2020 ජනපති සිහිනය පෝරකයෙන් ඉවර වෙන ලකුණු

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
2020 ජනපති සිහිනය පෝරකයෙන් ඉවර වෙන ලකුණු

Henda_Gotha_Lasantha.jpg

ලසන්ත ඝාතනයට ගෝඨා ගස් යන ලකුණු අධිකරණය ඉදිරියට: මැරූ උපකරණය: ඝාතකයන් භාවිතා කළ දුරකථන විකිණූ සමාගම හෙළිවේ: සම්පූර්ණ බී වාර්තාව මෙන්න..!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.21, පෙ.ව‍‍.8.45) සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ ගස් යන පෙරමග ලකුණු පෙන්වන සාක්කියක් ඊයේ(20) අධිකරණයට ඉදිරිපත් විය.

ඒ ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස අධිකරණය වෙත ඊයේ(20) ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවක් අනුව ය.

වනචර දශකයේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරමින් මාධ්‍යවේදීන්ට පහර දුන් කාලයේ ගෝඨාභය රාජපක්ෂ සමග එක්ව කටයුතු කළ ජාතික බුද්ධි ප්‍රධානී කපිල ගාමිණී හෙන්දාවිතාරණ යටතේ වෙනම කල්ලියක් සිටි බවත් ඒ ගැන කොළඹ මෙහෙයුම් බාරව සිටි හමුදා නිලධාරීයා පවා නොදැන සිටි බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ඇතුළු සාක්කි දෙකකින් හෙළිවිය.

ලසන්තගේ දෙවන මරණ පරීක්ෂනයෙන් හෙළි වූ ඝාතනය කළ උපකරණය ගැන තොරතුරු ද, ඝාතකයන් භාවිතා කළ දුරකථන මිලදී ගත්තේ කුමන සමාගමකින්ද පිළිබඳ තොරතුරුද ඊයේ අධිකරණය ඉදිරියේ හෙළිවිය. එම සමාගම වූ සොෆ්ට්ලොජික් සමාගම පසුගිය වනචර දශකයේදී ගෝඨාභය රාජපක්ෂ සමග ඉතා සමීපව කටයුතු කළ සමාගමක් වන අතර ඉතා ඉක්මනින් ධනවත් වූ සමාගමකි

මේ සම්බන්ධයෙන් සීඅයිඩිය විසින් අධිකරණයට වැඩි දුර කරුණා වාර්තා කළ එම ‘බී වාර්තාව‘ මහජනතාවගේ දැන ගැනීම සඳහා සම්පූර්ණයෙන් පහත පළ කරමු.

නඩු අංකය - B 92/09
ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත්වරයා වෙත

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාලව කරුණු වාර්තා කළ 2015 - මාර්තු - 17 දිනැති බී වාර්තාව හා සමගාමීව ඉදිරිපත් කරන ලද සියළුම වැඩිදුර වාර්තා සහ අවසාන වශයෙන් ඉදිරිපත් කරන ලද 2017-ජනවාරි- 16 වාර්තාව හා සබැඳේ

02) මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරමින් පහත නම් සඳහන් අයවලුන්ගේ ප්‍රකාශයන් සටහන් කර ඇති අතර එමගින් පහත කරුණු අනාවරණය විය.

(1) ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා (හිටපු හමුදාපති) -අංක 461/08, පුබුදු පෙදෙස, වැලිපාර, තලවතුගොඩ.

මොහු අපරාධය සිදුවූ කාලයේ දී කොළඹ ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සොයා නොබැලූ අතර කොළඹ ආරක්ෂක කටයුතු හා යුද්ධ හමුදා හා බුද්ධි අංශයන් එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා හා ජාතික බුද්ධි ප්‍රධානී කපිල ගාමිණී හෙන්දාවිතාරණ යන අයවලුන් විසින් සිදුකර ඇති බවත්, මාධ්‍යවේදීන්ට පහර දීම් සම්බන්ධයෙන් තමන්ට ලැබුණු තොරතුරු කීපයකට අනුව ජාතික බුද්ධි ප්‍රධානී හෙන්දාවිතාරණ යටතේ යම් කල්ලියක් සිටි බවත්, මොහු හමුදාපතිව සිටියදී ට්‍රිපොලි යුද හමුදා බුද්ධි අනු ඛණ්ඩයක් ස්ථාපිත කර තිබූ බවක් නොදන්නා බවත් ප්‍රකාශ කර ඇත.

