ගාස්තුව සියයට 25කින් ඉහළට.
    x රථ වාහන අවම දඩය රුපියල් 2000 දක්වා ඉහළ දැමේ.
    x අරමුදල්, ලාභාංශ, භාන්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මත අයකරන සියයට 10ක බදු ප්‍රතිශතය සියයට 14 දක්වා ඉහළට.
    x පුද්ගල ආදායම් බදු උපරිම අනුපාතය සියයට 24ක්. බදු නිදහස් සීමාව රුපියල් ලක්‍ෂ 6 බැගින් වන සමාන කාණ්ඩ 4ක් බවට පත්වේ.
    x පොලී ආදායම මත වන රඳවා ගැණීමේ බද්ද සියයට 5 දක්වා ඉහළට.
    x පොලී ආදායම රුපියල් 60,000ට අඩු ඉතුරුම් සඳහා ලබාදී තිබූ බදු නිදහස ඉවතට.
    x මාසයකට රුපියල් 50,000 ඉක්මවන නිශ්චිත ගෙවීම් සඳහා වන රඳවා ගැනීමේ බද්ද නැවත හඳුන්වා දෙයි.
    x ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසරකට රුපියල් මිලියන 1.5ක්, එනම් මාසයකට රුපියල් එක්ලක්‍ෂ විසිපන් දහසක් වූ පොලී ආදායම, ආදායම් බද්දෙන් නිදහස්.
    x පුද්ගල ආදායම් බදු, උපයන විට ගෙවීමේ බදුවල නිදහස් කිරීම් ඉවතට.
    x සෑම සේවා නියුක්තිකයෙක් සඳහා ම සේවා ආදායම මත මසකට රුපියල් ලක්‍ෂයක බදු නිදහසක්. දෙවැනි සේවා ආදයම් සඳහා මසකට රුපියල් 50,000 දක්වා සියයට 10ක නිදහසක්. 50,000 ඉක්මවන්නේ නම් සියයට 20ක උපයන විට ගෙවීමේ බදු අනුපාතයක්.
    x රජය සතු ව්‍යාපාරවල සේවකයන් උපයන විට ගෙවීමේ බදු ඔවුන්ගේ වැටුප්වලින් අඩුකළ යුතුයි.
    x ආර්ථික සේවා ගාස්තු යටත් සීමාව කාර්තුවකට මිලියන 12.5 දක්වා පහළට.
    x පුනර්ජනනීය බලශක්තිය සඳහා ගෙන්වන යන්ත්‍ර වැට් බද්දෙන් නිදහස්.
    x වැඩිහිටි රැකවරණ සේවා, ඇතැම් විදුලි සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, කිරිපිටි හැර දේශීයව නිපදවන අනෙකුත් කිරි ආහාර වැට් බද්දෙන් නිදහස්.
    x රත්‍රන් සහ ආභරණ ආනයන ඇතුළු වටිනා ලෝහ ආනයනය වැට් බදුවලට යටත් වෙයි.
    x දින 30කට නොවැඩි කාලයක් මෙරට සිටන විදේශිකයන් සඳහා ඔවුන් මෙරටින් මිලදී ගත් භාණ්ඩ වෙනුවෙන් ගෙවූ වැට් බදු වරායේ සහ ගුවන් තොටුපළේ දී නැවත ලබාදේ.
    x ඊසි කෑෂ් ඇතුළු මුදල් ගනුදෙනු සඳහා රුපියල් 10,000ට රුපියල් 5ක නව බද්දක්.
    x සියලුම ජංගම දුරකතන ක්‍රියාකාරුවන් හට ත්‍රී-ජී. ආවරණ සැපයීම උදෙසා යටිතල පහසුකම් වර්ධනයට මාස 6ක කාලයක්. එසේ නොකළ හොත් දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 100 බැගින් වූ දඩ මුදලක්.
    x බාහිර පිවිසුම් ක්‍රියාකරුවන්, දේශීය ක්‍රියාකරුවන්ට සපයන සේවා වැට් සහ ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස්.
    x එතනෝල් නිෂ්පාදනයේ දී වාශ්පවීමෙන් සිදුවන හානි සදහා ලබාදී තිබූ සියයට 1.5ක දීමනාව සියයට 0.5 දක්වා පහළට.
    x එතනෝල් නිෂ්පාදනයේ භාවිත කරන අමුද්‍රව්‍ය ප්‍රමාණය මත නව නිෂ්පාදන බද්දක්.
    x ආනයනික එතනෝල් සදහා පනවා තිබූ බද්ද ඉහළට. ආනයනික පානීය නොවන මද්‍යසාර සඳහා ලීටරයකට රුපියල් 25ක නිෂ්පාදන බද්දක්.
    x වාහන සඳහා කාබන් බද්දක්.
    x මෝටර් බල ධාරිතාව කිලෝවොට් සියයට අඩු ඉලෙක්ටි්‍රක් කාර් සඳහා නිෂ්පාදන බද්ද පහළට.
    x පාවිච්චි කරන ලද ලොරි සහ ධාරිතාව ටොන් 5ට වැඩි ශීතකරණ සහිත ට්‍රක් ආනයනයේදී පනවා තිබූ කාල සීමාව අවුරුදු 10 දක්වා දීර්ඝ කෙරේ. (අයවැය ඉදිරිපත් කළ දින සිට)
    x අවුරුදු 5ට වැඩි වාහන අපනයනයේදී බදු සහනයක්.
    x මගියෙක් සඳහා අයකරන නැව් නැගීමේ, ගුවන් ගතවීමේ ගාස්තු ඩොලර් 50 දක්වා ඉහළට.
    x නිශ්චල වත්කම් බැහැර කිරීමේ දී ලැබෙන ලාභ සදහා සියයට 10ක ප්‍රතිශතයක් යටතේ ප්‍රාග්ධන බද්දක් (2017 අප්‍රේල් 1 සිට)
    x කිරිපිටි ආනයනයේ දී බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 100 දක්වා පහළට.
    x පානීය මද්‍යසාර ආනයනයේ දී බද්ද ලීටරයට රුපියල් 500 සිට 800 දක්වා ඉහළට.
    x මෝටර් රථ රියැදුරන්ට දඩ මුදල් ජංගම දුරකතනය මගින් ගෙවීමට ක්‍රමයක්.
    x වීසා ගාස්තු සංශෝධනය වෙයි. (විගමනික ගාස්තුව 2017 ජනවාරි 1 සිට අමෙරිකානු ඩොලර් 20කින් ඉහළට)
    x ආනයනය කරන හඬ කැවූ ටෙලි නාට්‍ය ගාස්තුව ඉහළට.
    x බීඩි කොල ආනයනයේ දී බලපත්‍රයක් අවශ්‍ය අතර ගාස්තුව වර්ෂයකට රුපියල් මිලියන 5ක්.
    x ලිහිසි තෙල් රත්‍රන් ආනයනයේ දී ගාස්තුවක් අයකෙරෙන බලපත්‍රයක්.
    x අභ්‍යාස පොත් හැර අනෙකුත් පොත්, සඟරා ආනයනයේ දී ඒවා බදුවලින් නිදහස්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    x අන්තර්ජාල සේවා මත විදුලි සංදේශ සේවා ගාස්තුව සියයට 25 දක්වා ඉහළට.

