ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් බිහිකෙරුණු වියත්මග සංවිධානය විසින් මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් නිල වශයෙන් නම්කර තිබේ.
එම සංවිධානයෙහි නිල ෆේස්බුක් පිටුවෙහි දක්වා ඇත්තේ එම සංවිධානයෙහි විධායක සභිකයින් තිදෙනෙක්, දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් තිදෙනෙක් සහ සාමාජිකයින් තිදෙනෙක් පමණක් මහමැතිවරණයට එම සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගවදින බවයි.
ඊට අමතරව තවත් විධායක සභිකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කර ඇති බව ද එම සටහනෙහි දැක්වේ.