[FONT="]පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය[/FONT]
[FONT="]ගමේ අයට නම් ගජමන් නෝනාය[/FONT]
[FONT="]කවි කර කියන්නේ හැබහින් දුටු දේය[/FONT]
[FONT="]වට වන්දනාවෙදි නඩයම දුටු දේය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] වදිනට ගිය කලට නුවරට දළදාව[/FONT]
[FONT="] ගමේ චන්ඩි ස්ටැන්ලි ද සිටියාය[/FONT]
[FONT="] යාලු නිළමෙලා දොර හැර දුන්නාය[/FONT]
[FONT="] ළගටම ගිහින් ඔහු දළදා වැන්දාය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හම්බන්තොටින් පසු කර ලුනු ලේවාය[/FONT]
[FONT="]කතරගමට අපි යහතින් ආවාය[/FONT]
[FONT="]සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව[/FONT]
[FONT="]සීයේ කොළවලට මුල් තැන ලැබුනාය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] සිරිමා බෝධියට ගියදා උදයේම[/FONT]
[FONT="] කාර් ගොඩක් ආවා එක එක පාට[/FONT]
[FONT="] තෙරපී සිටිද්දී අපි පඩිපෙළ ගාව[/FONT]
[FONT="] ඒ මහතුඟ රන් වැට පැන වැන්දාය[/FONT]
ගායනය-නන්දා මාලිනි
රචනය-සුනිල් ආරියරත්න