2018 වසරේ, විදුළි වාහන සඳහා ලෝකය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    2018 වසරේ, විදුළි වාහන සඳහා ලෝකය


    වාහන විත්ති 265 - ෆැරඩේ FF 91.

    විදුළි වාහන ගැන උනන්දු වෙන කෙනෙක්ට, අන්තර් ජාලය පරීක්ෂා කර බැලූ විට බොහෝ විදුළි වාහන 2017 වසරේ නිෂ්පාදනය වන බව තේරුම් ගන්නට ඇත. ඒවායින් සමහරක් විශේෂයෙන්ම යුරෝපයේ පාරවල් වල ධාවනය කෙරෙන බවත්, වර්ග ඉතා කුඩා ප්‍රමාණයක් ලංකාවේද භාවිතා වන බව පෙනෙනු ඇත.

    2018 වසරේ, විදුළි වාහන සඳහා ලෝකය කෙසේ බලනු ඇත්ද ?

    ඇත්තටම 2018 වසරේ ඔබ 2017 වසරට වඩ වඩා විදුළි වාහන අන්තර් ජාළයේ මෙන්ම, සත්‍ය වශයෙන් පාරේද දකිනු ඇත. තව දුරටත් සම්ප්‍රදායික වාහන කොම්පැණි වලින් නොව, කිසි දින අසා නැති ඉලෙක්ට්‍රොනික සහ පරිඝණක දෘඩකාංග/ මෘධුකාංග නිෂ්පාදනය කරන සමාගම් වලින් තැනෙන විදුළි වාහන අනාගතයේ වැඩි වැඩියෙන් දකින්නට හැකි වනු ඇත.

    ලංකාවේ මෙන්ම බොහෝ රටවල් වල මෙතෙක් ජනප්‍රිය වූ ‘හයිබ්‍රිඩ්’ වාහන වලට ඇති ජනප්‍රියතාවයේ හීන බවක් දැකීම ආරම්භ වන්නේ, වඩාත් පාරට සුදුසු සම්පූර්ණයෙන්ම විදුළියෙන් ක්‍රියාත්මක වන වාහන දැකීමට හැකිවන නිසා වේ.

    සම්ප්‍රදානුකූල වාහනයක් නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණු සහ ඒ නිෂ්පාදන කාර්යාවලියේ ක්‍රම වේදයන් මුළුමනින්ම වෙනස් වන අනාගතයේ 2018 වසර ඉතා වැදගත් වසරක් වනු ඇත.

    මේ සඳහා හොඳ උදාහරණයක් සේ ‘නොකියා’ දුරකථන නිෂ්පාදනය ගත හැක. දුරකථනයකින් දෙදෙනෙක් අතර ඇතිවන සාකච්චාව පමණක් වේ යන මතය අනුව, පැරණි හණ මිටියේම එල්ලී සිටි ‘නොකියා’ ආයතනයට වූ දෙය අප දනිමු.

    මේ අතර වෙනත් ස්මාර්ට් දුරකථන නිෂ්පාදකයන්, දුරකථනයේ කතා කිරීම ගැන පමණක් නොසිතා එයට එකතු කල වෙනත් අංගෝපාංග හේතුවෙන් වූ පෙරළියද අප දනිමු. මේ පෙරළිය වාහන වලට දැන් දැන් පැමිණ ඇත.

    මක්නිසාදයත්, විදුළි වාහනයක දෘඩකාංග හෙවත් එන්ජිම ආශ්‍රිතව ඇති උපාංග බොහෝ අඩු වීම හේතුවෙන් ෆොසිල එන්ජිම ගැන හොඳින්ම දන්නා වාහන නිෂ්පාදන සමාගම් වලින් තැනෙන වාහන වලට ඇති ඉල්ලුම අඩු වීම හෙයිණි.

    තවත් ඉතා වැදගත් හේතුවක් වන්නේ, කාලය ඉතිරි කර ගැනීමේ හැකියාවය. එනම් විදුළි වාහන වල ව්‍යාප්තියට සමගාමීව පැමිණෙන ස්වයං වාහන හෙවත් රියදුරන් නොමැතිව ධාවනය වන වාහන පැමිණීමයි. දිනකට පැය දෙක තුනක් ඉතිරි කර ගැනීමට කව්රුන් නම් අකමැති වේද ?

    විදුළි වාහනයක් තනන්නට උත්සාහ කරන සමාගමකට, තව දුරටත් සාම්ප්‍රදායික ෆොසිල ඉන්ධන ආශ්‍රිත දැනුමෙන් ඇති වැඩක් නැත. මේ තත්වය පාරිභෝගිකයාට ඉතාමත් සුභදායක තත්වයකි. හේතුව තවත් උදාහරණයකින් කිවහොත් වඩාත් උචිත වේ.

    පසුගිය අවුරුදු සීය තුල කාලය ඇතුළත වාහන වල වෙනස් වීම, ඉලෙක්ට්‍රොනික උපාංග වෙනස් වීම හා සම වූයේ නම්, අද දින ඉහළ තත්වයේ වාහනයක් ඩොලර් දහයකට ගන්නට හැකියාව තියෙනවා වන්නට තිබුණි. නමුත් එය එසේ වුනේ නැත. එයට දේශපාලනමය වැනි විවිධ හේතු තිබුනද, මේ ලිපියේ එය කතා කිරීමෙන් වැඩක් නැත.

    එහෙයින් ප්‍රධාන මාතෘකාව ගැන කිවහොත්; කුමක් නිසා මේ දියුණුව විද්‍යාත්මක වශයෙන් පසුගාමී වුනේද යන්න ගැන සිතිය යුතු වේ. වැදගත්ම හේතුව පරාමිතික සිය ගණනක් ඇති ෆොසිල ඉන්ධන එන්ජිම මේ තත්වයට ගෙන ඒම සඳහා කල යුතු වූ මෙහෙය විය. ෆොසිල ඉන්ධන ඉවත් වූ විට ඒ සඳහා සම්බන්ද වන සියළු පරාමිතික ඉවත් වේ.

    එන්ජිම පමණක්ම නොවේ. වාහනයක තිරිංග හෙවත් බ්රේක් පවා වාහනයෙන් ඉවත් වන තැනට අද තාක්ෂනය දියුණු වේ. උදාහරණය e – pedal යන තිරිංග අනවශ්‍ය පාලන ක්‍රමය වේ. උදාහරණය :- නවතම නිසාන් ලීෆ් වාහනය.

    ඒ ආකාරයේ විදුළි වාහනයක එන්ජිමක්, තිරිංග, ඇතුල් වීමට යතුරක්, තියා රියදුරෙක් වත් නැති නිසා, කෙලින්ම වාහනයේ අනෙක් අත්‍යවශ්‍යම උපාංග ගැන තීරණය කල හැක. එසේ හෙයින් අනාගත විදුළි වාහන තනන්නේ සම්ප්‍රදායික වාහන තනන නිෂ්පාදන සමාගම් වලට වඩා ඊට හාත්පසින් වෙනස් පරිඝණක හා සම්බන්ද සමාගම් විය හැක.

    මෙයට හොඳම උදාහරණයක් වන්නේ, ටෙස්ලා සමාගමේ නිෂ්පාදන වලටද තර්ජනයක් වන ‘ෆැරඩේ FF91 යන විදුළි වාහනයයි. එහෙත් එය සාමාන්‍ය මිනිසාට නම් ගතහැකි ලාභ වාහනයක් වීමේ ලකුණු නම් නැත. නමුත් මේ සිදුවීම වාහන ක්‍ෂේත්‍රයේ සාමාන්‍ය දෙයකි. ෆොසිල වාහන නිර්මාණය ආරම්භ වන කාලයේම රෝල්ස් රොයිස්, මේබැක්, මර්සිඩීස් වැනි වාහන මිළදී ගත්තේ සුපිරි ධනවතුන් විසිණි.

    නමුත් එය පහළ ආර්ථිකයක් ඇති පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය වාහන සමාගම් වලට දැනෙන හේතුවක් වේ. උදාහරණය:- ඉහළ මිලැති ටෙස්ලා එස් වාහනයෙන් පසු අඩු මිලැති ටෙස්ලා මොඩල් 3 නිර්මාණය වීම.

    එම ‘ෆැරඩේ FF91 යන විදුළි වාහනයේ දත්ත පහත සේ වේ.

    වාහනයේ වේගය වැඩි වීමේ සීඝ්‍රතාවය හෙවත් ත්වරණය - වේගය ශුන්‍ය අවස්ථාවේ සිට පැයට කිලෝ මීටර් 100 ක වේගය ගැනීමට යන කාලය = තත්පර 2.39 යි.

    අශ්ව බලය [ප්‍රතිරෝධිත] = 1050 යි.

    එක් වරක් ආරෝපණයෙන් ධාවනය කල හැකි දුර = සැතප්ම 300 [කිලෝ මීටර් 480].

    ඉන්වර්ටරය = FF Echelon Inverter.

    බැටරි වර්ගය = ලිතියම් අයන්. 130kWh battery pack configuration. මේ සමාගම කියන ආකාරයට මෙතෙක් ලෝකයේ ඇති ශක්ති ඝනත්වය වැඩිම විදුළි වාහන බැටරි වන්නේ මේ වාහනයේ බැටරි යන්නය.

    බලය සැපයුම = විදුළි මෝටර 3යි. Torque vectoring, four-wheel steering and semi-active damping systems.

    කෙසේ හෝ මේ වාහනය ධාවනය කල හැකි තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පිරිවැය සෙවීම මෙතක් වී නැත. සුපිරි ධනවතුන් සිටින ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ නෙවාඩා හී මේ පිරිවැය සොයාගැනීමේ අපහසුවක් නොවනු ඇත යන්න ඇමරිකානු වාහන විචාරකයන් කියති.

    https://www.facebook.com/lalith.karunaratna