(2) අජිත් මනෝහර පෙරේරා (විශ්‍රාමික මේජර් ජෙනරාල්) - අංක 66, ශ්‍රී ධම්මදිස්සි මාවත, අස්ගිරිය, මහනුවර

මෙම අපරාධය සිදුවූ කාලයේ මොහු කොළඹ මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙස කටයුතු කර ඇති බවත්, මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකළ බවත්, එසේ කරුණු සොයා බලන ලෙසට උසස් මූලස්ථානයකින් නිසි නියෝගයක් නොලැබුණු බවත් ප්‍රකාශ කර ඇත.

03) පසුගිය නඩු දිනයේ දී එනම් 2017-01-16 වැනි දින මෙම ගරු අධිකරණයෙන් ලබා ගන්නා ලද නියෝගයකට අනුව නඩු භාණ්ඩ ආණ්ඩුවේ සැක කටයුතු ලේඛන පිලිබඳ පරීක්ෂක වෙත 2017-02-13 වන දින යොමු අංක එච්. 744/2016 යටතේ බාර දුන් අතර ඊට අදාල සංදේශය මේ සමග ගරු අධිකරණයට ඉදිරිපත් කරමි.

04) මෙම විමර්ශනයට අදාලව අධිකරණ නියෝග අනුව නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ගොඩ ගන්නා ලද මරණකරු වන ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාගෙන් ලැබී ඇත. එමගින් මෙම මරණය අධික ශක්තිය යෙදූ උපකරණයකින් පහරදීමකින් සිදු වී ඇති බවත් එවැනි ප්‍රහාර 03 කට වඩා වැඩි ගණනක් ඇති බවත් ත්‍රි පුද්ගල වෛද්‍ය මණ්ඩලය විසින් තීන්දු කර ඇති බව සඳහන් කර ඇති බවද ගරු අධිකරණයට වාර්තා කරමි.

05) ආණ්ඩුවේ සැක කටයුතු ලේඛන පිළිබඳ පරීක්ෂක වෙත යොමු කරන ලද හා ශ්‍රී ලංකා සර්ට් ආයතනය වෙත යොමු කරන ලද නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තා මෙතෙක් ලබා දී නොමැති බවද වාර්තා කරමි.

06) මෙම අපරාධය සිදුකිරීමට අපරාධකරුවන් සිම් කාඩ් පත් යොදාගෙන ඇති දුරකථන 05 න් 04 ක් කොළඹ 05 ද ෆොන්සේකා පාරේ පවත්වාගෙන යනු ලබන සොෆ්ට්ලොජික් කොමියුනිකේෂන් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය මගින් මෙරටට ආනයනය කර එම ආයතනයේ නියෝජිත ආයතන 03 ක් මාර්ගයෙන් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත. එම ජංගම දුරකථන 04 මිලට ගෙන ඇත්තේ කවුරුන් විසින්ද? යන්න පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරගෙන යන බවද වාර්තා කරමි.

07) මෙතෙක් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති කරුණු අනුව හා දුරකථන විස්තර අනුව වැඩිදුර විමර්ශන කටයුතු පවත්වාගෙන යන අතර විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන මෙන් ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

අත්සන් කෙළෝ

විමර්ශන නිලධාරී සහ ස්ථානාධිපති
විශේෂ විමර්ශන අංශය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

ඉහත බී වාර්තාවෙන්පසුව නඩුව ජුනි මස 19 වෙනිදා දක්වා කල් තැබීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා නියෝග කෙළේය.
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මම හිතුව ඔක්කොම ඔප්පු වෙලා තීන්දුයි අහවරයි කියල. :D ලංකා ඊ නිවුස් කියන්නේ නිකන්යැ
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    ෆොන්සෙකා මහත්තයා සාක්කි දෙයි
    බෙල්ල මුලටම හිර කරලා උන්දැ යුද වීරයා නේ

    :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    යහපාලනෙන් ගොඩ ගියේ,
    ලසන්තයි, තාජුඩීනුයි,
    විතරයි..

    හෝ ... හෝ... තව
    අර්ජුන් ලොක්කයි.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,987
    3,500
    113
    Budapast
    බොරු සීන් .. කෝ තජුදින් වලෙන් නැකිට්ටට මොකෝ උනේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලසන්ත ඝාතනය
    හිටපු බුද්ධි ප්‍රධානියාගේ
    කල්ලියක වැඩක්‌
    සරත් ෆොන්සේකා ප්‍රකාශ කළ බව
    රහස්‌ පොලිසිය අධිකරණයට දන්වයි

    හේමන්ත රන්දුණු

    ලසන්ත ඝාතනය ඇතුළු යුද්ධය පැවැති සමයේ දකුණේ සිදු වූ මිනිස්‌a ඝාතන, පැහැර ගැනීම්, කප්පම් ගැනීම්, අතුරුදන් කිරීම් රැසක්‌ සිදු කරනු ලැබුවේ එවකට ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිටි කල්ලියක්‌ විසින් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රහස්‌ පොලිසිය හමුවේ ප්‍රකාශ කළ බව රහස්‌ පොලිසියේ නිලධාරීන් ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් මොහොමඩ් ෂියාම් මහතා හමුවේ ඊයේ (20 වැනිදා) කරුණු දක්‌වමින් කියා සිටියේය.

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රහස්‌ පොලිසිය හමුවේ කළ ප්‍රකාශවල වැඩිදුරටත් මෙසේද සඳහන් වූ බව උසස්‌ පොලිස්‌ නිලධාරීහු මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කළහ.

    යුද්ධය පැවැති සමයේ කොළඹ ආරක්‌ෂාව සහ කොළඹ බුද්ධි මෙහෙයුම් සියල්ල සිදු වූයේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථාන හරහායි. ඒ ක්‍රියාන්විත සියල්ල සිදු කළේ එවකට ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ සහ ජාතික බුද්ධි ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්‌ඩායම් විසින්. එවකට ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ පැවැති බුද්ධි මෙහෙයුම් රැස්‌වීම් කිසිවකට මා කැඳවා තිබුණේ නැහැ.

    උතුරු යුද්ධය ක්‍රියාත්මක කරගෙන යැමට මා වෙත භාර දී තිබුණා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක පසුගිය කාලයේ සිදු වූ මාධ්‍යවේදීන් ඝාතන, පැහැර ගෙන යැම්, අතුරුදන් කිරීම්, පහර දීම් ඇතුළු අපරාධ රැසක්‌ සිදු කරනු ලැබුවේ හෙන්දාවිතාරණ යටතේ සිටි කල්ලියක්‌ විසිනුයි.

    බුද්ධි අංශ නිලධාරීන් යොදා ගෙන පවත්වා ගෙන ගිය ත්‍රිපොලි හමුදා කඳවුර ගැන මා දැනුවත් වී සිටියේ නැහැ. ඒ සියල්ල ක්‍රියාත්මක වුණේ ආරක්‌ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියාගේ අනු දැනුම මත බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රහස්‌ පොලිසිය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබූ බව එහි නිලධාරීහු මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේය.

    සන්ඩේ ලීඩර් කර්තෘ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය විසින් කර ඇති විමර්ශනවලදී ඉතාම වැදගත් තොරතුරු රාශියක්‌ හෙළි කර ගෙන තිබෙන බවද රහස්‌ පොලිස්‌ නිලධාරීහු මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ කියා සිටියහ. ලසන්ත ඝාතනය සිදු වී ඇත්තේ වෙඩි තැබීමකින් නොව උල් සහිත කිසියම් යන්ත්‍රයකින් තුන්වරක්‌ ඇනීමෙන් බවත් පරීක්‌ෂණවලදී අනාවරණය වූ බව රහස්‌ පොලිස්‌ නිලධාරීහු කියා සිටියහ.

    ලසන්ත ඝාතනයට පැමිණි නිලධාරීහු පාවිච්චි කළ ජංගම දුරකථන සිම් කාඩ් පත් පහම උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සහ කීත් නොයාර් පැහැර ගෙන යැමට සම්බන්ධ වූ බුද්ධි අංශ නිලධාරීන් පාවිච්චි කර ඇති බව හෙළි වී ඇතැයි රහස්‌ පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

    http://www.divaina.com/2017/03/21/news16.html

    SF danne naha army eke camp gana.
    me yana widiyata intelligence unit ekak kiyala ekak lankwe nathi wewi
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රනිල් මහබැන්කුවට හිරේ යන්නෙත් නැ. සුදු වැන් වලට ගොටා හිරේ යන්නෙත් නැ. දෙන්නට දෙන්න ඩීල් එක දාගෙන මිනිස්සුන්ගෙන් ආතල් ගන්නවා. මේ රටේ ඔය කියන දේවල් වෙනවනම් රනිල් මෙලහට හිර හත අටක ගිහින්, බටලන්දේ කේස් එකට. බටලන්ද, බටලන්ද කිය කිය චන්දේ කාලේ පවිත්‍රා තප්පුලැවට චන්ද්‍රිකා, මහින්ද දෙන්නම ආන්ඩු කරන කාලේ රනිල්ට ආන්ඩුවෙන් බීඇම්ඩබ්ලිව් දීලා කලු කොපි පොවලා බොරුවට මිනිස්සුන්ට පෙන්නනවා චන්දේ ලන් උනාම රනිලුයි මහින්දයි මෙව්වයි කියලා. රනිල් බලේට ආවම ඊට එහා, මහින්දට් ස්ටේජ් එකේ බැනලා ගෙහර ගිහින් කොල් කරලා ඩීල් දානවා. මෙවා බලන් කඩේ යන උන්ට ටෞකන්න දෙයියන්ගේම පිහිටයි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741

    UNP උන්ට ඕවා සුළු දේවල්.:yes:

    11707618_156406711357542_3348911257352650572_n.jpg

    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රනිල් මහබැන්කුවට හිරේ යන්නෙත් නැ. සුදු වැන් වලට ගොටා හිරේ යන්නෙත් නැ. දෙන්නට දෙන්න ඩීල් එක දාගෙන මිනිස්සුන්ගෙන් ආතල් ගන්නවා. මේ රටේ ඔය කියන දේවල් වෙනවනම් රනිල් මෙලහට හිර හත අටක ගිහින්, බටලන්දේ කේස් එකට. බටලන්ද, බටලන්ද කිය කිය චන්දේ කාලේ පවිත්‍රා තප්පුලැවට චන්ද්‍රිකා, මහින්ද දෙන්නම ආන්ඩු කරන කාලේ රනිල්ට ආන්ඩුවෙන් බීඇම්ඩබ්ලිව් දීලා කලු කොපි පොවලා බොරුවට මිනිස්සුන්ට පෙන්නනවා චන්දේ ලන් උනාම රනිලුයි මහින්දයි මෙව්වයි කියලා. රනිල් බලේට ආවම ඊට එහා, මහින්දට් ස්ටේජ් එකේ බැනලා ගෙහර ගිහින් කොල් කරලා ඩීල් දානවා. මෙවා බලන් කඩේ යන උන්ට ටෞකන්න දෙයියන්ගේම පිහිටයි.

    :yes::yes::yes::yes::yes:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    New prisons to be set up in Hambantota will be fully equipped with a gymnasium, indoor sports complex and better toilet facilities, a senior official said.

    The new prison complex will be constructed on a 58-acre plot of land in the Angunukolapelessa area in the Hambantota district. The Cabinet-approved prisons project is to commence next month and continue for 22 months. Stage I of the project is estimated to cost Rs 50 million and completed in two years.

