ප්‍රසන්න රණවීර පිළිගන්න කොටසක් ඉන්නවා. ඡන්ද 70000කට එහා ගනිවී. ගිය සැරේ තරම් නැතිව අඩු වෙන්නේ මිරිස් කුඩු කේස් එක නිසා. නැත්නම් ෂුවර් එකට 2. මේ සැරේ ගම්පහ ඡන්ද සටනේ සාර්ථකම සංවිධානය ලංසා. දැනෙන හැටියට නම් ඉදිරියටම ඒවි. ප්‍රසන්න රණතුංග ගැන වෙනදා තිබ්බ ප්‍රසාදය දැනෙන්නම අඩුයි. එතනට නාලක ගොඩහේවා කිට්ටු කරාවි වගේ. අහන අහන හැමෝම ගොඩහේවා ගැන තමයි කියන්නේ. හැබැයි ගම් මට්ටමින් ලොකු සංවිධානයක් දකින්න දැනෙන්න නැති තරමි. සහන් ප්‍රදීප්, නලීන් ප්‍රනාන්දු කැපී පෙනෙන මට්ටමක ඉන්නවා. සුදර්ශනී මහත්මිය ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ නම නිසා මිසක් එච්චර උනන්දුවකින් කටයුතු කරන්නේ නැහැ වගේ. හැබැයි ඒ වාසිය කටානෙන් ආපු අනික් අයටත් එතරම් බලපෑමක් වෙන බවක් පෙනෙන්නට නැහැ. වත්තල සහ මීගමුව අලි සහ ටෙලිෆෝන් පටලැවිලේ වාසිය ලංසාට එයි. ජාඇල මෙරිල් කෙරෙහි තියෙන අප්‍රසාදය ප්‍රසාදයක් කරගෙන ලංසා සහ නලින් ප්‍රනාන්දු අතර බෙදෙනවා වගේම කවුරුත් නොසිතූ ප්‍රමාණයක් නාලක ගොඩහේවා අයිති කරගනිවී.