    thawath bila wadi wenawada ? :oo:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    x අන්තර්ජාල සේවා මත විදුලි සංදේශ සේවා ගාස්තුව සියයට 25 දක්වා ඉහළට.

    thawath bila wadi wenawada ? :oo:


    ඔව් දින 100න් අලුත් රටක්. අගමැති ප්‍රබාකරන්
     
    • Like
    Reactions: sudu23

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    සියලුම ජංගම දුරකතන ක්‍රියාකාරුවන් හට 3G. ආවරණ සැපයීම උදෙසා යටිතල පහසුකම් වර්ධනයට මාස 6ක කාලයක්. එසේ නොකළ හොත් දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 100 බැගින් වූ දඩ මුදලක්.

    :( :D
     
    • Like
    Reactions: sudu23

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,766
    113
    ඩොලර් 50,000කට අඩු නැති මෝටර් රථයක් ආනයනයේ දී නිෂ්පාදන බද්ද සියයට 50කින් අඩු කෙරේ.:oo::oo::oo:
     
    • Like
    Reactions: sudu23

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,659
    959
    113
    Mawanella Town
    x සියලුම ජංගම දුරකතන ක්‍රියාකාරුවන් හට ත්‍රී-ජී. ආවරණ සැපයීම උදෙසා යටිතල පහසුකම් වර්ධනයට මාස 6ක කාලයක්. එසේ නොකළ හොත් දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 100 බැගින් වූ දඩ මුදලක්. nam apita paththe wath na 3g coverge wath
     
    • Like
    Reactions: sudu23

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඩොලර් 50,000කට අඩු නැති මෝටර් රථයක් ආනයනයේ දී නිෂ්පාදන බද්ද සියයට 50කින් අඩු කෙරේ.:oo::oo::oo:

    මොකක්ද නිෂ්පාදන බද්ද කියන්නේ, සුපිරි cars අඩු වෙයිද හොදටම ? :shocked:
     
    • Like
    Reactions: sudu23

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රනිල්ටයි රවීටයි සුබ බදු අවුරුද්දක් වේවා
    :angry::angry::angry::angry::angry:
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    "ජනවාරි 1 සිට වාර්ෂික වර්ණාවලි ගාස්තුව සියයට 25කින් ඉහළට."
    මොකක්ද බන් මේක???? :rolleyes::rolleyes::rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    "ජනවාරි 1 සිට වාර්ෂික වර්ණාවලි ගාස්තුව සියයට 25කින් ඉහළට."
    මොකක්ද බන් මේක???? :rolleyes::rolleyes::rolleyes:

    දේදුන්නේ පාට වෙන්නැති බං :rofl:
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    FpyLMKx.png
     
    • Like
    Reactions: vito