
සිම්බාවේ ගිය කාන්තා ක‍්‍රිකට් පිලේ 07 දෙනෙකුට කොරෝනා… සිම්බාවේ සිට ලංකාවට පැමිණීම තහනම්..
සිම්බාබ්වේ හි පැවති අයිසීසී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන් ඇතුළු කණ්ඩායමේ හත් දෙනෙකු කොරෝනා ආසාදිත යයි හෙලිව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව තහවුරු කළේය.
සිම්බාවේ ඔමික්‍රොන් ලෙස නම් කර ඇති නව කොරෝනා ප‍්‍රභේදය ආසාදිතයන් හදුනාගත් රටවලින් එකක් වන අතර එරට සිට කිසිවෙකුට ශ‍්‍රී ලංකාවට අතුළු වීම තහනම් කර තිබේ.
ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් අදාල තරගාවලියද මේ වන විට අත්හිටුවා ඇත.