2020 ලංකාව ISIS යටත් විජිතයක් වෙනවා

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    2020 ලංකාව ISIS යටත් විජිතයක් වෙනවා

    a8e80f5539fda3cfcc7ab42f76c04110_L.jpg

    ලොව බිහිවුණ ක්‍රෑරතම ත්‍රස්තවාදී සංවිධානයක් වන ISIS නොහොත් "ඉස්ලාමීය රාජ්‍යය" සංවිධානය, ඉදිරි වසර පහක කාලය ඇතුලත ලෝක වපසරියෙන් විශාල කොටසක් අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බව දැක්වෙන සිතියමක් BBC ලෝක සේවයේ වාර්තාකරුවෙකු වන Andrew Hosken විසින් හෙළිදරව් කර තිබේ.

    එමෙන්ම 2020 වන විට යටත් කරගන්නා භූමි ප්‍රදේශය දැක්වෙන එම සිතියමට ශ්‍රී ලංකාව ද ඇතුලත් වී ඇත‍.

    Andrew Hosken විසින් ලියූ "භීතියේ අධිරාජ්‍යය - ඉස්ලාමීය රාජ්‍යයේ ඇතුලාන්තය" (Empire of Fear: Inside the Islamic State) නමැති ඔහුගේ නවතම ග්‍රන්ථයෙහි මෙම බිහිසුණු ත්‍රස්ත සංවිධානයෙහි සම්භවය, ඔවුන්ගේ අරමුණු සහ ඔවුන් දැනට අත්පත් කරගෙන සිටින ස්ථානය ආදිය පිළිබඳ සවිස්තරාත්මකව වාර්තා කර ඇති අතර 2020 වන විට ඔවුන් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන භූමි ප්‍රදේශය දැක්වෙන සිතියම ද අන්තර්ගත කර තිබේ.

    මෙම සිතියමට අනුව ISIS ත්‍රස්තවාදීන් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන අති විශාල බිම්කොටසට දක්ෂිණ යුරෝපය ද අප්‍රිකාවේ විශාල කොටසක් ද මධ්‍යම හා දකුණු ආසියාව ද ඇතුලත් වේ.

    ISIS සංවිධානය, ඔවුන් වෙන් කර පෙන්වා ඇති බිම් ප්‍රමාණයට ඇතුලත් වන රටවල් කිහිපයකම දැනටමත් ප්‍රහාර දියත් කරමින් එම රාජ්‍යයන් අඩපණ කිරීම ආරම්භ කර ඇති බව පෙන්වා දෙන Andrew Hosken වැඩිදුරටත් විස්තර කරන්නේ ඔවුන් විසින් ලිබියාවේ සහ සෞදි අරාබියේ සිදු කළ ප්‍රහාරයන් මෙන්ම සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුකරමින් පසුගිය දා ටියුනීසියාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය ද ඊට සාක්ෂි සපයන බව යි. එමෙන්ම ISIS ත්‍රස්තවාදීන් දැනටමත් ඇෆ්ගනිස්ථානය දක්වා ව්‍යාප්ත වී ඇති බව ද Andrew Hosken සඳහන් කර ඇත.

    මෙවන් පසුබිමක් තුළ පසුගිය දා සිරියාවේ දී ප්‍රහාරයකට ලක්ව ලාංකික ISIS ත්‍රස්තවාදියෙකු මියයාමේ සිදුවීමක් ද වාර්තා වීම මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බව සපථ කරන්නකි.

    ශ්‍රී ලංකාව තුළ ISIS සංවිධානය ක්‍රියාත්මක වීමේ අවධානමක් ඇත්දැයි සිදු කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්ත උවදුරු පිළිබඳව පොලිස් සහ බුද්ධි අංශ නිළධාරීන් නිරන්තර අවධානයෙන් සිටින බවත්, එවැන්නක් පිළිබඳ ක්‍රියාත්මක වීම සඳහා පොලීසිය සහ ආරක්ෂක අංශ සීරුවෙන් සිටින බවත් ය.

    පහතින් දැක්වෙන්නේ ISIS සංවිධානය විසින් 2020 දී අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වේ යැයි පැවසෙන භූමි කොටස සහ රටවල් මොනවා දැයි දැක්වෙන සිතියම් දෙකකි.


     
    • Like
    Reactions: abler

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :P ISIS ට යන එන මං නැතිවෙනවා තව දවස් ටිකකින් :lol:
    Bin laden මැරුව Us වලට ඕක මොකද්ද.. :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :P ISIS ට යන එන මං නැතිවෙනවා තව දවස් ටිකකින් :lol:
    Bin laden මැරුව Us වලට ඕක මොකද්ද.. :P

    Un ne ban oka hadanna mul une :sorry: okunge soldier la neda oya ISIS eka run karanne...dan nawatthanna amarui ban...un sahenna strong wela inne...api nodannawata unuth okata support athi..US walata attack karoth un bahiwi gemata...nattam okunta wadak na apita hena gahuwath...

    mechara dewal karalath balapanko kata piyan inna hati :sorry:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අප්පච්චි සමග නැගිටිමු ISIS පලවා හරිමු. :cool:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හෙට අනිද්ද මුන් කියයිද දන්නෑ තජුඩීන් ISIS එකෙක් නිසා අප්පොච්චි ඌව මරලා පිච්චුවා කියලා ත්‍රස්ථවාදයෙන් රට මුදාගන්න..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හෙට අනිද්ද මුන් කියයිද දන්නෑ තජුඩීන් ISIS එකෙක් නිසා අප්පොච්චි ඌව මරලා පිච්චුවා කියලා ත්‍රස්ථවාදයෙන් රට මුදාගන්න..

    ඔහොම එකක් කිරියේ සොන්නයෙක් දාලා තිබ්බද කොහෙද බං. :lol::lol:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Un ne ban oka hadanna mul une :sorry: okunge soldier la neda oya ISIS eka run karanne...dan nawatthanna amarui ban...un sahenna strong wela inne...api nodannawata unuth okata support athi..US walata attack karoth un bahiwi gemata...nattam okunta wadak na apita hena gahuwath...

    mechara dewal karalath balapanko kata piyan inna hati :sorry:

    වෙන්න ඇති බං.. එත් US විතරක් නෙවේ නේ ඉන්නේ.. Russia එහෙම ;)
    උබ අර Kurdish female soldier දැක්කද ISIS 100ක් මරපු. :cool:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඔහොම එකක් කිරියේ සොන්නයෙක් දාලා තිබ්බද කොහෙද බං. :lol::lol:

    බයියො මරු බං.. මරු කතා කියන්නේ.. උන්ගේ පෝස්ට් කියවලා මම මාර විදිහට හිනා වෙලා සතුටින් ඉන්නවා මේ ටිකේ..

    :lol::lol::lol::lol::lol::lol: