2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    යාළුවා;23208824 said:
    පරණ එකෙක් ආවම ගරු කරපන් :angry::angry::angry::P


    2007 වගේ ආපු එකෙක්ට ගරු කරන්නේ කොහොමද බන් :rofl::rofl::P නොදන්න හින්ද අහන්නේ :confused::confused:
     
    • Like
    Reactions: djnick

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    යාළුවා;23208850 said:
    කෝ බං මේකෙ හිටපු උන්ගෙ සද්දේ
    කයිය විතරයි
    :angry::angry:

    සද්දෙයි පඩ ගඳයි විතරයි බන්. :sorry:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ
    ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
    මා එක්‌ක එනවාද චන්නකින්නරාවී
    මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

    රළු පොළොව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ
    මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ
    ආදරේ ශේෂ වේවිද චන්නකින්නරාවී
    මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

    සඳ නිවී ගිය රාත්‍රියේ තාරකා ගොළුව ඝන අඳුරේ
    ළය මතින් වැතිරී සොඳුරු හීනයට ඉඩදී
    හිනැහෙන්න පුළුවන්ද චන්නකින්නරාවී

    පද රචනය - චරිත් සේනාධීර
    තනුව - කසුන් කල්හාර
    ගායනය - භාචි සුසාන්

    සඳ කිඳුරිය... සඳ කිඳුරාට කොතරම් ආදරය කළාද... ඒ ආදරයේ තරම කියන්න වචන මදි...
    සඳ කිඳුරු ජාතකය... සඳ කිඳුරාගේ ජීවිතය වෙනුවෙන් සඳ කිඳුරිය සත්‍යක්‍රියා කළා.
    ආදරය එහෙමයි. ඒත් අද ආදරය හරිම වෙනස්‌. ප
    ණට පණ දෙන්න ආදරය කළත් කරදර දුක්‌ ගැහැට විඳිද්දී ටික කලකින්ම
    ඒ ආදරය පෑල දොරින් පලා යනවා.

    ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ

    ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්

    මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

    මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

    ආදරය කරන කාලෙදි නම් ජීවිතය හරිම සුන්දරයි. ඒත් පවුලක්‌ ලෙස කූඩු වුණාම...
    කරදර දුක්‌ ගැහැට එමටයි.
    ජීවිතය ගෙවන්න වෙන්නේ කරදර මැද්දේ. ආදරයට වඩා වගකීම් ගොඩකට මැදිවෙන්න වෙනවා. ආදරය නමැති තිමිර පටලය ඉවත්කරලා ජීවිතයට එබී බලන්න වෙනවා.. හරිම අසීරුයි.
    සීත සෘතුව... ගෙවාගන්න අසීරු කාලයක්‌නේ.
    ඉතින් ඒ සීතල මැද්දේ ගිරිදුර්ග පසුකරන්න වුණොත් තවත් අමාරුයි.
    මගේ ආදර සඳකිඳුරිය එවැනි ගමනක්‌ මා එක්‌ක යන්න එනවද කියල තමයි මේ තරුණයා විමසන්නේ.
    ආදරයත්, ජීවිතයත් අතර ඇති යථාර්ථය ගැන කියෑවෙන මේ ගීයේ රචකයා චරිත් සේනාධීර.
    චරිත්ගේ පද පෙළ ගයන්නේ භාවි සුසාන්... තනුව කසුන් කල්හාරගේ.

    මේක ලියෑවුණේ විශේෂ අත්දැකීමකින් නොවේ.
    මෙය හැම කෙනෙකුගේම අත්දැකීමක්‌. අපි මුහුණ දෙන සත්‍යය.
    මම මේ පද පෙළ ලියලා අවුරුදු දෙකක්‌ විතර ඇති. මුලින්ම භාචිට හරි කසුන්ට හරි දුන්නා. ඉන්පස්‌සේ තනුව හැදුනා. තනුව හදද්දි කසුන් එක්‌ක කතා කළා.
    වචන දෙකක්‌ විතර වෙනස්‌ කළා. චරිත් ගීයේ උපත ගැන පැවැසුවා.

