2020 ජනපති සටනට බැසිල් මෙහෙයුම අරඹයි…ගෝඨාට ට්&

monson

Well-known member
  • May 7, 2007
    25,678
    28,720
    113
    2020 ජනපති සටනට බැසිල් මෙහෙයුම අරඹයි…ගෝඨාට ට්&

    පළාත් පාලන මැතිවරණයෙදි පොහෝට්ටුව ලැබු අනපේක්ෂිත ජයග්‍රහණය හමුවේ එහි නිර්මාතෘ කුප්‍රකට ඩිල් කරුවෙකු වන් බැසිල් රාජපක්ෂ සිය ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනිම සදහා වු මෙහෙයුම මේ වනවිට දියත් කරමින් සිටින බව lankaleaks දේ වාර්තාකරු අනාවරණය කර සිටි.

    පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණයෙන් පොහෝට්ටුව ලැබු සියයට 44ක ඡන්ද ප්‍රතිපලය සහ සති දෙකක් තිබියදි මහරගමට බයිසිකලයෙන් ඉල්ලු කණ්ඩායම දිනවිමට හැකි විමත් යන කරුණු මුල්කර ගනිමින් බැසිල්ගේ මහ න්‍යායාචරවරුන් තිදෙනා සමග පැවැත්වු සාකච්ඡාවෙන් පසුව බැසිල් මේ වනවිට 2020 ජනාධිපති අපේක්ෂකත්වය සියතට ගැනිමේ මෙහෙයුම දියත් කර ඇත.

    බැසිල්ගේ න්‍යායාචරවරුන් තිදෙනා වන්නේ කථිකාචාර්යවරයකු මෙන්ම පදනම් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන ධම්ම දිසානායක අනිකා රාජ්‍ය උකස් හා ණය බැංකුවේ හිටපු සභාපති කතිකාචාර්‍ය ජගත් වැල්ලවත්තය අනිත් කෙනා වන්නේ කලින් ජන මාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් මෙන්ම කතිකාචාර්‍ය චරිත හේරත්ය.

    පසුගියදා මේ තුන් කට්ටුව බැසිල් හමුවෙලා පවසා ඇත්තේ …


    “බැසිල්…, 2020 ඔයාට ජනාධිපති අපේක්ෂකයා වෙන්න පුළුවන්.ඔයාට ඒකාබද්ධයේ කවුරුවත් කැමති නෑ. ඒක ඇත්ත.නමුත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ලෙනින්ගෙ සෝවියට් සමූහාණ්ඩුවේත් ලෙනින් මියයන්න ඉද්දී නායකත්වය ගන්න තිබ්බේ ලියෝන් ට්‍රොස්කිට නමුත් ට්‍රොස්කිව ඉවත් කරලා දාලා ජොෂප් ස්ටාලීන් අවශ්‍ය දේශපාලන සෙල්ලම කරලා බලයට පත් වුණා. ඉතින් ඔයාටත් ඒ වැඩේ කරන්න පුළුවන්…”

    “ඒකට ලෙනින්ව වට කරන්න ඕනේ. මෙතන ලෙනින් වෙන්නේ මහින්ද… ඒනිසා මේකට ඔයා දැන්ම ලෑස්ති වෙන්න… එතකොට දැන් මේකේ ඇතුලේ ඔයාට විරුද්ධ වෙලා හිටපු ඔක්කොම අය ඔයාගේ මේ වැඩෙත් එක්ක වික්ෂිප්ත වෙලා තියෙන්නේ. ඒනිසා ඔයා ඒ බලය පාවිච්චි කරන්න. ඒවගේම ඔයාට මෙතන ඉන්න ලොකුම බාධකය කවුරුවත් නෙවෙයි ගෝඨාභය. එතකොට දැන් එයා හිතන්නේ ඉන්න ලොකුම හතුරා ගෝඨා කියලා. ඒ නිසා මේ දේශපාලන සමීකරණයෙන් ගෝඨාව අයින් කල යුතුමයි.”

    “ඔයාට දැන් තේරෙනවා ඇති අපි එදා ඇයි කිව්වේ කියලා ගෝඨා ලංකාවට එන්න ලෑස්ති වුණ වෙලාවේ විමලුයි ගම්මන්පිලයි එයාව පිළිගන්න සෙනග අරන් යන්න හදද්දී ඔයාට ඒකට විරුද්ධ වෙන්න කියලා. ඔයත් ඒ වෙලාවෙ ඒකට අදිමදි කළාට අපේ බලපෑම නිසා ඔයා ඒක කළා. එහෙම කිව්වේ මේ හෙතුව නිසා. ඒනිසා ගෝඨාට කීයටවත් මෙතන ඉඩ තියන්න එපා. සිංහල බෞද්ධ කොඩිය අපි දැන් අරගෙන ඉවරයි. තවදුරටත් ගෝඨාව අවශ්‍ය නෑ මේක ශක්තිමත් කරන්න වර්ධනය කරන්න.”

    තුන් කට්ටුවේ කෙස් පැලෙන උපදෙස් එතනින් අවසන් වුනෙ නෑ


    “අපිට දැන් අවශ්‍ය අපේ මේ බල යුද්ධයට ලිබරල් හැඩයක්. ඒකට ඔයාට අවශ්‍ය වෙනවා නාගරික නූතන චින්තනය. ඔයා එක්ක දැන් ඉන්නේ ග්‍රාමීය බෞද්ධ චින්තනය.නාගරික බෞද්ධ චින්තනය සහ නාගරික නූතන ලිබරල් චින්තනය ඔයාට දැන් අවශ්‍යයි. ඒකට ඔයාගේ ඇතුළේ පොඩ්ඩක් ඉඩ තියාගන්න.මොකද ඒ ගොල්ලෝ කැමති නෑ තනිකර ග්‍රාමීය බෞද්ධ චින්තනයට බලය යනවට. අර අවුරුදු 10 අපි ඉගෙන ගත්ත වැදගත්ම පාඩම තමයි, සිංහල බෞද්ධ ප්‍රොජෙක්ට් එක ඕනවාට වඩා දාන කොට රටේ ආර්ථිකය පාලනය කරන මෙට්‍රොපොලිටන් ක්‍රවුඩ් එකට ඒක එපා වෙනවා.ඒ නිසා ඒ මිස්ටේක් අපි තවදුරටත් කරන්න ඕනේ නෑ.”

    තුන් කට්ටුව පැය ගාණක් බැසිල්ට තෙල බෙදලා එතනින් ගියේ බැසිල්ගේ ඔලුවේ ජනාධිපති අපේක්ෂකත්වය විතරක් නොවේ 2020 දි ජනාධිපති කරලා තුන් දෙන ලොකුම තනතුරු 3කුත් බෙදාගෙන ….

    පැය ගණනක් ජනාධිපති ආශ්වාදය වින්ද බැසිල් කෙලින්ම ගියේ මහින්ද හමුවෙන්න ඒ කියන්නේ තුන් කට්ටුවේ කතාවට අනුව ලෙනින් හමුවෙන්න…

    මහින්ද හමුවු බැසිල් පොල්ලෙන් ගැහුවා සේ මහින්දට කියා සිටියේ තමන්ට 2020 දි ජනාධිපති අපේක්ෂකත්වය අවශ්‍ය බවයි.

    “ඔයාට 2020 ඉල්ලන්න බෑ 19ට අනූව.ඔයා අගමැති ධූරයට සූදානම් වෙලා මාව 2020 අපේක්ෂකයා කරන්න. මන් කවදාවත් ඔයාට පිටු පෑවේ නෑ. ගෝඨාව ඔයාට කන්ට්‍රෝල් නෑ.මම ඔයාව දාලා ගියෙත් නෑ . අමාරුම වෙලාවේ මම ඇවිත් ඔයා ගාව හිටියා.මම මේ පක්ෂෙත් හැදුවා. ඔයා දිනුවේ මම මේ හදපු පක්ෂය නිසා.”

    “එදාත් ඔයා මේ රටේ ඉන්න ඇච්චෝ බැච්චෝ කියන දේ අහලා මේකට තදින්ම විරුද්ධ වුණා. ඔයා අමතක කරන්නෙපා ඔයා ඇවිල්ලා ජනාධිපති කෙනෙක් විතරක් නෙවෙයි. ඔයා දැන් ඇවිල්ලා මහසෙන් වගේ මේ රටේ මිනිස්සුන්ට දෙවි කෙනෙක්. ඒක ඔයා තේරුම් ගන්න. මේ වැඩේදී මන් ඔයාව කවදාවත් දාලා යන්නෙ නෑ. ඔයාට පිටුපාලා මන් වැඩ කරලත් නෑ කරන්නෙත් නෑ.”

    බැසිල් ක හුස්මට කියාගෙන ගොස් තිබේ.

    (සැලකිය යුතුයි… අදාළ බැසිල් -මහින්ද (BR-MR) හමුව සිදුවන අවස්ථාවේ ඔහුන් දෙදෙනාට අමතරව එම ස්ථානයේ සිටියේ තවත් එක් අයෙකු පමණත් බවත් ඔහු කිසිදු ආකාරයකින් මෙම දෙදෙනගේ සාකච්ඡාව පිළිබඳව lankaleaks වෙත තොරතුරු ලබා නොදුන් බවත් නිකරුනේ ඔහු සැක නොකරන ලෙසත් අපි රාජපක්ෂ දෙපලගෙන් ඉල්ලා සිටිමු.)

    බැසිල්ගේ කතාව අවසන් වු සැනින් මහින්ද බැසිල්ට පවසා ඇත්තේ

    “බැසිල් ඔයා මේ ජයග්‍රහණය නිසා ලොකුවට ඔළුව උදුම්මගෙන ඉන්නෙ එපා… මේක අස්සේ අපිටත් පණිවිඩයක් දීලා තියෙනවා. මට ඒක හොදට තේරෙනවා.ඒනිසා ඔයා යන ගමන හෙමින් යන්න.මගෙන් අවශ්‍ය සහයෝගය ඔයාට තියෙනවා”

    මහින්දගේ පවුල් පාලනයට බැසිල් දුන් ඉන්ජෙක්ෂන් එක…

    “නාමල්ලට තව කල් තියෙනවා, අපෙන් පස්සේ බැට්ට්න් එක දෙන්න තියෙන්නේ ඒගොල්ලන්ට තමයි. නමුත් නාමල්ලා තව මුහුකුරා යන්න ඕනේ.නාමල්ල තවම පොඩි ලමයි කියලා. සහ නාමල් වටේ හොද සෙට් එකක් හදන්න අපිට වැරදුන වැඩ එයාට වැරදෙන්නේ නැති වෙන්න.”

    ඊටපස්සේ ගැබුරු හුස්මක් ඇදලා මහින්ද බලාගෙනත් ඉදලා තියෙනවා.

    බැසිල් -නාමල් ගැටුම….

    පසුගිය පළාත් පාලන මැතිවරණය සමයේ මැතිවරණයට සතියක් පමණ තිබියදි නාමල් එයාගෙ ටීම්ස් දාලා එයා කළා රට පුරා සර්වේ එකක් කළා.

    ඒ සර්වේ එකට අනූව නාමල් කිව්වේ ඒගොල්ලෝ ඒ කියන්නේ පොහොට්ටුව ගන්නේ ඡන්ද ලක්ෂ10ක් පමණක් බවත් අයතන 10ක්15ක් විතර ජයග්‍රහණය කරන්න හැකියාව් පමණක් ඇති බවයි.මේ කතාව කිව්ව වෙලාවේ නාමල් සහ බැසිල් අතර වාද විවාද ඇති වුණා.පස්සේ පොඩි එවුන් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා බැසිල් එතනින් නැගිට ගොස් තිබේ.

    10 රැ වෙනකොට ජයග්‍රහණය ලැබුණ සැණින් බැසිල් බත්තරමුල්ලේ පොහෝට්ටු කාර්‍යාලයේ ඉදලා නාමල්ට කෝල් කරලා දැන් ඔයා මොකද කරන්නේ කියලා අහලා. නාමල් එවෙලේ කටවහන් ඉදලා පස්සේ එයාගේ මිතුරෝ එක්ක කියලා තියෙනවා දැන් මිනිහව කන්ට්‍රෝල් කරන්න හම්බෙන්නේ නෑ කියලා.

    ඒකීයවාදින්ට එරෙහිව බැසිල් පෙරමුණ සටන් අරඹයි……….

    ජනාධිපතිවරණයකට ශ්‍රි ලංකා පොදුජන පෙරමුනින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිමට කටයුතු කරන්නේ නම් ඔහු සියයට 51ක ඡන්ද ප්‍රතිශතය ලබා ගැනිම සදහා අනිවාර්යයෙන් සුළු ජාතික ඡන්ද ලබගත යුතු යැයි මතය දරණ බැසිල් පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ෆෙඩරල්වාදින් සමග ඩිල් දැමුවෙකු බවද ප්‍රකටය.ඒ නිසාම මේ වනවිට මහින්දගේ මැක්කා වී සිටින ඒකීය භාවයේ පියා ලෙස පෙනී සිටින විමල් සහ විමල්ගේ අපාය සහයක මිත්‍රයා වන ගම්මන්පිල මහින්දගෙන් ඇත් කිරිමට බැසිල් ගෙන මෙහෙයුම මේ වනවිට මතුපිටට පැමිණ ඇති අතර පසුගියදා බැසිල්ගේ දරුණු වාග් ප්‍රහාරයට විමල් ලක්වුයේද එහි ප්‍රතිපලයක් ලෙසිනී.

    පෙරේදා හිරු සලකුණට ගිය (අවස්ථා දෙකදි බැසිල් විසින් හිරු සලකුණ විමට අහිමි කරන ලදී ) විමල් කල ප්‍රකාශය “පොහොට්ටු ජය බැසිල්ගෙ මෙහෙයවීමෙන් සිදු වූවක් නෙමෙයි. ඒක කොහොමත් දිනන්න නියමිතව තිබුණෙ” යනුවෙනි.

    මේ වනවිට බැසිල්ගේ තවත් දෙවන පෙල උපදේශකයෙකු ලෙස සිටින මහින්ද පතිරණ දිගින් දිගටම පහර දෙමින් සිටි….වැඩි විස්තර පසුවට…

    පසු සටහනක් ………..

    බැසිල් කියූ පරිදි අද සිට බැසිල් ගෝඨාව ලියෝන් ට්‍රොස්කි ලෙස ගනන් ගනී. ගෝඨාට කියන පණිවිඩය නම් ස්ටාලීන් සෝවියට් දේශයේ නායකයා වූ සැණින් ට්‍රොස්කිට රුසියාව අතහැර ජීවිතාරක්ෂාව වෙනුවෙන් දකුණු ඇමෙරිකාවට පලායන්න සිද්ධ වුණ. පලා ගියාට පස්සේ සෝවියට් විප්ලවීය වීරයෙකු වූ ලියෝන් ට්‍රොස්කි පසුව ද්‍රෝහියෙකු ලෙස නම්කර කෙටේරි පහර දී මරා දැම්මා… අපි මේ කතාව වත්මන් රාජපක්ෂ කදවුරේ ට්‍රොස්කි හෙවත් ගෝඨාභයට මතක් කර දිමට කැමැත්තෙමු.


    http://www.lankaleaks.net/2018/02/20/560

    PS:
    Ranil ta Mahinda ta gahana site ekak. sirisenage wadak da koheda.:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කතාකරන ඒවා ඔක්කොම අහගෙන ඉඳල නෙ :baffled: මට පේන්නේ බැසිල් ගේ ගෙදර ඉන්න බල්ලා හරි පූසා හරි බිත්තියේ බඩගාන හූනෙක් හරි තමා මේ විස්තර දෙනවා ඇත්තේ :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    කතාකරන ඒවා ඔක්කොම අහගෙන ඉඳල නෙ :baffled: මට පේන්නේ බැසිල් ගේ ගෙදර ඉන්න බල්ලා හරි පූසා හරි බිත්තියේ බඩගාන හූනෙක් හරි තමා මේ විස්තර දෙනවා ඇත්තේ :yes:

    :rofl:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කතාකරන ඒවා ඔක්කොම අහගෙන ඉඳල නෙ :baffled: මට පේන්නේ බැසිල් ගේ ගෙදර ඉන්න බල්ලා හරි පූසා හරි බිත්තියේ බඩගාන හූනෙක් හරි තමා මේ විස්තර දෙනවා ඇත්තේ :yes:

    :lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    කතාකරන ඒවා ඔක්කොම අහගෙන ඉඳල නෙ :baffled: මට පේන්නේ බැසිල් ගේ ගෙදර ඉන්න බල්ලා හරි පූසා හරි බිත්තියේ බඩගාන හූනෙක් හරි තමා මේ විස්තර දෙනවා ඇත්තේ :yes:

    නැත්නම් උබ වගේ බිත්ති දිගේ නගින කටුස්සෙක්.:yes:

    green-anole-lizard-wall-male-battle-scars-defending-his-territory-tail-partially-missing-regrowth-carolina-41738601.jpg
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කතාකරන ඒවා ඔක්කොම අහගෙන ඉඳල නෙ :baffled: මට පේන්නේ බැසිල් ගේ ගෙදර ඉන්න බල්ලා හරි පූසා හරි බිත්තියේ බඩගාන හූනෙක් හරි තමා මේ විස්තර දෙනවා ඇත්තේ :yes:


    මටත් හිතුනේ ඕකමයි
    :lol::lol::lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,678
    28,720
    113
    Honda sources thiyana kenek karana site ekak wenna athi. kohewth nathi ewane meke thiyenne

    Exclusive: දරණාගම කුසලධම්ම නාහිමියන් ඝාතනය කිරිමේ කුමන්ත්‍රණය …සාක්ෂි සහිත අනාවරණය..මිනිමරු කරන්නාගොඩ,කුප්‍රකට වෑගපිටිය,දිලිත් ජයවීර,උලපනේ සුමංගල,අලස්,සරත් සිල්වා බෞද්ධයා වැනසිමේ කුමන්ත්‍රණයක
    http://www.lankaleaks.net/2018/01/27/294
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,678
    28,720
    113
    lolz.....

    Basila dual citizen thiyana ekak...
    kohomada pin gono presidentship ekata illanne...

    gahapu pache athe roll....
    guu kapan oyita hoda...

    Oka mama liyapu ekak neme yako mata hambuna site ekak dakala damme. Umabala mata baninne mama liwwa wage :angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,678
    28,720
    113
    itin daana kota uba kalin kiyawala ube sigithi molen analyse karala daapan illak **ke tinkiri gaaganne nathuwa.

    mada gahanna mokak hari ekak daanawa thoge rassawa rakaganna...
    oyita hoda ban higa kaapan:angry:

    rassawa :rofl: pissuda.

    Oya weekend newspapers wala deshapalana rahas kiyala pitu 2 k withara eka eka kiyapuwa karapuwa langa hitiya wage daanne. ewage thamyi owath liayanawa aththe.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කතාකරන ඒවා ඔක්කොම අහගෙන ඉඳල නෙ :baffled: මට පේන්නේ බැසිල් ගේ ගෙදර ඉන්න බල්ලා හරි පූසා හරි බිත්තියේ බඩගාන හූනෙක් හරි තමා මේ විස්තර දෙනවා ඇත්තේ :yes:

    Aww Monson balahallako :rolleyes:

    නැත්නම් උබ වගේ බිත්ති දිගේ නගින කටුස්සෙක්.:yes:

    green-anole-lizard-wall-male-battle-scars-defending-his-territory-tail-partially-missing-regrowth-carolina-41738601.jpg


    මටත් හිතුනේ ඕකමයි
    :lol::lol::lol::lol::lol:

    lolz.....

    Basila dual citizen thiyana ekak...
    kohomada pin gono presidentship ekata illanne...

    gahapu pache athe roll....
    guu kapan oyita hoda...


    ඇයි බන් මේ මනුස්සයෙක් මෙච්චර පහත් තත්වෙට වැටෙන්නේ මේක කියවන ඕන මිනිහෙක්ට තේරෙනවා මේක ගොතපු බොරුවක් කියන එක අනේ මන්දා මේ වගේ එවුන් නම්, තමන්ගේ පක්ෂෙන් බෙට්ටක් දැම්මත් සුවදයි කියයි මුන් වගේ එවුන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    rassawa :rofl: pissuda.

    Oya weekend newspapers wala deshapalana rahas kiyala pitu 2 k withara eka eka kiyapuwa karapuwa langa hitiya wage daanne. ewage thamyi owath liayanawa aththe.
    ube deshapaalana game api dannawa monson....
    uba niyametama sirikothe guu hodana wade & oppasition suppressing thru EK karanawa.
    uba sirikothen padi labena set eke ekek kiyala meke un dannawa ban....
    ubata salli ena nisa thama wili lajjawak natuwa sanwardana news/minimaruwo allana news wage thread uba meke run karanne....
    lolz...
    I'm not a Chinese with pig tail man!:oo:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කතාකරන ඒවා ඔක්කොම අහගෙන ඉඳල නෙ මට පේන්නේ බැසිල් ගේ ගෙදර ඉන්න බල්ලා හරි පූසා හරි බිත්තියේ බඩගාන හූනෙක් හරි තමා මේ විස්තර දෙනවා ඇත්තේ


    අයියෝ මොන්සොන් අම්මා පවූ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,678
    28,720
    113
    ube deshapaalana game api dannawa monson....
    uba niyametama sirikothe guu hodana wade & oppasition suppressing thru EK karanawa.
    uba sirikothen padi labena set eke ekek kiyala meke un dannawa ban....
    ubata salli ena nisa thama wili lajjawak natuwa sanwardana news/minimaruwo allana news wage thread uba meke run karanne....
    lolz...
    I'm not a Chinese with pig tail man!:oo:

    Ane yako owata salli denawa nam honda salli karayek wenna thibba. mama idala hitala awilla owa daanne. ehenam meke pal banda gena post dana aya okkoma job ekata post dana aya wenna one. mama kale kagena owa dammata mata kisi wadak naha. ham thissema news check karana eka ledak wage abbahi wela ban wadath padu wenawa :sorry:
     
    • Like
    Reactions: basunnaha

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Ane yako owata salli denawa nam honda salli karayek wenna thibba. mama idala hitala awilla owa daanne. ehenam meke pal banda gena post dana aya okkoma job ekata post dana aya wenna one. mama kale kagena owa dammata mata kisi wadak naha. ham thissema news check karana eka ledak wage abbahi wela ban wadath padu wenawa :sorry:


    Haha ane palayan bn yanna. kimbula aiya kiyapu kathawa aththa. Salli dunnoth ubala amma thaththath wikunai.