    Prison Reforms and Rehabilitation Ministry Secretary, G.S. Vithanage told the Sunday Times that, once completed, the prison will house about 1,000 inmates with the majority being remand and convicted prisoners.

    “At present, the Tangalle prison is overcrowded with about 600 prisoners. All the prisoners in Tangalle will be relocated to the new prison complex. Plans are also afoot to shift some of the prisoners in Welikada and other prisons to the new prison,” he said.
    Prisons Dept Spokesman, Gamini Kulatunge said that the prisoners will also have communication facilities and new telephone booths with transparent glass barriers.

    Mr Kulathunga said that, there is no plan to shift all 3,000 Welikada inmates to Hambantota, but discussions are taking place regarding the re-location of Welikada prison.

    Last year, Cabinet approved Rs 96 million for the construction of two-storeyed buildings at Mahara and Watareka work camp, to accommodate prisoners from Welikada prison. The Welikada prison complex is situated on a 48 acres of land.

    “Most of the prisons built during British rule are situated in city centres. These are prime lands and economically valuable. It’s high time Welikada prison is shifted to a safer place, as re-location of thousands of prisoners is a hard task with high costs involved,” the Prisons Spokesman said.

    He added that, the 13-acre Bogambara prison in Kandy town has now been shifted to a well-located place, freeing the former area to the government for a more economical project.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    මම හිතුව ඔක්කොම ඔප්පු වෙලා තීන්දුයි අහවරයි කියල. :D ලංකා ඊ නිවුස් කියන්නේ නිකන්යැ

    සිරාවට :rolleyes::rolleyes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    දෙමල සහෝදරයෝ සහ දෙමල සහෝදරයන්ගේ ඊලාම් අයිතිය වෙනුවෙන් කතාකරපු පිටරටින් හම්බවෙච්ච සුලු පඩියට වෑඩකරපු මීඩියා උත්තමයෝ මරපු ආමි කාරයන්ව නම් එල්ලන්න ඕන.

    මෑදමුලනේ මෘඝයො සෙට් එක නොහිටින්න අදටත් අපි මේ රටේ සාමෙන් සහජීවනෙන් ඉන්නව.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ඕනම පරන ලේ පාරක් දිගේ ඇවිදගෙන ගියාම අන්තිමට නවතින්නේ රාජපක්ෂ කෙනෙක් ලඟ.:rofl:
    උබේ අම්මාගේ හනිමුන් එක දවසේ ගිය ලේ පාරත් නෑවතිලා තියෙන්නේ රාජපක්ශ කෙනෙක් ලග වෙන්න ඕන. :lol:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    රනිල් මහබැන්කුවට හිරේ යන්නෙත් නැ. සුදු වැන් වලට ගොටා හිරේ යන්නෙත් නැ. දෙන්නට දෙන්න ඩීල් එක දාගෙන මිනිස්සුන්ගෙන් ආතල් ගන්නවා. මේ රටේ ඔය කියන දේවල් වෙනවනම් රනිල් මෙලහට හිර හත අටක ගිහින්, බටලන්දේ කේස් එකට. බටලන්ද, බටලන්ද කිය කිය චන්දේ කාලේ පවිත්‍රා තප්පුලැවට චන්ද්‍රිකා, මහින්ද දෙන්නම ආන්ඩු කරන කාලේ රනිල්ට ආන්ඩුවෙන් බීඇම්ඩබ්ලිව් දීලා කලු කොපි පොවලා බොරුවට මිනිස්සුන්ට පෙන්නනවා චන්දේ ලන් උනාම රනිලුයි මහින්දයි මෙව්වයි කියලා. රනිල් බලේට ආවම ඊට එහා, මහින්දට් ස්ටේජ් එකේ බැනලා ගෙහර ගිහින් කොල් කරලා ඩීල් දානවා. මෙවා බලන් කඩේ යන උන්ට ටෞකන්න දෙයියන්ගේම පිහිටයි.

    onna oki kathaawa.. :D