    රළු පොළව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ

    මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ

    ආදරේ ශේෂ වේවිද චන්නකින්නරාවී

    මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

    ආදරේ කරද්දි වගේ නොවේ... අපිට ඉන්පස්‌සේ දිගු ගමනක්‌ යන්න වෙනවා.
    ඒ ගමන හරිම කටුකයි. ඔයාට ඔරොත්තු දේවිද දන්නෙ නහැ.
    ගමන හරිම රළුයි. විඩාබරයි. ගිරි දුර්ග මතින් යන මේ ගමනේදි ඔයාගේ ඔය සිනිඳු දෙපා රිදෙන්න ගනියි. හිතට වේදනා ගෙනදේවි. මා එක්‌ක එන්න ගත්තු තීන්දුව
    වැරදිය කියා හිතලා වේදනා මුසු සුසුම් වාතලයට මුදාහරියි. එතකොට ඔයාගේ හිතේ මා කෙරෙහි ක්‍රෝධයක්‌ වෛරයක්‌ ඇතිවේවි. ඔය හිතේ මා ගැන ආදරයක්‌a ඉතිරි වෙන එකක්‌ නැහැ. ඉතින් ඔයා එනවද මා එක්‌ක යන්න.

    ආදරය ලස්‌සන වුණත් ඒ ඇතුලේ ප්‍රායෝගිකව එය විඳිද්ඳි ප්‍රශ්න මතුවෙනවා. චරිත් මීට කලිනුත් ගීත රැසකට පද රචනා කර තිබෙනවා. කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ගයන අනන්තයට යන පාර දිගේ ජනප්‍රියයි. ඔහු මාස්‌හෝල්ඩින්ග් ආයතනයේ මෝස්‌තර නිර්මාණ ශිල්පියෙක්‌.

    ගීත රචනය මම පාසල් කාලයේදීම කළා. එකල මම පද්‍ය රචනා තමයි කළේ.
    කසුන් ඉන්ද්‍රචාප... අපි ආනන්ද විදුහලේ එක පන්තියේ. සංගීතය එක්‌ක තමයි අපි යාළුවෝ හැසිරුණේ. ෙµda සේල් නමින් පහුගිය දවස්‌වල මගේ පළමු කවි පොතක්‌ නිකුත් කළා. ගීත රචනය, මුදල් හම්බ කරන්න කරන දෙයක්‌ නොවේ. චරිත් පැවැසුවා.

    සඳ නිවී ගිය රාත්‍රිය තාරකා ගොළුව ඝන අඳුරේ

    ළය මතින් වැතිරී සොඳුරු හීනයට ඉඩදී

    හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවී

    ආකාසේ හඳ නිවී ගියොත් තරු මැකී ගියොත් කොයිතරම් අන්ධකාරද. ඒවගේ රැයක දකින හීන කොයිතරම් සුන්දරද? ආදරය කරද්දී එවැනි හීන දකිනවා. ඒත් ඉන්පසු ඒවගේ සොඳුරු හීනවලට ඉඩ තියේවිද. එදා වගේ අපිට හිනා වෙන්න පුළුවන් වේවිද? කිඳුරියනි.

    ජීවිතයේ යථාර්ථය මේ ගීයෙන් කදිමට විග්‍රහ කෙරෙනවා. මතුපිටින් පදපෙළ සරල වුණත් යටිපෙළ අර්ථය හරිම ගැඹුරුයි. ජීවිතය කියන්නේ සින්තටික්‌ සිහිනයක්‌මද... කියා හිතෙනවා. භාචිගේ හැඟීම්බර හඬින් ගීය ඇසෙද්දි කසුන්ගේ තනුවත් පදපෙළට ගී හඬට සාධාරණයක්‌ කර තිබෙනවා. ගීයේ රූප රචනාව ගැනත් සඳහන් කළ යුතුමයි. අරුත දැන ඉතා දක්‌ෂ ලෙස කළ නිර්මාණයක්‌.


    උස්සපු එකක්
     
    Last edited: